කෙනෙක්ගේ කතාබහෙන් විතරක් නෙවෙයි, එයා හැසිරෙන විදිහෙන් පවා ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.
විශේෂයෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ intimacy (සෙක්ස්) නැති පිරිමියෙක්, ඒක එළියට නොපෙන්නුවත්, එයාගේ හැසිරීම් රටාවෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. එයාට නොදැනුනත්, අවට ඉන්න අයට ඒක හොඳින්ම දැනෙනවා.
මෙන්න ඒ වගේ පිරිමියෙක්ව අඳුරගන්න පුළුවන් ලේසිම ලකුණු 10ක්.
කියවිය යුතු: සාර්ථක ලිංගික එක්වීමකට ඔයා සලකා බැලිය යුතුම කරුණු 10ක්
1. Compliments වලට flustered වෙනවා
ඔයා පොඩි හිනාවක්, cute compliment එකක් හරි දුන්නොත්, එයාගේ හඬ වෙනස් වෙනවා, කලබල වෙනවා, සමහර විට awkward විදිහට කතා කරනවා. එයාට ඔයා ගැන උනන්දුවක් නැති නිසා නෙවෙයි, මේ වගේ situations වලට මූණ දෙන්න පුරුදු නැති නිසා.
2. Physical touch වලට පුදුම වෙනවා
අතින් අල්ලන එකක්, friendly hug එකක්, නැත්නම් අතින් අත ගැටෙන එකක් වගේ පොඩි දෙයක් වුණත්, එයා පුදුම වෙනවා. සමීප බව එයාට අමුතු දෙයක් වෙලා.
3. “Dry spell” ගැන jokes කියනවා
එයාගේ ‘dry spell’ එක ගැන jokes කරනවා. “මම දැන් game එකෙන් out”, “මට dating වලට වෙලාවක් නෑ” වගේ ඒවා කියන්නේ ඇත්තටම එයාගේ හැඟීම් වහගන්න.
4. වැඩවලටයි, hobbies වලටයි ගොඩක් focus කරනවා
ආදර සම්බන්ධතා නැති නිසා, එයා ඒ හිස්තැන පුරවන්නේ වැඩවලින්, gym එකෙන්, නැත්නම් අලුත් hobbies වලින්.
5. අනිත් අයගේ love lives ගැන curious වෙනවා
එයාගේ යාලුවෝ dating stories කියනකොට, එයා ගොඩක් අවධානයෙන් අහගෙන ඉන්නවා. ඒ ලෝකෙට ආයෙත් connect වෙන්න එයාට ආසයි.
6. Intimacy වලට මඟ පාදින situations වලින් අයින් වෙනවා
late night date එකක්, හදිසි invite එකක් වගේ intimacy වලට මඟ පාදින ඕනෑම අවස්ථාවකදී, එයා පසුබට වෙනවා. ඊළඟ step එක ගන්න එයා බයයි වගේ හැසිරෙනවා.
කියවිය යුතු: සෙක්ස් කරන එකෙන් හිතටයි, කයටයි ලැබෙන සුපිරි වාසි
7. Compliments දෙන්න practice නැහැ
“You look amazing” කියලා විශ්වාසයෙන් කියනවා වෙනුවට, එයා සාමාන්‍ය විදිහට කතා කරනවා, නැත්නම් මොකුත්ම කියන්නේ නැහැ.
8. නොසන්සුන්කමක් පෙන්වනවා
මූණේ ලොකු වෙනසක් නැතත්, එයා තුළ නොසන්සුන්කමක් තියෙනවා. ඒක එයාගේ කතාබහෙන් හරි ඉරියව්වෙන් හරි දැනගන්න පුළුවන්.
9. පොඩි gestures වලට වුණත් ගොඩක් value කරනවා
ඔයාගේ පොඩි හිනාවක්, කරුණාවන්ත වචනයක් වුණත් එයාට ගොඩක් වටිනවා. මොකද එයාගේ ජීවිතේ මේ වගේ දේවල් ගොඩක් අඩුයි.
10. Confidence එක පහළට යනවා
සමහර දවස්වලට එයා ගොඩක් කතා කරනවා, active. ඒත් සමහර දවස්වලට quiet වෙනවා, හුදෙකලා වෙනවා. මේක එයාගේ හැඟීම් වල විවිධත්වය පෙන්නනවා. එයාට සම්බන්ධතා ඕන වුණත්, ඒකට එයාට confidence එකක් නැහැ.
සෙක්ස් නැති හැම පිරිමියෙක්ම දුකින් ඉන්නේ නෑ. ඒත් මේ පොඩි ලකුණු වලින්, එයාගේ හිතේ තියෙන දේ ගැන පොඩි ඉඟියක් ඔයාට ගන්න පුළුවන්.