මේෂ – අලුත් ඥාති සබඳතා
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. අලුත් ඥාති සබඳතා ඇතිකරන සතියකි. සතිය මැද කාලයේදී හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදාකරයි. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු සිදු කරයි. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලටද අත ගැසීමට අවස්ථාව උදාකරන බවක් පෙනේ. උෂ්ණාධික රෝගයකින් පීඩා අත් කරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරන කාලයකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.
අය 06 වැය 07, ජය අංකය – 02
ජය වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා
වෘෂභ – හදිසි තීරණ
ළඟම හිතවත් අයකු සමඟ ඇතිවන සිත් අමනාපයක් දුරදිග යයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් අත් කරයි. අලංකාරයට, විනෝදයට කැමැති කාලයකි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලටද හේතු සැලසේ. ආහාරපාන, ඉවුම් පිහුම් කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි. ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 03, ජය අංකය – 09
ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා
මිථුන – උසස් අයගේ ඇසුරට
අලුත් බලාපොරොත්තු ඇති කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. කැපී පෙනීමට, කීර්තියට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. පාලක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
අය 07 වැය 04, ජය අංකය – 04
ජය වර්ණය – ළාදම්, සුබ දවස – ඉරිදා
කටක – අමතර වාසි
උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු කිරීමට සිදුවෙයි. අමතර වියදම් බහුල කරන කටයුතු කිහිපයක් යෙදේ. පවුලේ සමගියට බාධා ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථා උදා කරයි. අලුත් දැන හැඳුණුම්කම්වලට කරුණු උදා කරයි. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර වාසි ගෙනදෙන කාලයකි. වරින්වර සෙම් දෝෂ, උගුර සම්බන්ධ ආබාධ මතුවීමට ඉඩ ඇත. එමෙන්ම රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.
අය 07 වැය 04, ජය අංකය – 04
ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා
සිංහ – හදිසි ලැබීම්
තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවේ.හදිසි ලැබීම් හිමි වුවත් වියදම් බහුල කරයි. රැකියාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් ගැනීමට සිදුවෙයි. සුළු සුළු ලාභ හිමිකරන ස්වයංරැකියා මාර්ගවලට හේතු ඇති කරයි. නිතර නිතර ඇතිවන උදාසීන ගති, අතේ පයේ ඇතිවන හිරි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 06, ජය අංකය – 09
ජය වර්ණය – කොළ, සුබ දවස – ඉරිදා
කන්‍යා – විශ්වාසවන්ත බැඳීමක්
පවුලේ පැවැති ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. තැන තැන ඇවිදිලි වැඩිකරන සතියකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු සැලසෙන සතියකි. රැකියාවේ කටයුතු කෙරෙහි පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. මූත්‍ර අමාරු, ගර්භාෂගත ආබාධ වරින්වර මතුවීමට ඉඩ ඇත. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.
අය 06 වැය 06, ජය අංකය – 04
ජය වර්ණය – කහ, සුබ දවස – සිකුරාදා
තුලා – දරුලාභ
පිරිසුදුකමට අලංකාරයට කැමැති කාලයකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. රැකියා ස්ථානයේ අය අතර කැපී පෙනෙන කාලයකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කරුණු කීපයක් සිදු කරයි. නින්ද යාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි.
අය 07 වැය 05, ජය අංකය – 04
ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සඳුදා
වෘශ්චික – හවුල් ව්‍යාපාර
පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වාහන ගනුදෙනුවකට කටයුතු සැලසුමක් ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසේ. පිනට දහමට ළැදි කාලයකි. විශේෂ හිතවත්කමකට කටයුතු උදා කරයි. රැකියාවේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. හවුල් ව්‍යාපාරයකට අතගසන කාලයකි. වරින්වර උරහිස සම්බන්ධ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. චර්මගත ආබාධයක් හේතුවෙන්ද පීඩාගෙන දෙන සතියකි.
අය 08 වැය 06, ජය අංකය – 02
ජය වර්ණය – කොළ, සුබ දවස – ඉරිදා
ධනු – තනතුරු හා ස්ථාන වෙනස්කම්
දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. විදෙස් ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. සහෝදරයකුගේ කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ තනතුරු හා ස්ථාන වෙනස්කම් බලාපොරොත්තුවන අයට සුබදායකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04, ජය අංකය – 09
ජය වර්ණය – තැඹිලි, සුබ දවස – බ්‍රහස්පතින්දා
මකර – මංගල යෝජනා
පවුලේ අය සමඟ දුරගමනකට සැලසුමක් ඇති කරයි. එහෙත් දේපළ උරුමහිමිකමකට බාධා ඇති කරයි.සහෝදර සහෝදරියන් සමඟ එකමුතුව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටු කරයි. රැකියා ස්ථානයේ කැපී පෙනෙන කාලයකි. මෙතෙක් අවහිරතා ඇතිකළ රැකියා ස්ථානයේ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම යහපත් කරයි. ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 05, ජය අංකය – 07
ජය වර්ණය – දම්, සුබ දවස – සඳුදා
කුම්භ – ලියකියවිලි සම්බන්ධ ගැටලු
අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වීමට සිදුවන කාලයකි. සිතේ චංචල ගතිය නිසා තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට කැමැත්තක් දක්වයි. ලියකියවිලි සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. වෙනදාට රැකියාවේ වගකීම් වැඩිකරන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් කරන සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට යොමුවන කාලයකි. දණහිස සම්බන්ධ ආබාධයකට ද ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04, ජය අංකය – 02
ජය වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා
මීන – තනතුරු ලාභ
තරමක කලබලකාරී ගතිපැවතුම් ඇති කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කිහිපයක් ගැනීමට සිදුවේ. නිලතල දැරීමට සිදුවන කාලයකි. පැවැති ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ දතක අමාරුවක් නැවත මතු කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
අය 06 වැය 05, ජය අංකය – 04
ජය වර්ණය – කොළ, සුබ දවස – සඳුදා
නෙරංජන් ආධිත්‍ය
070 2050 707
ඉරහඳ