...
Business idea

නවතම ලිපි

ඔයාගේම Business එකක් පටන් ගන්න ලෑස්තිද? 2025ට ගැලපෙන Online, Freelance, Home-based Business Ideas 70ක් මේ Article එකෙන් හොයාගන්න.

2025දී පටන් ගන්න පුළුවන් සුපිරි Business Idea 70ක්!

හොඳම Business Idea එකක් තෝරගන්නේ කොහොමද?

ඔයාට හොඳම business idea එක තෝරගන්න උදව් වෙන tips ටිකක් මෙන්න.

ඔයාගේ skills සහ හැකියාවන් ගැන හිතන්න:

ඔයාට දැනටමත් CPA license එකක් තියෙනවා නම්, freelance accountant කෙනෙක් විදිහට වැඩ කරන එක පහසුයි. ඔයාට ලියන්න පුළුවන් නම් editorial services ගැන හිතන්න.

 

Business එකේ goals තීරණය කරන්න:

ඔයා full-time job එක අතඇරලාම මේ business එකට බහිනවද? නැත්නම් part-time අමතර ආදායමක් විදිහටද මේක කරන්නේ?

 

Capital Cost ගැන හිතන්න:

Startup එකට මොනවා හරි equipment ගන්න වෙනවද? Employeesලා ගන්න ප්ලෑන් එකක් තියෙනවද? පටන් ගන්න කලින්ම හොඳ business plan එකක් හදාගන්න එක වැදගත්.

 

Location එක ගැන හොයලා බලන්න:

Boat cleaning business එකක් නම් වෙරළබඩ ප්‍රදේශයකදී සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි. ඔයා ඉන්න පළාතේ දැනටමත් මේ වගේ businesses කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන එක වැදගත්.

 

Onlineද, එතනටම ගිහින්ද?:

මේ digital යුගයේ laptop එකකින් විතරක් business පටන් ගන්න පුළුවන්. ඒත් හැමෝම ඒකට කැමති නැහැ. ඔයාට මිනිස්සු එක්ක කතා කරලා connect වෙන්න ආස නම්, ඒ වගේ business එකක් තෝරගන්න.

 

Money & Business Services

සල්ලි සහ ආයෝජන ගැන ඔයාට හොඳ දැනුමක් තියෙනවා නම්, මේ වගේ business idea කිහිපය ඔයාට ගැලපෙයි.

1. Accounting & Tax Services

Accounting ගැන දන්න අයට freelance විදිහට tax ප්‍රශ්න, business plans වගේ දේවල් වලට උපදෙස් දෙන්න පුළුවන්. CPA license එකක් තියෙනවා නම් හොඳම ආදායමක් ගන්න පුළුවන්.

 

2. Business Consulting

නව ව්‍යාපාර වලට business plan හදන්න, market research කරන්න, management structures හදාගන්න උදව් කරන්න පුළුවන්.

 

3. Financial Planning

මිනිස්සුන්ට එයාලගේ සල්ලි invest කරන්න, ඉතුරුම් ප්ලෑන් කරන්න උදව් කරන්න පුළුවන්. Certified Financial Planner (CFP) certificate එකක් ගන්න එක ගොඩක් වැදගත්.

 

4. Buying a Franchise

Franchise එකක් ගත්තම ඔප්පු කරපු business model එකක්, හොඳ brand support එකක් සහ marketing අදහස් ලැබෙනවා.

 

5. Notary Public Services

Legal documents වලට notary seal එකක් අවශ්‍ය වෙනවා. මේක කරන්න license එකක් අවශ්‍යයි.

 

ඇඟට මහන්සි දාලා කරන Business Idea

ඔයාට ශාරීරිකව වැඩ කරන්න ආස නම්, මේ වගේ business එකක් පටන් ගන්න පුළුවන්.

6. General Construction

ඔයාට construction ගැන දැනුම තියෙනවා නම්, තනියමම handyman business එකක් පටන් ගන්න පුළුවන්.

 

7. Landscaping

තණකොළ කපන එක, කොළ අයින් කරන එක වගේ services වලින්ම පටන් අරගෙන, පස්සේ irrigation systems හයි කරන එක වගේ වැඩ වලට expand වෙන්න පුළුවන්.

