දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වූ එකම එක්සත් ජනපද ජනාධිපතිවරයා: Donald Trump

ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 ජුනි 14 වන දින නිව් යෝර්ක් හි ක්වීන්ස් හි උපත ලැබීය. ඔහුගේ පියා ධනවත් දේපල වෙළඳාම්කරුවෙකු වූ අතර ඔහුගේ මව ගෘහණියක් විය. ට්‍රම්ප්,

donald trump

දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වූ එකම එක්සත් ජනපද ජනාධිපතිවරයා: Donald Trump

ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 ජුනි 14 වන දින නිව් යෝර්ක් හි ක්වීන්ස් හි උපත ලැබීය. ඔහුගේ පියා ධනවත් දේපල වෙළඳාම්කරුවෙකු වූ අතර ඔහුගේ මව ගෘහණියක් විය. ට්‍රම්ප්, දරුවන් පස් දෙනෙකුගේ පවුලේ සිව්වැන්නා සහ දෙවන පුත්‍රයා විය. උපාධිය ලැබීමෙන් පසු ට්‍රම්ප් නැවත නිව් යෝර්ක් නගරයට පැමිණ තම පියාගේ දේපල වෙළඳාම් ව්‍යාපාරයේ වැඩ කිරීමට පටන් ගත්තේය. 1971 දී […]

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 ජුනි 14 වන දින නිව් යෝර්ක් හි ක්වීන්ස් හි උපත ලැබීය. ඔහුගේ පියා ධනවත් දේපල වෙළඳාම්කරුවෙකු වූ අතර ඔහුගේ මව ගෘහණියක් විය. ට්‍රම්ප්, දරුවන් පස් දෙනෙකුගේ පවුලේ සිව්වැන්නා සහ දෙවන පුත්‍රයා විය.

උපාධිය ලැබීමෙන් පසු ට්‍රම්ප් නැවත නිව් යෝර්ක් නගරයට පැමිණ තම පියාගේ දේපල වෙළඳාම් ව්‍යාපාරයේ වැඩ කිරීමට පටන් ගත්තේය. 1971 දී ඔහු පවුල සතු ව්‍යාපාර එකතුවෙහි සභාපති බවට පත් වූ අතර පසුව ඔහු එය Trump Organization ලෙස නම් කළේය.

ට්‍රම්ප් දේපළ වෙළඳාම් සංවර්ධනයේ දිගටම වැඩ කළ නමුත් වෙනත් ව්‍යාපාරවලට ද යොමු විය. ඔහු ක්‍රීඩා කණ්ඩායම් මිලදී ගෙන, පොත් ප්‍රකාශනය කර, The Apprentice නම් රියැලිටි රූපවාහිනී වැඩසටහනක නිෂ්පාදක සහ සත්කාරක ලෙස කටයුතු කළේය. ඔහු 2005 දී ඔහුගේ තුන්වන බිරිඳ නිරූපිකාවක් වන Melania Knauss සමඟ විවාහ විය. (ට්‍රම්ප් මීට පෙර විවාහ වූයේ නිරූපිකාවක් වන Ivana Zelníčková සහ නිළි Marla Maples සමඟයි.)

2000 දී, ට්‍රම්ප් තුන්වන පාර්ශ්ව අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය, එනම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂවලට විකල්ප අපේක්ෂකයෙකු ලෙස ය. ඔහු තරඟයෙන් ඉක්මනින්ම ඉවත් වූ නමුත් 2004 සහ 2012 දී නැවත තරඟ කිරීමට සිතුවේය. 2015 දී ඔහු ප්‍රකාශ කළේ රිපබ්ලිකන් අපේක්ෂකයෙකු ලෙස එවර ජනාධිපතිවරණයට තරඟ කරන බවයි. ඔහු පක්ෂයේ නිල අපේක්ෂකයා වීමට තවත් අපේක්ෂකයින් 16 දෙනෙකු අභිබවා ගියේය.

2016 මැතිවරනයේදී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ හිටපු රාජ්‍ය ලේකම් සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ හිලරි ක්ලින්ටන් ය. ට්‍රම්ප්ට රාජ්‍ය සේවයේ පළපුරුද්ද නොමැතිකම සහ ඔහු තම ව්‍යාපාරය මෙහෙයවූ ක්‍රම නිසා බොහෝ දෙනා අපේක්ෂා කළේ ක්ලින්ටන් එක්සත් ජනපදයේ පළමු කාන්තා ජනාධිපතිවරිය වනු ඇති බවයි.

