Rolex සමාගම තවමත් ලෝකයේ ප්‍රබලම ඔරලෝසු වෙළඳ නාමය ලෙස පවතින බව නවතම දත්ත අනුව තහවුරු වී ඇත. Bezel නම් ද්විතියික වෙළඳපොළ වාර්තාවක් පෙන්වා දෙන්නේ, වෙළදපලේ මුළු විකිණීම්වලින් 36%ක් Rolex වෙත අයත් බවයි. මෙම ප්‍රතිශතය අනෙක් වෙළඳ නාමයන්ට වඩා දෙගුණයකින් වැඩිය. Omega 14%ක් සහ Tudor 12%ක් ලබා ගනිමින් දෙවන සහ තෙවන ස්ථාන ලබාගෙන ඇත.
මෙම තොරතුරු Morgan Stanley සහ LuxeConsult වාර්තාවකින්ද තහවුරු වන අතර, එහිදී Rolex 30%ක වෙළඳපොළ කොටසක් ලබාගෙන ඇති බව දැක්වෙයි.
Bezel විසින් ලබා දුන් තොරතුරු අනුව, ඉහළම ඉල්ලුමක් ඇති ඔරලෝසු මාදිලි 10න් 9ක් Rolex සමාගමේ වේ. එම ලැයිස්තුව මෙසේය:
- Rolex GMT-Master II “Batman”
- Rolex Datejust 41 “Wimbledon” / Fluted / Jubilee
- Rolex GMT-Master II “Batgirl”
- Rolex Submariner Date 41 “Starbucks”
- Omega Speedmaster Professional Moonwatch 3861 Steel / Black / Sapphire / Bracelet
- Rolex Submariner 41 Date
- Rolex Daytona “Panda” / Ceramic / White
- Rolex GMT-Master II ‘Gray & Black’ Steel / Ceramic / Jubilee
- Rolex GMT-Master II “Pepsi” / Jubilee
- Rolex Submariner “Hulk””
මෙම ලැයිස්තුවේ Omega Speedmaster Moonwatch එකම Rolex නොවන මාදිලිය වේ. විශේෂයෙන් GMT-Master II මාදිලිය විවිධ වර්ණ සහ බ්‍රේස්ලට් විකල්ප සමඟ ඇති බැවින් ඉහළ ඉල්ලුමක් ලබාගෙන ඇත.
තවද, Bezel වාර්තාවේ අනුව, Grand Seiko සහ Tudor වැනි වෙළඳ නාමයන් ද ඉහළ යමින් පවතින බව පෙන්වා දෙනවා. එමෙන්ම, ස්ටේන්ලස් ස්ටීල් කේස් ඇති ඔරලෝසු එකතුකරුවන් අතර ජනප්‍රිය බවත්, 41 මිලිමීටර් කේස් ප්‍රමාණය වැඩිම විකිණීම් ලබාගෙන ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.
මෙම තොරතුරු අනුව, Rolex සමාගම තවදුරටත් ඔරලෝසු වෙළඳපොළේ ප්‍රබලත්වය තබාගෙන ඇති අතර, අනෙක් වෙළඳ නාමයන් ද තම ස්ථානය සොයාගෙන යමින් පවතින බව පෙනේ.