 

8. House Painting

ගෙවල් paint කරන එක profitable business idea එකක්. මුලින්ම paint කරන්නේ කොහොමද කියලා ඉගෙනගෙන, ඉන්පස්සේ online ads දාලා පටන් ගන්න පුළුවන්.

 

9. Carpentry

Carpentry වලට හොඳ demand එකක් තියෙනවා. Cabinets, tables, shelves වගේ ගෙවල්වල වැඩවලට හොඳ ගණන් ගන්න පුළුවන්.

 

10. Electrical Work

Electrician කෙනෙක් වෙන්න course, training කරන්න වෙනවා. හැබැයි වැඩ නම් කවදාවත් අඩු වෙන්නේ නැහැ.

 

11. Moving Services

මිනිස්සු ගෙවල් මාරු කරනකොට බඩු අදින්න කෙනෙක් හොයනවා. මේක part-time business එකක් විදිහට වුනත් කරන්න පුළුවන්.

 

Creative Business Ideas

Creative විදිහට හිතන්න පුළුවන් ඔයාට මේ වගේ business එකක් ගොඩක් fun වෙයි.

12. Content & Editorial Work

ඕනෑම business එකකට හොඳ writersලා සහ editorsලා ඕනේ. Freelance writer කෙනෙක් විදිහට marketing, news, book publishing වගේ ක්ෂේත්‍රවල clientsලා හොයාගන්න පුළුවන්.

 

13. Graphic Design

Logos, fliers, newsletters වගේ නිර්මාණ වලට graphic designersලා හොයනවා. Online ads වලටත් මේක ගොඩක් වැදගත්.

 

14. Web Development

Coding courses කරලා website හදන්න ඉගෙනගත්තම හොඳට සල්ලි හොයන්න පුළුවන්. E-commerce websites, landing pages වගේ දේවල් හදන්න small businesses පවා ඔයාගේ service එක පාවිච්චි කරයි.

 

15. Marketing or Public Relations Agency

සෑම business එකකටම හොඳ marketing plan එකක් ඕනේ. ඔයාට හොඳ strategies හදලා clientsලාට උදව් කරන්න පුළුවන්.

 

16. Photography

Photographer කෙනෙක් විදිහට business එකක් පටන් ගත්තම විවිධ දේවල්වලට specialist වෙන්න පුළුවන්. Wedding photos, profile photos, news photos වගේ දේවල් කරන්න පුළුවන්.

 

17. Videography

ඔයාට camera එකෙන් හොඳට වැඩ කරන්නත් videos edit කරන්නත් පුළුවන් නම්, organizations වලට, weddings වලට, events වලට video හදලා දෙන්න පුළුවන්.

 

18. Audio Editing

අද audio storytelling කියන එක ගොඩක් ජනප්‍රියයි. Podcast shows හදන අයට audio edit කරන්න උදව් කරන්න පුළුවන්.

 

19. Social Media Management

බොහෝ businesses වලට තමන්ගේ social media page එක manage කරගන්න බැරිව යනවා. ඔයාට අලුත් ideas තියෙනවා නම්, copy ලියන්න පුළුවන් නම්, මේක ඔයාට හොඳ business එකක්.

 

20. Art

කලා නිර්මාණ කරන එක ඔයාගේ hobby එකක් නම්, ඒකෙන් සල්ලි හොයන්න පුළුවන්. Etsy වගේ online marketplaces වල ඔයාගේ art work විකුණන්න පුළුවන්.

 

21. Music Lessons

ඔයාට music උගන්වන්න පුළුවන් නම්, ඒකෙන් හොඳ සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්.

 

22. YouTube Channel එකක් පටන් ගන්න

YouTube channel එකකින් සල්ලි හොයන්න ගොඩක් විදි තියෙනවා. Ad revenue, sponsored content, merchandise වගේ දේවල් වලින් සල්ලි හොයන්න පුළුවන්.

 

23. Online Course එකක් හදන්න

ඔයාට යම් ක්ෂේත්‍රයක හොඳ expert දැනුමක් තියෙනවා නම්, online course එකක් හදලා ඒකෙන් සල්ලි හොයන්න පුළුවන්.

 

24. E-book එකක් ලියන්න

Online course එකක් වගේමයි, මේකෙදි අවසාන product එක e-book එකක්. Amazon KDP වගේ platform එකක පොත publish කරන්න පුළුවන්.