බොහෝ රටවල ජාතික මැතිවරණ තරමක් සරල ය: වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා ජය ගනී. නමුත් එක්සත් ජනපදයේ මැතිවරණ‍ය වඩාත් සංකීර්ණ, ද්වි-පියවර ක්රියාවලියකි. රට පුරා සිටින එක් එක් පුරවැසියන් මහජන ඡන්දයට සහභාගී වූ පසු, එම ඡන්ද සලකා බලා ජනාධිපතිවරයා තෝරා ගැනීම මැතිවරණ විද්‍යාල නම් කණ්ඩායමකට භාරයි. ජනගහනය මත පදනම්ව, සෑම ප්‍රාන්තයකටම තම ප්‍රාන්තයේ මිනිසුන් ඡන්දය දුන් ආකාරය අනුව ජනාධිපතිවරයාට ඡන්දය දෙන මැතිවරණ විද්‍යාල තුළ නිශ්චිත නියෝජිතයින් සංඛ්‍යාවක් සිටී. ප්‍රාන්තයේ මහජන ඡන්දය දිනා ගන්නා අපේක්ෂකයාට ප්‍රාන්තයේ සියලුම නියෝජිතයන් ලැබේ.

2016 මැතිවරණ ඡන්ද ගණන් කිරීමෙන් පසු, ක්ලින්ටන් ට්‍රම්ප්ට වඩා මිලියන 2.9 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ ජනප්‍රිය ඡන්දය දිනා ගනිමිනි. නමුත් ට්‍රම්ප් බොහෝ නියෝජිතයින් සිටි ප්‍රාන්ත කිහිපයක ජනප්‍රිය ඡන්දය දිනා ගත්තේය – එබැවින් ඔහු ජනාධිපති ධුරය දිනා ගත්තේය. ට්‍රම්ප් මහජන ඡන්දයෙන් පරාජය වූ නමුත් මැතිවරණ විද්‍යාල ජයග්‍රහණය කිරීමෙන් පසු බලයට පත් පස්වන ජනාධිපතිවරයා විය.

රේගන් මෙන්ම අපේක්ෂක ට්‍රම්ප් ප්‍රකාශ කළේ දේශපාලකයෙකු ලෙස ඔහුගේ අත්දැකීම් නොමැතිකම රටේ සාමාන්‍ය පුරවැසියන් නියෝජනය කිරීමට ඔහු වඩාත් සුදුසු බවයි. ප්‍රමාණවත් ඡන්දදායකයින් ඔහු සමඟ එකඟ වූ අතර ඔහු 2017 ජනවාරි 20 වන දින එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ජනාධිපති බවට පත්වීමෙන් පසු ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක සටන් පාඨය අනුගමනය කරන බවට පොරොන්දු වූ අතර  ඔහු මධ්‍යම පන්තියට වැඩි රැකියා ලබා දී, ජාතික ණය (එක්සත් ජනපදය වෙනත් රටවලට සහ සමාගම්වලට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය) අඩු කිරීමට උත්සාහ කිරීම සහ දේශසීමා ආරක්ශාව වැඩි කිරීම සඳහා එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව දිගේ තාප්පයක් ඉදිකිරීමට මුදල් රැස් කිරීම ඔහු ජනපති වීමෙන් පසු මුලින්ම කලේය. ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ සතුන්ට හිරිහැර කිරීම 2019 අගභාගයේදී ෆෙඩරල් අපරාධයක් බවට පත් විය.

