සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
මේෂ ලග්නය
මේෂ ලග්න හිමි ඔබට මේ සතියේ තරමක් කම්මැලි, නිදිමත ගතියක් දැනෙන්න පුළුවන්. මෙතෙක් කරගෙන ආපු වැඩකටයුත්තක් වෙනස් කරන්න සිදුවෙන්න හෝ විශේෂ සැලසුමකට සූදානම් වෙන්න වෙයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් ලැබෙන්නත් පුළුවන්. පවුලේ කටයුතු ගැන මූලිකත්වය අරන් වැඩ කරන්න සිදුවෙනවා. සහෝදර සහෝදරියන් සමඟ ගනුදෙනු වලදී සැලකිලිමත් වෙන්න, සමීප අයෙක් සමඟ විශ්වාසය බිඳීමක් සිදුවෙන්නත් ඉඩ තියෙනවා. නීති ගැටලුවක් ඇතිවෙන්න පුළුවන් නිසා කල්පනාකාරීව වැඩ කරන්න.
හදිසි දුර ගමන් යෙදෙන්න පුළුවන්. අමතර ආදායම් ලැබෙන රැකියා අවස්ථා උදා වෙයි. අලුත් රැකියා ලැබුණත් ඒවා එතරම් සාර්ථක නොවිය හැකියි. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් හිටපු අයට නම් සුබයි. රැකියාවේදී අනෙක් අය අතර කැපී පෙනෙන්න අවස්ථා ලැබෙනවා. රැකියා කටයුතු නිසා පදිංචියෙන් ඈත් වෙන්න සිදුවෙන්න පුළුවන්. ස්වයං රැකියා කරන අයට හොඳ සතියක්.
ශරීරයට වෙහෙසක්, මහන්සියක් දැනෙයි. කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතියක් ඇතිවෙන්න පුළුවන්. අත් ආශ්‍රිතව ආබාධ ඇතිවෙන්න ඉඩ තියෙනවා. පරම්පරාගත රෝගයක් මතුවෙන්නත් පුළුවන්.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමි ඔබට මේ සතියේ තම ගෞරවය ගැන වැඩිපුර හිතයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන අතර, පෙනුම ගැන වෙනදාට වඩා හිතනවා. උසස් අයගේ ඇසුර ලැබෙනවා වගේම, සමාජ ගෞරවය ලැබෙන කටයුතුත් යෙදෙන්න පුළුවන්. ගුණ යහපත්, කාරුණික හැඟීමෙන් කටයුතු කරයි. පවුලේ වැඩිහිටියෙක් වෙනුවෙන් කැපවෙන්න සිදුවෙයි. අසරණ කෙනෙක්ට උදව් කරන්න අවස්ථාව ලැබෙනවා.
විවාහ ප්‍රමාදයන් මඟ හැරී යයි. යුග දිවියේ මතභේද සමථයකට පත්වෙයි. අනවශ්‍ය වියදම් ඇති වෙන්න ඉඩ තියෙනවා. රැකියා කටයුතුවලදී වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතුයි. ස්වයං රැකියා හෝ සුළු ව්‍යාපාර ගැන සැලසුම් කරනවා. විදෙස් රැකියා බලාපොරොත්තු වූ අයට හොඳ කාලයක්. අධ්‍යාපනයට බාධා ආවත්, උත්සාහයෙන් වැඩ කරයි. සාහිත්‍ය අංශවලින් දක්ෂතා දක්වයි. දැනුම වැඩි දියුණු කරගන්නා කටයුතුවල නිරත වෙයි. සරසවි වරම් බලාපොරොත්තුවෙන් සිටින අයට සුබයි.
සෙම් රෝග වැඩිවෙන්න පුළුවන්. දතක ආබාධයක් ඇතිවෙන්න පුළුවන්. වරින් වර අතපය රිදීම් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමි ඔබට මේ සතියේ නිදහසේ තීරණ ගන්න පුළුවන්. ගතට සිතට සැනසිල්ලක් දැනෙන කාලයක්. තරමක් ආඩම්බර ගතියක් පෙන්නුම් කරයි. ප්‍රමාද වූ වැඩ කිහිපයක් සාර්ථක කරගන්න ලැබෙනවා. අන් අයව ඕනෑවට වඩා විශ්වාස කිරීමෙන් වළකින්න. අන් අය වෙනුවෙන් ඇපවීම් වලට යද්දී වඩාත් කල්පනාකාරී වෙන්න.