 

25. TikTok Creator කෙනෙක් වෙන්න

TikTok එකෙන් සල්ලි එන ගාන රඳා පවතින්නේ ඔයාගේ followersලා ප්‍රමාණය සහ engagement එක මත.

 

Repair & Maintenance Business idea

26. Mechanic Shop

ඔයාට වාහන ගැන හොඳ දැනුමක් තියෙනවා නම්, repair shop එකක් පටන් ගන්න පුළුවන්. Training එකක් සහ certification එකක් ගත්තම clientsලා ඔයා ගැන විශ්වාස කරනවා.

 

27. Appliance Repair

ගෙදර තියෙන උපකරණ නිතරම කැඩෙනවා. ඒ නිසා මේ වැඩේට කවදාවත් demand එක අඩු වෙන්නේ නැහැ.

 

28. Bicycle Repair

බයිසිකල් වලට හොඳ අලුත්වැඩියාවක් ඕනේ වෙනවා. මේක seasonal business එකක් වෙන්න පුළුවන්.

 

29. Boat Cleaning

බෝට්ටු හිමියන්ට මෙය හොඳ service එකක්. ලොකු වියදමක් නැතුව මේ business එක පටන් ගන්න පුළුවන්.

 

30. Car Cleaning & Detailing

Car cleaning සහ detailing කියන්නේ හොඳ business idea එකක්. පොඩි වියදමකින් අවශ්‍ය දේවල් අරගෙන මේ business එක පටන් ගන්න පුළුවන්.

 

31. Electronics Repair

ඔයාට laptops, TVs, tablets වගේ දේවල් repair කරන්න පුළුවන් නම් මේක හොඳ business එකක්.

 

32. Furniture Restoration

පරණ furniture අලුත් වැඩියා කරලා හොඳ ගානකට විකුණන්න පුළුවන්.

 

33. Rug Cleaning

ගෙදර තියෙන කාපට් පිරිසිදු කරන්න බොහෝ දෙනෙකුට කාලයක් නැහැ. ඒ නිසා මේකට හොඳ demand එකක් තියෙනවා.

 

34. Jewelry Making & Repair

රත්තරන්, ප්ලැටිනම්, glass වගේ ද්‍රව්‍ය වලින් jewelry හදන්න, repair කරන්න පුළුවන් නම් හොඳ business එකක්.

 

Property & Real Estate Business idea

35. Real Estate

ගෙවල් ගන්න, විකුණන්න හැමෝටම විශ්වාසවන්ත real estate agent කෙනෙක් ඕනේ. මේකට license එකක් ගන්න ඕනේ.

 

36. Property Management

ඔයාගේම properties තියෙනවා නම් ඒවා manage කරන්න පුළුවන්. නැත්නම් අනුන්ගේ දේපල manage කරන එක service එකක් විදිහට කරන්න පුළුවන්.

 

37. Cleaning Service

ඔයාට කැමති පැය ගානක වැඩ කරන්න පුළුවන්. Office, restaurant, ගෙවල් වගේ ඕනෑම දෙයක් පිරිසිදු කරන්න පුළුවන්.

 

38. Professional Organizing

දේවල් පිළිවෙලට තියන එක හැමෝටම බැහැ. මේක ඔයාට හොඳට කරන්න පුළුවන් නම්, ගෙවල්වල සහ offices වල දේවල් පිළිවෙලට හදලා දීලා සල්ලි හොයන්න පුළුවන්.

 

39. Home Inspection

මේකට හොඳටම දැනුම තියෙන්න ඕනේ. Inspection එකෙන් පස්සේ report එකක් දෙන්න වෙනවා.

 

40. Home Energy Auditing

ගෙවල්වල utility bill එක අඩු කරගන්න උදව් කරන්න පුළුවන්. Solar panels වගේ දේවල් ගැන දැනුම තියාගන්න එක ගොඩක් වැදගත්.

 

41. Interior Decorating

ගෙවල් ඇතුළත අලංකාර කරන්න දන්නවා නම් contractorsලා එක්ක වැඩ කරන්න පුළුවන්.

