...

නවතම ලිපි

ශ්‍රී ලාංකීය YouTube ඉතිහාස‍යේ මිලියන 10ක පිරිසක් එකතු කරගත් ප්‍රථම චැනලය

අද වගේම ඊයේද, හෙටද රසවත් ආහාර වේලක රස බැලීමට ආදරය කරන අය බොහෝමයි.

පෙර තිබූ “ඉවුම් පිහුම් කාර්යය කාන්තාවන්ගේමයි” යන සම්මතය බිඳ හෙලමින්, චරිත් නිපුන් සිල්වා සිය විශේෂිත ආහාර පිළියෙල කිරීමේ හැකියාව, ඩිජිටල් අවකාශය තුළින් ලොවටම හෙළි කළා. ඔහු YouTube තුලින් මේ ගමන ඇරඹුවේ Wild CookBook නමින්.

චරිත්ගේ YouTube චැනලය අද මිලියන ගණන් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගෙන විශාල ජනප්‍රියත්වයකට පත් වී තිබේ. ලංකාවේ YouTube ඉතිහාසයම වෙනස් කිරීමට ඔහු සමත් වීම විශේෂත්වයකි.

ඔහු ලක්ෂ 100ක (මිලියන 10ක) Subscribe පිරිසක් ලබාගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button හිමිකරු බවට පත්වී ඇත. මෙය ලංකාවේ YouTube සංස්කෘතියේ නව මඟක් පිහිටුවූ සන්ධානයක් ලෙස සැලකිය හැක.

චරිත් YouTube තුළ Cooking Entertainment යන කාණ්ඩය තුළ තමන්ගේම අද්විතීය විලාසිතාවක් නිර්මාණය කරමින්, විශේෂයෙන් ලංකාවේම නොව ලොව පුරාම ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත.

ඔහුගේ අතිවිශිෂ්ට ගමනට අපගේ සුභ පැතුම්

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.