දුර ගමනක් සැලසුම් කරනවා. වෙනදාට වඩා ආගම දහමට ලැදිව කටයුතු කරයි. අසරණ කෙනෙක්ට පිහිට වෙන්න ලැබෙනවා. අතමිට වෙනදාට වඩා සරු වෙයි. නව රැකියා බලාපොරොත්තු වූ අයට සුබයි. උනන්දුවෙන්, උත්සාහයෙන් රැකියා කටයුතු කරයි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූ අයට සුබයි. රැකියාවේ තිබුණු ගැටලුකාරී තත්ත්වයන් මඟ හැරී යයි.
නව දැනුම සොයා යන සහ පොතපත කියවීමට ප්‍රිය කරන කාලයක්. ලේ වල සීනි මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. කොන්ද සහ තුනටිය ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්.
කටක ලග්නය
කටක ලග්න හිමි ඔබට මේ සතියේ නිරවුල් මනසකින් වැඩ කරන්න පුළුවන්. කතාවට දක්ෂ වුණත්, සංයමයකින් යුතුව අන් අය සමඟ කටයුතු කරනවා නම් හොඳයි. වගකීම් බහුල වන සතියක්. ණය ගනුදෙනුවකින් නිදහස් වෙන්න ලැබෙනවා. ඥාතියෙක්ගෙන් උදව් උපකාර ලැබෙයි. උරුම හිමිකම් වලින් ධනය ලැබෙනවා. මුදල් කළමනාකරණය කරගන්න කටයුතු කරන්න ඕනේ. දරුඵල බලාපොරොත්තු ඉටුවෙන බවක් පෙනෙනවා.
රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට සුබයි. රැකියා කටයුතුවල සැලසුම් වෙනස් කරන්න සිදුවෙයි. හදිසි රාජකාරී කටයුතුවලදී ප්‍රවේශම් වෙන්න. වෙළඳ ව්‍යාපාරවලින් අමතර ලාභ ලැබෙන බවක් පෙනේ. අධ්‍යාපනයට තිබුණු බාධා මඟ හැරී යයි. වෙනදාට වඩා ඉගෙනීමට අවධානය යොමු කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් දක්ෂතා පෙන්නුම් කරයි. අලුත් පොතපත මිලදී ගන්න සිදුවෙන්න පුළුවන්.
නින්දට විටින් විට බාධා ඇතිවෙයි. සෙම් රෝග ආශ්රිත රෝගාබාධ මතුවෙයි. කොන්ද, තුනටිය ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. උෂ්ණාධික ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වෙන්න.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමි ඔබට මේ සතියේ සිතේ නිදහස ටිකක් අඩු වෙන්න පුළුවන්. තරමක් ආවේගශීලී වෙන්න පුළුවන් නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. නව බලාපොරොත්තු සහිතව සතිය ආරම්භ කරයි. අන් අය අතර කැපී පෙනෙන්න අවස්ථා ලැබෙනවා. විශේෂ අයෙකුගේ ඇසුර ලැබෙනවා. හදිසි ගනුදෙනුවකට කටයුතු යෙදෙයි. දුර ගමනක් යෙදෙන්න පුළුවන්. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරයි.
විවාහ බලාපොරොත්තුවෙන් සිටි අයට සුබයි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටත් සුබයි. රැකියාවේදී අන් අය අතර කැපී පෙනෙන දේවල් සිදුවෙයි. රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථානීය වෙනසක් සිදුවෙන්න ඉඩ තියෙනවා. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය අරන් වැඩ කරන්න සිදුවෙයි. අමතර දේවල් ඉගෙනීමට කටයුතු කරයි. කලා අංශයට හොඳයි. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන් සැලසුම් කරයි. තරග විභාගයක් සම්බන්ධව සුබ ආරංචියක් අහන්න ලැබෙයි.
