ZARA ගැන කතාව: ලෝකයේ සාර්ථකම විලාසිතා brand එකක් වීමේ රහස

අපි අද කතා කරන්න යන්නේ ZARA කියන ඇඳුම් බිස්නස් එක ගැන. ඇත්තටම මේක හරිම අමුතුයි. එක පැත්තකින් ගත්තොත් ස්පාඤ්ඤයේ ලොකුම කොම්පැනිය මේක. අනිත් පැත්තෙන් බැලුවොත්, අලුත්ම

success story-ZARA clothing

ZARA ගැන කතාව: ලෝකයේ සාර්ථකම විලාසිතා brand එකක් වීමේ රහස

අපි අද කතා කරන්න යන්නේ ZARA කියන ඇඳුම් බිස්නස් එක ගැන. ඇත්තටම මේක හරිම අමුතුයි. එක පැත්තකින් ගත්තොත් ස්පාඤ්ඤයේ ලොකුම කොම්පැනිය මේක. අනිත් පැත්තෙන් බැලුවොත්, අලුත්ම විලාසිතා හදුන්වලා දෙන මේ අයගේ ඔෆිස් එක තියෙන්නේ යුරෝපේ සුපිරි නගරයක් වෙන මැඩ්රිඩ් වල වගේ නගරයක කියල හිතුවට එහෙ නෙවෙයි. ඒක තියෙන්නේ ස්පාඤ්ඤයේ උතුරු පැත්තේ ගම්බද පළාතක. ඒකත් පුදුමයි […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    අපි අද කතා කරන්න යන්නේ ZARA කියන ඇඳුම් බිස්නස් එක ගැන. ඇත්තටම මේක හරිම අමුතුයි. එක පැත්තකින් ගත්තොත් ස්පාඤ්ඤයේ ලොකුම කොම්පැනිය මේක. අනිත් පැත්තෙන් බැලුවොත්, අලුත්ම විලාසිතා හදුන්වලා දෙන මේ අයගේ ඔෆිස් එක තියෙන්නේ යුරෝපේ සුපිරි නගරයක් වෙන මැඩ්රිඩ් වල වගේ නගරයක කියල හිතුවට එහෙ නෙවෙයි. ඒක තියෙන්නේ ස්පාඤ්ඤයේ උතුරු පැත්තේ ගම්බද පළාතක. ඒකත් පුදුමයි නේද?

    අනික, අනිත් ඇඳුම් කොම්පැනි ලොකු ලොකු ඇඩ් දාලා, සල්ලි ගොඩක් වියදම් කරනවනේ. ඒත් ZARA එහෙම කරන්නේම නැහැ. එයාලගේ ඇඩ් වියදම බිංදුවයි. එතකොට කොහොමද මේ තරම් මේ බිස්නස් එක යන්නේ? ලෝකේ ඇඳුම් බිස්නස්  අලුත් අභියෝගවලටයි, ප්‍රශ්නවලටයි මුහුණ දෙන මේ කාලේ, ZARA එකට මේ විදිහට දිගටම යන්න පුළුවන් වෙයිද?

    වේගෙන් වෙනස් වෙන විලාසිතා ලෝකේ සාරා තමයි ඉදිරියෙන්ම ඉන්නෙ:

    ගොඩක් අය කියන්නේ වේගෙන් වෙනස් වෙන විලාසිතා සංකල්පය මුලින්ම පටන් ගත්තේ ZARA කියලයි. New York Times පත්තරේ තමයි එයාලට ඒ නම දුන්නේ. ඒ නිව්යෝර්ක් වල ZARA කඩයක් දාපු දවසේ. ඇත්තටම විලාසිතා කියන්නේ පාරිභෝගිකයන්ගේ අදහස් වෙනස් වෙන විදිහට ඉක්මනට ඇඳුම් හදලා එළියට දාන්න පුළුවන්කමටයි. ඒ ඇඳුම් ගොඩක් කල් පාවිච්චි කරන්න ඕනෙත් නැහැ. පොඩි කාලයක් ඇඳලා දැම්මත් පාඩුවක් නැහැ.

