ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් එයා ඔහොම ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒත් ඔයාට මතක් වෙන්න ඕනේ ඔයා ඉන්නෙ කවදාවත් අතහරින්න හොඳ නැති කෙනෙක් එක්ක කියලා.
එයා ඔයාට හැමදේම ලේසි කරලා දෙනවා කියලා ඔයාට නිකම්ම relax කරලා ඉන්න බෑ. ඔයා තාමත් ඔයාගෙ ආදරේ වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙන්න ඕනේ. ඔයා හැම වෙලාවෙම ඔයාගෙ සම්බන්ධතාවය වෙනුවෙන් උපරිමයෙන් සටන් කරන්න ඕනේ.
විශේෂයෙන්ම ඔයා අත් නොහැරිය යුතු වටිනා කොල්ලෙක් එක්ක ඉන්නවා නම්. ඔයාගෙ කොල්ලා නියම රකින්න වටින කෙනෙක් කියලා ඔයාට මතක් වෙන්න ඕන නම්, මේ ටික කියවලා බලන්න. මේ දේවල් ගොඩක් ඔයාගෙ කොල්ලාටත් අදාළ නම්, ඔයා පිස්සුවෙන් වගේ සටන් කරන්න ඕනේ එයා ඔයාව දාලා යන්නෙ නැති වෙන්න.
එයා ඔයා වෙනුවෙන් වෙලාව හොයන්න දෙපාරක් හිතන්නේ නෑ. ඔයාව ඇත්තටම එයාගෙ ජීවිතේ ඉස්සරහින්ම තියන්න එයා හැම වෙලාවෙම ලෑස්තියි. අපි ඇත්තටම වෙලාව දෙන්නේ අපිට වැදගත්ම දේවලටයි මිනිස්සුන්ටයි කියලා එයා දන්නවා. ඔයා එයාට කොච්චර වැදගත්ද කියලා කියන්න එයා බය නෑ.
එයා එයාගෙ ජීවිතේ අනිත් දේවල් සම්පූර්ණයෙන්ම අතාරින්නේ නෑ. ඔයාලා දෙන්නා සම්බන්ධතාවයක හිටියත් එයා තාමත් එයා කවුද කියලා මතක තියාගෙන එයාගෙ පාඩුවේ ඉන්න කෙනෙක්. ඔයාලගෙ සම්බන්ධතාවය ඇතුළෙම එයා එයා කවුද කියලා අමතක වෙන තරමට එයා වෙනස් වෙන්නේ නෑ. එයා තාමත් එයාගෙ බලාපොරොත්තු, හීන, අභිලාෂයන් සහ ආසාවන් අල්ලාගෙන ඉන්නවා.
ඔයත් ඔයා කවුද කියලා අමතක නොකර ඉන්න එයා ඔයාව දිරිමත් කරනවා. එයා කවදාවත් ආත්මාර්ථකාමී නෑ. ඔයා ඇත්තටම කවුද ඒ විදියටම ඉන්න කියලයි එයා ඔයාට කියන්නේ. ඔයාගෙ ඉලක්කවලටයි හීනවලටයි එයා කවදාවත් බාධා කරන්න කැමති නෑ. ඔයා වෙන්න ආස කරන කෙනා වෙන්න එයා ඔයාව කවදාවත් නවත්තන්නේ නෑ.
එයා හැම වෙලාවෙම ඔයාට ගොඩක් ගරු කරනවා. ඔයා වටිනාකමක් තියෙන, ගෞරවයක් තියෙන ගැහැණු කෙනෙක් කියලා එයා දන්නවා. එයා ඔයාට අගෞරව කළොත්, ඒ ඔයාව එයාගෙන් ඈත් වෙන එකේ පළවෙනි පියවර කියලා එයා දන්නවා. එයා කවදාවත් ඔයාව පහත් කරලා කතා කරන්නේ නෑ. ඔයා කවදාවත් එයාගෙ ඉස්සරහා ලැජ්ජාවෙන් ඔළුව පහත් කරගෙන ඉන්න ඕනේ නෑ. එයා කවදාවත් ඔයාව විනිශ්චය කරන්නේවත් විවේචනය කරන්නේවත් නෑ. ඔයා ඇත්තටම ඉන්න කෙනාට වඩා අඩු කෙනෙක් කියලා එයා ඔයාට කවදාවත් හිතෙන්න දෙන්නේ නෑ.