ශරීරයට වෙහෙසීම් වැඩිවෙයි. ක්ලාන්ත ගති විටින් විට ඇතිවෙන්න පුළුවන්. ශරීරය අභ්‍යන්තරයේ ඇතිවන රෝගයක් නිසා ප්‍රතිකාර ගන්න සිදුවෙන්න පුළුවන්.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමි ඔබට මේ සතියේ උගත්කමෙන් කටයුතු කරයි. මානුෂීය හැඟීම් මතුවෙයි. නොසිතූ ලෙස බලාපොරොත්තුවක් ඉටුවෙන්න පුළුවන්. සිතේ සැහැල්ලුවෙන් සහ උත්සාහයෙන්, උනන්දුවෙන් වැඩ කරන සතියක්. මොන ප්‍රශ්නයක් තිබුණත්, සතුටෙන් ඉන්න අවශ්‍ය විදිහට වටපිටාව සකසා ගන්නවා. තිබුණු ගැටලුකාරී තත්ත්වයකින් නිදහස් වෙන්න ලැබෙනවා. පවුලේ වැඩිහිටියෙක් සම්බන්ධව වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. ආගම දහමට ලැදිව කටයුතු කරයි. අසරණ කෙනෙක්ට උපකාර කරන්න ලැබෙනවා.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබයි. උගත්කමට සරිලන රැකියා ලැබෙන බවක් පෙනේ. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරන්න කටයුතු කරයි. පවුලේ රැකියාවක් හෝ ව්‍යාපාරයක් වෙනුවෙන් යොමුවෙන බවක් පෙනේ. තරගකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබෙනවා. පාඨමාලාවක් හදාරන්න මහන්සි වෙයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ අත්වෙන්න පුළුවන්.
වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. චර්ම රෝගයක් ඇතිවීමේ ඉඩක් තියෙනවා. ශරීරයට වෙහෙසක්, මහන්සියක් දැනෙයි.
තුලා ලග්නය
තුලා ලග්න හිමි ඔබට මේ සතියේ ආත්ම ගෞරවය ගැන හිතයි. හදිසියේ ඇතිවෙන කේන්තිය පාලනය කරගත යුතුයි. වෙනදාට වඩා බාහිර පෙනුම ගැන හිතනවා. ස්ථිර තීරණවල ඉන්න බැරි වෙයි. නිතර වෙනස් කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන්න අවස්ථා ලැබෙනවා. ගෙදර දොර අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කරගන්න අවස්ථාව සැලසෙයි.
දුර පළාතකට යන්න සිදුවෙන්න පුළුවන්. පදිංචියේ වෙනසක් ආවත්, දියුණුවට බාධාවක් වෙන්නේ නැහැ. පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වෙන්න ඉඩ ලැබෙයි. හිතවතෙක්ගෙන් උදව් උපකාර ලැබෙනවා. රැකියාවේ තනතුරු වල හෝ ස්ථානීය වෙනසක් සිදුවෙන්න පුළුවන්. රැකියාවේ ඉදිරි සැලසුම් වෙනස් කරයි. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාරවලට යොමුවෙන්න පුළුවන්. දෑතේ මහන්සියෙන් කරන රැකියා වලට හොඳයි.
ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වයි. සාහිත්‍ය හා කලා අංශයට ප්‍රිය කාලයක්. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන් මහන්සි වෙයි. විදෙස් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරයි.
ශාරීරික වෙහෙස මහන්සිය ඇතිවෙයි. සෙම් රෝග, උගුරේ ආබාධ ඇතිවෙන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා ඇතිවෙන්න පුළුවන් නිසා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වෙන්න. හදිසි වැටීම්, තැලීම් වලට ඉඩ තියෙනවා.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතියේ මානසික සුවයට ප්‍රිය කරයි. දුරදිග බලා කටයුතු කළ යුතු කාලයක්. රළු තීරණ ගන්නා කාලයක් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. අන් අයගේ රැවටීම් වලට හසු වෙන්න පුළුවන් නිසා ප්‍රවේශම් වෙන්න. වෙනදාට වඩා යන එන ගමන් සම්බන්ධව සැලකිලිමත් වෙන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුර ලැබෙයි. ප්‍රමාද වූ වැඩ කිහිපයක් සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙනවා.
