පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මේ කච්චතිව් බිම් කඩ, දශක ගණනාවක් තිස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, විශේෂයෙන් ධීවරයන්ට, විශාල නොසන්සුන්තාවයකට හේතු වී තිබෙනවා. අපි මේ ඉතිහාසය ගැන සොයා බලමු.
මහා ඓතිහාසික විවාදය
ශතවර්ෂ ගණනාවක් තිස්සේ, කච්චතිව්හි අයිතිය කාටද යන්න පිළිබඳව කිසිවෙකුටත් එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණා.
එය සාමාන්‍ය “ඔහු එසේ පැවසුවා, ඇය එසේ පැවසුවා” ආකාරයේ තත්ත්වයක්.
ඉන්දියාවේ හිමිකම් මූලික වශයෙන් ඓතිහාසික වාර්තා මත පදනම් වේ. 17 වැනි සියවසේදී මෙම දූපත රාම්නාඩ් රාජධානියේ පාලනය යටතේ තිබූ බව විශ්වාස කෙරේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී, රාම්නාඩ්හි රජුට මෙම දූපත හිමිව තිබූ අතර, එය පසුව මදුරාසි ජනාධිපති පාලනයට (Madras Presidency) අයත් විය. 1726 දී ෆ්‍රැන්කොයිස් වැලන්ටයින් විසින් සකස් කරන ලද ලන්දේසි සිතියමක පවා මෙම දූපත “චගෝදිනා” ලෙස ඉන්දියාවට අයත් බව පෙන්වා ඇත.
ඉන්දියාව තවදුරටත් පෙන්වා දෙන්නේ 1948 දක්වා කච්චතිව් දිවයිනෙන් බදු එකතු කළ බවත්, ශ්‍රී ලංකාවේ මුල් අයිතියට සහාය දැක්වීමට සෘජු වාර්තාමය සාක්ෂි නොමැති බවත්ය.
ලාංකික අපිට අනුව නම්, මේ දූපත හැමවිටම ලංකාවේ කොටසක්. අපට කච්චතිව් දූපත ගැන 1700 ගණන්වල පෘතුගීසි සහ ලන්දේසි සිතියම් තිබෙනවා, ඒවායේ දූපත ශ්‍රී ලංකා භූමියේ කොටසක් ලෙස පෙන්වා ඇත.
1924 සිට ඉන්දියාවෙන් කිසිදු ප්‍රධාන විරෝධතාවක් නොමැතිව ලංකාවට කච්චතිව් හී පාලන බලය ක්‍රියාත්මක කළ බවද ලංකාව පවසනවා.
අවසානයේදී, ඓතිහාසික සාක්ෂි ඉතා පරස්පර විරෝධී වූ නිසා, එය 50/50 ආකාරයේ ගැටලුවක් බවට පත් වුණා.
සියල්ල වෙනස් කළ ගිවිසුම්
අවසානයේ මේ ආරවුල ප්‍රධාන ගිවිසුම් දෙකක් මගින් “විසඳා” ගත්තා, නමුත් ඒ කිසිම ගිවිසුමකින් ගැටලු සියල්ලම විසදුනේ නැහැ.
1974 ගිවිසුම:
මේ ගිවිසුමෙන් ඉන්දියාව නිල වශයෙන් කච්චතිව් ශ්‍රී ලංකාවට පවරා දුන්නා.
මෙය විශාල තීරණයක් වූ අතර, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති දෙමළ ජාතිකයන් 150,000 කට පුරවැසිභාවය ලබා දීමේ මානුෂීය උත්සාහයක්ද ඊට හේතු වුණා.
ගිවිසුමේ ප්‍රධාන කොටසක් වූයේ ඉන්දීය ධීවරයන්ට සහ වන්දනාකරුවන්ට දිවයිනට පැමිණීමට සහ අවට ජලයේ මසුන් ඇල්ලීමට තවමත් හැකි වීමයි.