 

Planning & Coaching Business idea

42. Event Planning

Event planner කෙනෙක් විදිහට birthday parties, corporate events වගේ දේවල් plan කරලා දීලා හොඳට සල්ලි හොයන්න පුළුවන්.

 

43. Wedding Planning

Wedding planner කෙනෙක් වෙන්න trends ගැන, wedding dresses ගැන, මල් ගැන වගේ හැම දෙයක් ගැනම හොඳට දැනගන්න ඕනේ.

 

44. Vacation Planning

ඔයාට හොඳට travel plan කරන්න පුළුවන් නම්, මිනිස්සුන්ට ලෝකෙ වටේ යන්න plans හදලා දෙන්න පුළුවන්.

 

45. Private Coaching

Golf, tennis, baseball වගේ ක්‍රීඩාවකදී ඔයා හොඳට දන්නවා නම්, private trainer කෙනෙක් වෙලා අනිත් අයට ඒක උගන්වන්න පුළුවන්.

 

46. Personal Training

Fitness ගැන සැලකිලිමත් වෙන අයට personal trainer කෙනෙක් විදිහට උදව් කරන්න පුළුවන්. හොඳ certification එකක් ගත්තම ඔයාට හොඳ clientsලා සෙට් එකක් හදාගන්න පුළුවන්.

 

47. Nutritional Advising

මිනිස්සුන්ට සෞඛ්‍ය සම්පන්නව කන්නේ බොන්නේ කොහොමද කියලා nutritionist කෙනෙක් විදිහට කියලා දෙන්න පුළුවන්.

 

48. Life Coaching

මිනිස්සුන්ට එයාලගේ personal problems වලට විසඳුම් හොයාගන්න උදව් කරන්න පුළුවන්.

 

49. Career Coaching

Career coach කෙනෙක් විදිහට jobs හොයන අයට, career path එකක් plan කරන අයට උදව් කරන්න පුළුවන්.

 

50. Tutoring

ඔයාට හොඳට උගන්වන්න පුළුවන් නම්, tutor කෙනෙක් වෙලා හොඳ ආදායමක් හොයන්න පුළුවන්.

 

51. Paid Membership Business

ඔයාගේ දැනුම සල්ලි බවට හරවන්න පුළුවන්. ඔයාගේම exclusive content එකට සල්ලි අය කරලා මාසෙන් මාසේ ආදායම් ගන්න පුළුවන්.

 

Hospitality Business Idea

52. Private Chef Service

Restaurants වල වැඩ කරලා experience තියෙනවා නම්, private chef කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්.

 

53. Bed and Breakfast / Airbnb

ඔයාගේ ගෙදර හොඳ room එකක් තියෙනවා නම්, නැත්නම් tourist පැත්තක පොඩි ඉඩමක් තියෙනවා නම් ඒක Airbnb එකක් විදිහට දාලා සල්ලි හොයන්න පුළුවන්.

 

54. Catering

විශාල events වලට catering services දෙන්න පුළුවන්. මේකට හොඳ project සහ personnel management skills තියෙන්න ඕනේ.

 

55. Food Truck

Restaurant එකක් නැතුව food විකුණන්න ආසද? එහෙනම් food truck එකක් පටන් ගත්තම festivals, community events වගේ තැන්වල වැඩ කරන්න පුළුවන්.

 

56. Brewery

ඔයාටම brewery එකක් පටන් ගන්න ඕනේද? මේකට brewing sciences ගැන training අරගෙන competitive market එක ගැන හොයලා බලන්න වෙනවා. ලංකාවෙනම් මේක ටිකක් හොයල බලලා කරන්න ඕන දෙයක්. හැමෝටම ලයිසන්ස් දෙන්නෙ නෑ.

 

වෙනත් Small Business Idea

57. Dog Walking
ඔයාට flexible schedule එකක් තියෙනවා නම්, dog walker කෙනෙක් විදිහට හොඳ ආදායමක් ගන්න පුළුවන්.

 

58. Pet Sitting or Boarding
මිනිස්සු ගමන් යනකොට එයාලගේ petsලා අතහැරලා යනවා. ඔයාට petsලාට personal service එකක් දීලා හොඳට සල්ලි හොයන්න පුළුවන්.

