...

නවතම ලිපි

සික්ස්පැක් Season 3 ආදරවන්තයන්ගේ දිනය දා සිට Youtube අවකාශයට

මීට පෙර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ Season 2ක් දක්වා විකාශය වූ ජනප්‍රිය ටෙලිනාට්‍ය මාලාවක් වන Sixpacහි මීළඟ අදියර Sixpac Season 3 යූ ටියුබ් ඔස්සේ පමණක් ප්‍රේක්ෂකයාට නැරඹිය හැකිය.

එය පෙබරවාරි 14 සිට SGM Live You tube නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.

කැළුම් ශ්‍රී, සංගීත් ප්‍රභූ, තරින්දි ප්‍රනාන්දු, තිළිණි ජයමාලි, චානුක ප්‍රබුද්ධ, ධනංජි තාරුකා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ. සික්ස්පැක් ටෙලිනාට්‍යය අසංක සායක්කාර තිරරචනය කරමින් අධ්‍යක්ෂණය කරන අතර මෙහි කතා සංකල්පය හා නිෂ්පාදනය ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් විසිනි.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.