    සමහරු කියයි H&M එකත් ඔය වැඩේම තමයි කරන්නේ කියලා. ඒත් ZARA ලෝකේ පුරා පැතිරිලා ඉන්න විදිහයි, එයාලගේ ප්‍රමාණයයි එක්ක බලද්දී ගොඩක් අය කියන්නේ ඔටුන්න හිමි වෙන්න ඕනේ ZARAටම තමයි කියලා. මොකද ZARA කියන්නේ සුපිරි මිල අධික ඇඳුම් ගන්න බැරි, ඒත් හොඳට පේන්න කැමති අයට හරියන තැනක්.

    Inditex කියන්නේ ZARA අයිතිකරු:

    ZARA කියන්නේ Inditex කියන ලොකු කොම්පැනියේ එක අතු රිකිල්ලක් විතරයි. මේ Inditex කියන කොම්පැනිය හදලා තියෙන්නේ අමන්සියෝ ඔර්ටෙගා කියන ලොකු ව්‍යාපාරිකයා. මේ කොම්පැනියේ සාරා විතරක් නෙවෙයි, තව ජනප්‍රිය නම් තියෙනවා. ඒ තමයි Massimo Dutti, Stradivarius, OYSHO, Pull&Bear, Bershka වගේ ඒවා. ඒ ඔක්කොම බැලුවොත් ZARA තමයි වැඩිම බිස්නස් කරන්නේ. ආදායමෙන් 70%ක් විතර එන්නේ සාරා brand එකෙන්.

    පහුගිය අවුරුදු විස්ස ඇතුළත ZARA ඇවිත්, අපි බඩු ගන්න විදිහම වෙනස් කරලා දැම්මා. මිනිස්සු දැන් ගොඩක් ඇඳුම් ගන්නවා. ඒත් ඒ ඇඳුම් අඳින්නේ ටික කාලයයි. ඊට පස්සේ අලුත් ඇඳුම් ගන්නවා. ඇඳුම් බිස්නස් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ගොඩක් පැතිරිලා තියෙන්නේ. ලෝකේ කොහෙවත් එක කොම්පැනියකට ලොකුම කොටසක් අයිති වෙලා නැහැ. හැමෝටම පොඩි පොඩි කොටස් තමයි තියෙන්නේ. ඒ නිසා ලොකු ක්‍රීඩකයින් ගොඩක් ඉන්න ඉඩ තියෙනවා.

    ZARA අනිත් අය වගේ නෙවෙයි:

    එතකොට ZARA අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? එක තමයි එයාලගේ ඇඩ් දාන විදිහ. එයාල සාමාන්‍යයෙන් ඇඩ් දාන්නේම නැහැ. එයාලගේ නම පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වෙලා තියෙන එකයි, ප්‍රසිද්ධ අය එයාලගේ ඇඳුම් අඳින එකයි තමයි ලොකුම ප්‍රචාරණය. ස්පාඤ්ඤයේ රැජින පවා සමහර වෙලාවට ZARA ඇඳුම් අඳිනවා. ඒකත් පුදුමයි නේද? මොකද ZARA සුපිරි මිල අධික බ්‍රෑන්ඩ් එකක් නෙවෙයිනේ. අනිත් එක තමයි ZARA ඇඳුම්වල ෆොටෝස් ටිකක් අමුතුයි. එයාල උත්සාහ කරන්නේ කෙනෙක් කබායක් ඇන්දම දැනෙන සුවපහසුව ෆොටෝ එකට ගන්නයි.

    වේගවත් බෙදාහැරීමේ රහස:

    ZARA අනිත් ඇඳුම් කොම්පැනිවලින් වෙනස් කරන තවත් ලොකුම දේ තමයි එයාලගේ ඇඳුම් බෙදාහරින විදිහ. ලෝකේ ගොඩක් ඇඳුම් කොම්පැනි ඇඳුම් මහන්නේ ආසියාවේ රටවල. බංග්ලාදේශය, පකිස්තානය, වියට්නාමය, චීනය වගේ රටවල. ZARA ඇදුමුත් ඒ රටවල මහනවා. ඒත් එයාලගේ වැඩි හරියක් ඇඳුම් මහන්නේ එයාලගේ ඔෆිස් එකට කිට්ටුව තියෙන රටවල. ස්පාඤ්ඤය තමයි ඒ අතරින් ප්‍රධාන. ඒ නිසා එයාලට පුළුවන් ඉක්මනට ඇඳුම් කඩවලට එවන්න. Inditex වල තියෙන කඩවලින් 80%කටම දවස් හතර පහකට සැරයක් අලුත් ඇඳුම් තොගයක් එනවා.