එයා ඔයා එක්ක අනාගතය ගැන කතා කරනවා. ඔයාට එයා එක්ක ආරක්ෂිත බවක්, ස්ථාවර බවක් දැනෙන්න ඕනේ කියලා එයාට ඕනේ. ඔයාට එයා එක්ක ඇත්තටම අනාගතයක් තියෙනවා කියලා ඔයාට දැනෙන්න ඕනේ. ඔයා එයාට නිකම්ම ඉඳලා යන කෙනෙක් නෙවෙයි කියලා එයා ඔයාට දැනගන්න සලස්වනවා. එයා එක්ක ඇත්තටම අනාගතයක් ගැන හිතන්න ඔයාට හැම වෙලාවෙම නිදහස තියෙනවා කියලා එයා ඔයාට දැනෙන්න සලස්වනවා.
එයා හැම වෙලාවෙම ඔයාට එයාගෙ විශ්වාසවන්තකමයි, එයා මත යැපෙන්න පුළුවන් කියන එකයි ඔප්පු කරනවා. ඔයාට එයා මත විශ්වාසය තියන්න පුළුවන් කියලා ඔයාට දැනෙන්න එයා හැම වෙලාවෙම ඕනෑම දෙයක් කරනවා. එයා ඔයාට පොරොන්දුවක් වුනොත්, එයා ඒක කරනවාමයි. එයා මොනවා හරි කරන්න කැප වුනොත්, එයා ඒක ඉවර කරනවාමයි. එයා මොනවා කිව්වත්, එයා ඒක ඔප්පු කරනවා. එයා දේවල් හරියට කරයි කියලා ඔයාට හැම වෙලාවෙම විශ්වාස කරන්න පුළුවන්.
එයා එයාගෙ සල්ලි ගැන වගකීමෙන් වැඩ කරනවා. ඔයා කවදාවත් මූල්‍යමය වශයෙන් අස්ථායී, වගකීම් විරහිත කොල්ලෙක් එක්ක දිගුකාලීන සම්බන්ධතාවයක ඉන්න කැමති නෑ. සල්ලි කියන්නේ ගොඩක් සම්බන්ධතාවලට ප්‍රශ්න ඇති කරන දෙයක් කියලා දන්නවනේ. ඔයා ඇත්තටම එයා එක්ක අනාගතයක් බෙදාගන්න හිතනවා නම්, එයා ඔයාව මූල්‍යමය අමාරුවක දාන්නේ නැති වෙයි කියලා ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ.
එයා මහන්සි වී වැඩ කරනවා. එයා මේ ජීවිතේ එයාට ඕන කරන හැම දෙයක් වෙනුවෙන්ම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් – ඒකට ඔයාලගෙ සම්බන්ධතාවයත් අයිතියි. ඔයාලගෙ ආදරය කියන්නේ එයා හැම වෙලාවෙම වෙනුවෙන් සටන් කළ යුතු දෙයක් කියලා එයා දන්නවා. ඔයා කියන්නේ හැම වෙලාවෙම මහන්සි වෙන්න වටින කෙනෙක් කියලා එයා දන්නවා.
එයා ඔයාව බලාගන්නවා. ඔයාව සතුටින් හා සුවපහසුවෙන් තියන්න එයාට පුළුවන් හැම දෙයක්ම එයා කරනවා. එයා හැම වෙලාවෙම ඔයාගෙ ශාරීරිකයි මානසිකයි සුවතාවයට මුල් තැන දෙනවා. ඔයාගෙ අවශ්‍යතා හැම වෙලාවෙම සපුරාලනවා කියලා එයා සහතික කරනවා.