2019 දී, ට්‍රම්ප් නැගෙනහිර යුරෝපීය රටක් වන යුක්රේනයට ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියෙකු පිළිබඳ හානිකර තොරතුරු සැපයීමට ඔවුන් ලවා ආධාර ලබා දී ඇති බවට සාක්ෂි මතු විය. මෙය කොංග්‍රසයේ බොහෝ සාමාජිකයින්ගේ කෝපයට හේතු විය. 2019 දෙසැම්බර් 18 වන දින, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට ඡන්දය ප්‍රකාශ කළේ චෝදනා දෙකක් යටතේය. බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ කොන්ග්‍රසයට බාධා කිරීම එම චෝදනා දෙක විය. ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා සෙනෙට් සභාව පසුව නඩු විභාගයක් පැවැත්වීය. සති තුනකට ආසන්න කාලයකට පසු, සෙනෙට් සභාව ජනාධිපතිවරයාට ධුරයේ රැඳී සිටීමට ඉඩ දීමට ඡන්දය දුන්නේය.

මෙතෙක් දෝෂාභියෝගයට ලක්ව ඇත්තේ තවත් එක්සත් ජනපද ජනාධිපතිවරුන් දෙදෙනෙකු පමණි: 1868 දී ඇන්ඩෲ ජොන්සන් සහ 1998 දී බිල් ක්ලින්ටන්. ට්‍රම්ප් මෙන් දෙදෙනාම තනතුරෙන් ඉවත් නොකළහ.

2020 මැතිවරණය එක්සත් ජනපද ඉතිහාසයේ වෙනත් කිසිදු මැතිවරණයකට වඩා වෙනස් වූ අතර එය Corona වයිරස් වසංගතය මධ්‍යයේ සිදු විය. ඉතා මාරාන්තික රෝගයක් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී ට්‍රම්ප් සහ බයිඩන් යන දෙදෙනාටම ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සිදු විය. ට්‍රම්ප් දහස් ගණනක් ජනයා සහභාගී වන රැලිවලට පෙනී සිටීමට තීරණය කළේය. ඊට වෙනස්ව, බයිඩන් සමාජීය වශයෙන් දුරස්ථව අන්තර්ජාල ප්‍රචාර හරහා ඔහුගේ ආධාරකරුවන් සමඟ කතා කිරීමට තෝරා ගත්තේය.

2020 ඔක්තෝබර් මස මුලදී, ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් යන දෙදෙනාම කොරෝනා වයිරසයට ගොදුරු විය. ඔවුන් ඉක්මනින් යථා තත්ත්වයට පත් විය.

කොරෝනා වසංගතය සහ වසංගතය නිසා ඇති වූ ඉහළ විරැකියා අනුපාතය අපේක්ෂකයින් දෙදෙනාම ආමන්ත්‍රණය කළ ප්‍රධාන ගැටලුවක් විය. ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ බොහෝ සාකච්ඡා කළ මාතෘකාවක් වූ පොලිස් නිලධාරීන් විසින් කළු ජාතිකයින්ට වෙඩි තැබීම් මෙන්ම රට පුරා ඇති වාර්ගික ආතතීන් පිළිබඳව ඡන්දදායකයින් සැලකිලිමත් විය.

COVID-19 පැතිරීම ගැන සැලකිලිමත් වූ බොහෝ ඡන්දදායකයින් ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට තෝරා ගත්හ. සියලුම ඡන්ද ගණන් කළ පසු බයිඩන් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු සියයට 51.4කින් ජනප්‍රිය ඡන්ද දිනා ගත්තේය. මැතිවරණ විද්‍යාල, බයිඩන් ඡන්ද 306ක් ලබා ගත් අතර ට්‍රම්ප් 232ක් ලබා ගත්තේය.

2020 මැතිවරනයෙන් සති කිහිපයක් තුළ, ට්‍රම්ප්, තමන් මැතිවරණය ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළේය. නමුත් ඔහුට සහ ඔහුගේ නීති කණ්ඩායමට ඔහුගේ ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. 2021 ජනවාරි 6 වන දින, කොන්ග්‍රසය මැතිවරණ ඡන්ද ගණන් කිරීම සඳහා සැසිවාරයක සිටියදී, ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් පිරිසක් බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදුණි. කෝලාහල අතරතුර එක්සත් ජනපද කැපිටල් ගොඩ්නැගිල්ලේ පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙක් මිය ගියහ.