1976 ගිවිසුම:
මේක තමයි කතාව අවුල් වුණු තැන. සමුද්‍රීය දේශසීමාව පැහැදිලිව නිර්වචනය කිරීම සඳහා දෙවන ගිවිසුමක් අත්සන් කළා.
මේ නව සීමාව නිසා, දෙරටේම ධීවරයන්ට එකිනෙකාගේ ජල තීරයට ඇතුළු වීම නීති විරෝධී වුණා.
එක මොහොතකින් 1974 ගිවිසුමේ තිබූ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් නැති වුණා.
නියම ගැටලුව
1976 ගිවිසුමේ වැඩිම පීඩාවට පත් වූවන් වන්නේ ධීවරයන්.
ඔවුන්ගේ අරගලය සීමා මායිමකට වඩා වැඩි දෙයක්; එය ආර්ථික හා පාරිසරික ගැටලු මිශ්‍ර වූ තත්ත්වයක්.
ට්‍රෝලර් ගැටලුව:
1960 ගණන්වලදී ඉන්දියාවේ ධීවරයන්ට ට්‍රෝලර් (trawlers) නමැති විශාල බෝට්ටු භාවිතා කිරීමට දිරි දුන්නා.
මේ බෝට්ටු වලින් බර දැල් යොදා ගනිමින් සාගර පතුල තුලදිම මසුන් අල්ලන අතර, එය ඉක්මනින් මසුන් ඇල්ලීමට හැකි ක්‍රමයක් වුවත්, මුහුදු ජීවීන්ට ඉතා හානිකරයි.
හිස් දැල්:
1970 දශකයේ අගභාගය වන විට ඉන්දීය ධීවරයන් ඔවුන්ගේ ජලයේ ඇති මසුන් සම්පත අඩු වූ නිසා ශ්‍රී ලංකාවට අයත් ජල ප්‍රදේශයට ඇතුළු වීමට පටන් ගත්තා.
ශ්‍රී ලංකාවේ දීර්ඝ සිවිල් යුද්ධය අතරතුර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලාංකික ධීවරයන්ට මසුන් ඇල්ලීමට තහනම් පැනවූ නිසා, ඉන්දීය ට්‍රෝලර්වලට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට අවස්ථාව ලැබුණා.
යුද්ධයෙන් පසු ගැටුම්:
යුද්ධය අවසන් වූ විට, සාම්ප්‍රදායික කුඩා බෝට්ටු භාවිතා කරන ශ්‍රී ලංකා ධීවරයන් කෝපයට පත් වුණා.
ඔවුන්ගේ මසුන් ඇල්ලීමට තිබූ ප්‍රදේශ විනාශ කළ විශාල ඉන්දීය ට්‍රෝලර් සමඟ ඔවුන්ට තරඟ කිරීමට නොහැකි වුණා.
මේ නිසා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම, එය නිතර සිදුවීම සහ නොසන්සුන්තාවයන් වැඩි වීමට හේතු වුණා.
ධීවරයන් මුහුණ දෙන ගැටලු සෘජුවම කච්චතිව් දූපතේ අයිතියට සම්බන්ධ නැති නමුත්, 1976 සමුද්‍රීය දේශසීමා ගිවිසුම සහ ඉන්දීය ට්‍රෝලර්වල අසීමිත ධීවර කටයුතු නිසා ඇති වූ ඒවාය.
කච්චතිව් නැවත ඉන්දියාවට ලබා ගැනීමෙන් ධීවර අයිතිවාසිකම් සහ ට්‍රෝලර් භාවිතය පිළිබඳ මූලික ගැටලුව විසඳෙන්නේ නැත.
කෙසේ වෙතත්, එය වෙනත් ගිවිසුම් අනතුරේ හෙළීමට සහ ඉන්දියාවේ අසල්වැසි රටවල් සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානි කිරීමට ඉඩ ඇත.