...

නවතම ලිපි

Elon Muskගේ 14 වෙනි දරුවාට Neuralink නිලධාරිනියක විසින් උපත ලබා දෙයි

ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික Elon Musk සහ Neuralink සමාගමේ නිලධාරිනි Shivon Zilis තවත් පුතෙකුට උපත දී ඇත. Seldon Lycurgus ලෙස මෙම දරුවාට නම ලබා දීමට ඔවුන් දෙදෙනා කටයුතු කර ඇත.

Shivon Zilis සිය X ගිණුම හරහා පණිවිඩයක් පළ කරමින්, ඔවුන්ගේ දියණිය Arcadiaගේ උපන්දිනය සැමරීමේදී මෙම අවස්ථාවද ප්‍රකාශයට පත් කර ඇත.

නව දරුවා උපත ලැබූ දිනය ගැන නිශ්චිතව සදහන් නොකර සිටියද, Seldon Lycurgus “ශක්තිමත් ශරීරයකුත්, උණුසුම් සිතක් සහිත පුතෙකුත්” බව Shivon Zilis සඳහන් කර ඇත.

මෙම අලුත උපන් දරුවා Elon Musk සහ Shivon Zilis අතර උපන් හතර වන දරුවා වේ. Arcadia ඇතුළු තවත් දරුවන් තුන්දෙනෙක්ද ඔවුන්ට ඇති අතර, කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් Elon Muskට දරුවන් 14 දෙනෙකු මේ වන විට ඇත.

මෙම නිවේදනය ප්‍රසිද්ධියට පත් වීමට මදක් කලින් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය පරිශීලිකාවක් වන Ashley St Clairටද Elon Musk සමඟ දරුවෙකු ලැබ ඇතැයි වාර්තා විය.

Elon Musk මීට පෙර බොහෝවිට ලෝකයේ ජනගහනය වැඩි කර ගැනීමේ වැදගත්කම ගැන කතා කර තිබේ. ඔහු ජනගහනය වැඩි නොවන්නේ නම් මිනිස් වර්ගයාට අනාගතයේදී ප්‍රශ්න ඇති වේ යැයිද සඳහන් කර ඇත.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.