ප්‍රහාරය සිදුවීමට මොහොතකට පෙර සමාජ මාධ්‍යවල සහ රැලිවලදී ඔහු කළ ප්‍රකාශ නිසා ට්‍රම්ප් විසින් ඔහුගේ අනුගාමිකයන් දිරිමත් කළ බව බොහෝ අය විශ්වාස කළහ. එම නිසා, එක්සත් ජනපද ආන්ඩුව ට්‍රම්ප් ජනාධිපති ධූරයේ සිටියදී දෙවන වරටත් ඔහුව දෝෂාභියෝගයට ලක් කිරීමට පියවර ගත්තේ ඔහු කැරැල්ලක් උසිගැන්වීමේ චෝදනාව සඳහා ය. ඔහු 2021 ජනවාරි 13 වන දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් නිල වශයෙන් දෝෂාභියෝගයට ලක් කරන ලදී, මෙවර රිපබ්ලිකානුවන් 10 දෙනෙකු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සමඟ ඔහුට චෝදනා කිරීමට එක් විය. දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වූ එකම එක්සත් ජනපද ජනාධිපතිවරයා ඔහුය.

යාළුවො එක්ක share කරගන්න

අපේ කොළඹ අවටත් පොඩි පොඩි ඔෆිස් හිස් වෙනවා වගේ මේ ලෝකේ ලොකු ටෙක් කම්පැනි තියෙන

අපේ කොළඹ අවටත් පොඩි පොඩි ඔෆිස් හිස් වෙනවා වගේ මේ ලෝකේ ලොකු ටෙක් කම්පැනි තියෙන හැම තැනකම ටෙක් ඔෆිස් දැන් හිස් වෙලා. අහස උසට හදපු, ලයිට් දාලා තිබ්බ ලස්සනම ලස්සන බිල්ඩින්ග්ස් දැන් පාළු වෙලා. කලින් නම් servers සද්ද, මිනිස්සුන්ගේ කතාබහ ඇහිලා පිරී තිබ්බ මේ තැන් දැන් නිස්සබ්දයි. හිතාගන්නත් බැරි තරම්, 2023 ඉඳලා වර්ග අඩි මිලියන […]

Remote Work සහ AI නිසා ටෙක් ඔෆිස් හිස්වෙන හැටි

ලෝකයේ වේගයෙන්ම දියුණු වන විදුලි වාහන නිෂ්පාදකයා වන BYD ගැන අහල තියෙනවද? එයාලා අතිවිශාල කර්මාන්තශාලාවල

ලෝකයේ වේගයෙන්ම දියුණු වන විදුලි වාහන නිෂ්පාදකයා වන BYD ගැන අහල තියෙනවද? එයාලා අතිවිශාල කර්මාන්තශාලාවල රොබෝවරුන්ගේ උදව්වෙන් විනාඩි කිහිපයකට වරක් අලුත් වාහන හදනවා. ඒත් මේ දියුණුව පිටිපස්සේ විශාල, නොපෙනෙන ණය බරක් තියෙනවද කියන එක තමයි දැන් කතාබහට ලක්වෙලා තියෙන්නේ.   BYD කියන්නේ කවුද? BYD, එහෙමත් නැත්නම් “Build Your Dreams”, 1995 දී පුංචි බැටරි හදන ආයතනයක් […]

හැමෝම ගන්න BYD අමාරුවේද? සැපයුම්කරුවන් මත ගොඩනැඟුණු අධික ණය බර

මේ ලෝකේ තත්ත්වය දැක්කම සමහර වෙලාවට හිතෙනවා, අපිට තුන්වන ලෝක යුද්ධය ලං වෙලාද කියලා. හරියට

මේ ලෝකේ තත්ත්වය දැක්කම සමහර වෙලාවට හිතෙනවා, අපිට තුන්වන ලෝක යුද්ධය ලං වෙලාද කියලා. හරියට පළවෙනි ලෝක යුද්ධයට කලින් තිබුණ තත්ත්වය වගේ.   මැද පෙරදිග තත්ත්වය ඊශ්‍රායලයයි, හමාස් සංවිධානයයි අතර ටික දවසකට කලින් සටන් නැවැත්තුවානේ. අපි හිතුවා දැන්වත් මැද පෙරදිග ටිකක් සන්සුන් වෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. ගාසා තීරයේ සටන් ආයෙත් පටන් ගත්තා. මේ […]

ගෝලීය ගේම් එකේ අලුත් ලෙවල් එක: තුන්වන ලෝක යුද්ධයද?

තුන්වන ලෝක යුද්ධය