 

59. Pet Grooming
සතුන්ව පිරිසිදු කරන්න, groom කරන්න බොහෝ අයට බැහැ. ඒ නිසා මේකට හොඳ market එකක් තියෙනවා.

 

60. At-Home Daycare
ළමයි බලාගන්න demand එක ගොඩක් වැඩියි. Home-based childcare business එකක් පටන් ගත්තම ගොඩක් දෙමාපියෝ කැමති වෙයි.

 

61. Making Gift Baskets
Gift basket business එකට හොඳ niche එකක් හොයාගන්න. බල්ලන්ට ආස අය, අශ්වයන්ට ආස අය වගේ target audience එකකට baskets හදන්න පුළුවන්.

 

62. Hair Styling / Barber Shop
Hair styling කියන්නේ ජනප්‍රිය business idea එකක්. මේකට හොඳ skills සහ online presence එකක් තියෙන්න ඕනේ.

 

63. Nail Technician
Nail styling කරන්න cosmetology school යන්න වෙනවා. ඊට පස්සේ තනියමම shop එකක් පටන් ගන්න පුළුවන්.

 

64. Massage Therapist
Massage therapy එකක් සාර්ථක business එකක් වෙන්න පුළුවන්. මේකට අනිවාරෙන්ම education සහ training ගන්න වෙනවා.

 

65. Storage Facility
මිනිස්සු ගෙවල්වල තියාගන්න බැරි දේවල් store කරන්න තැනක් හොයනවා. Vehicles, boats, trailers වගේ දේවල් store කරන්න පුළුවන්.

 

66. Independent Car Service / Ride-Sharing Driver
Uber සහ Pickme වගේ companies වලට වැඩ කරනකොට ඔයාගේ wage එකෙන් percentage එකක් එයාලට යනවා. ඒ වෙනුවට private driver කෙනෙක් වෙන්න පුළුවන්.

 

67. Online Reselling Business
Daraz, eBay, Facebook Marketplace වගේ තැන්වල හොඳ බඩු හොයලා විකුණලා profit ගන්න පුළුවන්.

 

68. Interpreting or Translating Services
ඔයාට භාෂා කීපයක් පුළුවන් නම්, certified වෙලා translator කෙනෙක් වෙන්න පුළුවන්.

 

69. Affiliate Marketing
Affiliate marketing කියන්නේ වෙනත් company එකක products හෝ services promote කරලා commission එකක් ගන්න එක.

 

70. Dropshipping
Dropshipping කියන්නේ තොගයක් තියාගන්නේ නැතුව products marketing කරලා විකුණන එක. Supplier කෙනෙක් products directම customerට යවනවා. මේක low profit margin එකක් වුණාට limited funds වලින් පටන් ගන්න පුළුවන්.

 

මේ checklist එක ඔයාගේ business එක පටන් ගන්න ගොඩක් උදව් වෙයි.

1. Business Plan එකක් හදන්න

ඔයාගේ business එකේ goals, strategies, market analysis, operational structure වගේ දේවල් එක්ක detailed business plan එකක් හදන්න.

 

2. Legal Structure එක තීරණය කරන්න

ඔයාගේ business එකට ගැලපෙන නීතිමය ව්‍යුහය (sole proprietorship, LLC, partnership, corporation) තෝරගෙන ලියාපදිංචි වෙන්න.

 

3. Finances වෙන් කරලා තියාගන්න

ඔයාගේ පුද්ගලික bank account එකයි business bank account එකයි වෙන් කරලා තියාගන්න.

 

4. Operational Needs ප්ලෑන් කරන්න

Staff, location, equipment, software වගේ ඔයාගේ business එකේ වැඩ කරන්න අවශ්‍ය දේවල් plan කරන්න.

 

5. Brand & Marketing Strategy එකක් හදන්න

Social media platforms, affiliate marketing හෝ SEO හරහා ඔයාගේ brand එක හදන්නේ කොහොමද කියලා marketing plan එකක් සකස් කරන්න.

 

6. නීතියට අනුකූලව වැඩ කරන්න

අවශ්‍ය licenses, permits අරගෙන අදාළ නීතිවලට අනුව වැඩ කරන්න.

 

7. Support Network එකක් හදන්න

Mentors, advisors, වගේ network එකක් හදාගන්න. එයාලගෙන් ඔයාට ගොඩක් හොඳ උපදෙස් ගන්න පුළුවන්.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.