ඥාතියෙක්ගෙන් උදව් උපකාර ලැබෙන්න පුළුවන්. තිබුණු දේපළ සම්බන්ධ ගැටලුවක් විසඳාගන්න හැකිවෙන බවක් පෙනේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් සූදානම් වෙයි. යුග දිවියේ තිබුණු බාධා යටපත් වෙයි. උත්සාහයෙන් සහ උනන්දුවෙන් රැකියා කටයුතු කරයි. රැකියා කටයුතුවලට තිබුණු බාධා මඟ හැරී යයි. කණ්ඩායම් වශයෙන් කරන රැකියා වලට යොමුවෙන්න අවස්ථා උදා වෙයි.
ධාරණ ශක්තිය දියුණු වෙයි. උනන්දුවෙන් අධ්‍යාපනික කටයුතු කරයි. වෙනදාට වඩා පොතපත කියවයි. ගුප්ත ශාස්ත්‍රයට ප්‍රිය වන කාලයක්. අමතර භාෂාවක් වෙනුවෙන් මහන්සි වෙන බවක් පෙනේ.
හිස ආශ්‍රිතව ආබාධ ඇතිවෙන්න පුළුවන්. සෙම් රෝග වැඩිවෙයි. පපුව, පෙනහළු ආශ්‍රිතව රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්.
ධනු ලග්නය
ධනු ලග්න හිමි ඔබට මේ සතියේ ආචාරශීලීව කටයුතු කරයි. තමාගේ උත්සාහයෙන් දෙයක් කරගන්න මහන්සි වෙයි. නව හිතමිත්‍රයින් ඇතිකර ගනියි. නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වෙන්න. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳාගන්න කටයුතු උදා වෙයි. ගෘහ ජීවිතයේ තිබුණු මතභේදකාරී ගැටලු යටපත් වෙයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් මහන්සි වෙයි. ගෙදර දොර අලංකරණය වෙනුවෙන් කටයුතු කරයි.
අමතර වෙහෙසීම් වැඩිවෙයි. හවුල් ව්‍යාපාර කටයුතුවලදී තරමක් සැලකිලිමත් වෙන්න. ගතට සිතට වෙහෙසකාරී විදිහට රැකියා කටයුතු කරන්න සිදුවෙයි. රැකියාවේ තනතුරු හෝ ස්ථාන මාරුවක් සිදුවෙන්න පුළුවන්. විදෙස් රැකියාවක් වෙනුවෙන් කටයුතු සූදානම් කරයි. ස්වයං රැකියා වලට යොමුවෙන බවක් පෙනේ.
වෙනදාට වඩා උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කරයි. අලුත් පොතපත මිලදී ගන්න සිදුවෙන්න පුළුවන්. දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ අත් වෙන්න ඉඩ තියෙනවා.
ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි. සෙම් රෝග වැඩිවෙයි. උගුර ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. වෙනදාට වඩා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වෙන්න. ජලය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වෙන්න.
මකර ලග්නය
මකර ලග්න හිමි ඔබට මේ සතිය ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියක්. අන් අය අතර කැපී පෙනෙන්න අවස්ථාව උදා වෙයි. කතා බහෙන් අන් අයව ඔබ වෙත නම්මවා ගන්න සමත් වෙයි. අන් අයට වෙනදාට වඩා ඔබව ප්‍රිය වන කාලයක්. වෙනදාට වඩා පවුලේ වගකීම් දරන්න සිදුවෙයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. මව සමඟ වෙනදාට වඩා ලැදි වෙයි. දුර බැහැර ගමන් යෙදෙන්න පුළුවන්. බලාපොරොත්තු වූ දේපළ සම්බන්ධ කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට හොඳයි. රැකියාවේ තනතුරු, වගකීම් හෝ ස්ථානීය වෙනස්කම් නිසා සිතේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ස්වයං රැකියා හෝ වෙළඳ ව්‍යාපාර ගැන සැලසුම් කරන කාලයක්. දැනුම වර්ධනය කරගන්න පොතපත කියවයි. තරග විභාගයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් යෙදෙන්න පුළුවන්. ගණිත අංශයේ කටයුතුවලින් දක්ෂතා දක්වයි. උසස් අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාවන් ඇතිවෙන්න පුළුවන්.
රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. නිතර කැරකැවිලි හෝ ක්ලාන්ත ගති ඇතිවීමේ ඉඩක් තියෙනවා.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමි ඔබට මේ සතියේ බාහිර පෙනුම ගැන හිතයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ යුතු කාලයක්. අමතර වෙහෙසීම් බහුල කටයුතු කිහිපයක් යෙදෙයි. ඇවිදිලි වැඩි කරයි. උත්සාහයෙන් කටයුතු කරයි. අසල්වැසි සුහදතාවය වැඩිදියුණු වෙයි. ඥාතියෙක්ගෙන් හෝ හිතවතෙක්ගෙන් උදව් උපකාරයක් ලැබෙනවා. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනේ.
උගත්කමට සරිලන රැකියා ලාභ ලැබෙයි. රැකියා කටයුතුවලදී දුරදිග බලා තීරණ ගත යුතුයි. රැකියාවේ තිබුණු වෙහෙසකර ගතිය තරමක් දුරට යටපත් වෙයි. හවුල් ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් සැලසෙන බව පෙනේ. ස්වාධීනව සිතා තීරණ ගනියි. පොතපත කියවීමට ප්‍රිය වෙයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ ලැබෙන්න අවස්ථා තියෙනවා.
උගුර ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. හිස ආශ්‍රිතව කැක්කුම් හෝ ආබාධ ඇති කරයි. සෙම් රෝග විටින් විට වැඩිවෙයි. වෙනදාට වඩා ශරීරයේ වෙහෙසකාරී බවක් සහ ඇඟපතේ වේදනා ඇතිවෙන්න පුළුවන්.
මීන ලග්නය
මීන ලග්න හිමි ඔබට මේ සතියේ සිතේ සැනසිල්ල තරමක් අඩු කරයි. නිදහසේ තීරණවලට එළඹෙයි. ගත සිත වෙහෙසවා කරන කටයුතු අධික වෙන්න පුළුවන්. ගෙදර දොර කටයුතු කිහිපයක් වෙනුවෙන් මහන්සි වෙයි. ඥාතියෙක්ගෙන් හෝ හිතවතෙක්ගෙන් උදව් උපකාර ලැබෙනවා. හිතමිතුරෙක් සමඟ ගැටලුවක් ඇතිවීමේ ඉඩක් තියෙනවා. දුර ගමනක් වෙනුවෙන් සූදානම් වන බවක් පෙනේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන සතියක්. වගකීම් බහුල වන සතියක්.
රැකියාවේදී ලිපි ලේඛන සම්බන්ධ ගැටලුවක් හෝ ලේඛන නැතිවීමේ ඉඩක් තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. රැකියා කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යන්න සිදුවෙන්න පුළුවන්. විදෙස් රැකියා වෙනුවෙන් සැලසුම් කරන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරයි. උසස් අධ්‍යාපනය හදාරන අයට සුබ ආරංචියක් අහන්න ලැබෙයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් මහන්සි වෙයි.
මෙතෙක් තිබුණු අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන බවක් පෙනේ. වරින් වර අතපයේ කැක්කුම් ඇතිවෙන්න පුළුවන්. රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. සෙම් හෝ පීනස් රෝග පවතින්නේ නම් ඒවා වැඩිවෙන්න පුළුවන්. මුවහත් දේවල් සමඟ වැඩ කිරීමේදී ප්‍රවේශම් වෙන්න.