    අනික තමයි එයාල මහන හැම ඇඳුමක්ම මුලින්ම එන්නේ ස්පාඤ්ඤයේ තියෙන බෙදාහැරීමේ මධ්‍යස්ථානවලට. එතනින් තමයි ලෝකේ පුරා තියෙන කඩවලට ඒ ඇඳුම් යවන්නේ. මේ විදිහට වැඩ කරන නිසා තමයි ZARA අනිත් අයත් එක්ක තරඟ කරලා ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙන්නේ.

    ZARA කඩවල තියෙන විශේෂත්වය:

    ෂීන් (Shein) සහ ටෙමු (Temu) වගේ ඔන්ලයින් කඩවලින් එන තරඟය නිසා ZARA එයාලව අනිත් අයගෙන් වෙනස් කරලා පෙන්වන්න ඕනේ වුණා. ඒ නිසා තමයි පාරිභෝගිකයන්ට කඩවලට ඇවිත් ඇඳුම් ඇඳලා බලන්නත්, සේවකයින් එක්ක කතා කරලා තමන්ට ඕන දේ තෝරගන්නත් අවස්ථාව දීලා තියෙන්නේ. ඔන්ලයින් විතරක් බැලුවට වඩා ඒක හොඳයිනේ.

    ඇඳුම් තෝරන්නේ කවුද?

    එතකොට මේ කඩවල එල්ලලා තියෙන ඇඳුම් තෝරන්නේ කවුද? ඒකට ZARA ඔෆිස් එකේ තව සෙක්ෂන් එකක් තියෙනවා. ඒ තමයි Product Store Managers. එයාල එක එක්කෙනා එක එක පැත්තේ තියෙන කඩවලට වග කියනවා. එයාල නිතරම බලන්නේ අලුතින් එන විලාසිතා මොනවද, මිනිස්සු මොනවද ඉල්ලන්නේ, මොනවද ජනප්‍රිය කියලා. ඒ තොරතුරු ඔක්කොම එයාල නිර්මාණකරුවන්ටයි, බඩු ගන්න අයටයි කියනවා. ඇඳුමක් නිර්මාණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ ඇඳුම කඩේට එන දවස වෙනකල් සති හයක් වගේ තමයි යන්නේ. ඒක නිසා එයාලට පුළුවන් ඉක්මනට අලුත් විලාසිතාවන්ට හැඩගැහෙන්න. කාලගුණේ වෙනස් වෙන විදිහටත් එයාලට ඇඳුම් මාරු කරන්න පුළුවන්.

    ZARA brand එකට තියෙන අභියෝග:

    ZARA brand එකටයි, ලෝකයේ ඇඳුම් බිස්නස් එකටයි තියෙන ලොකුම අභියෝග දෙකක් තමයි චීනෙන් එන ලොකු ඔන්ලයින් ඇඳුම් කඩවල තරඟයයි, අනිත් එක මේ වේගෙන් වෙනස් වෙන විලාසිතා නිසා පරිසරයට වෙන හානියයි. ෂීන් (Shein) සහ ටෙමු (Temu) වගේ කොම්පැනි ඇමරිකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒක ZARA ආයතනයට ලොකු බලපෑමක් කරනවා. මොකද තරුණ අය වැඩිපුරම යන්නේ ඒ කඩවලටනේ.

    අනික මේ කොම්පැනි පරිසරයට කරන බලපෑමත් ලොකු ප්‍රශ්නයක්. ZARA වගේ ප්‍රසිද්ධ කොම්පැනිවලට පරිසරය ගැන හිතන්න වෙනවා. මොකද එයාලගේ පාරිභෝගිකයෝ ඒ ගැන බලනවා. වේගවත් විලාසිතා නිසා පරිසරයට ගොඩක් හානි වෙනවා. ඇඳුම් හදන්න ගොඩක් වතුරයි, ශක්තියයි ඕනේ. හැම අවුරුද්දකම නිපදවන ප්ලාස්ටික් ටොන් මිලියන 300න් 20%ක් එන්නේ ඇඳුම් හින්දයි. අපි මේ ලිපිය කියවන මේ පොඩි කාලෙටත් ඇඳුම් කීයක් නම් විසික් කරලා ඇතිද? ඇමරිකාවේ විතරක් අවුරුද්දකට කිලෝග්‍රෑම් බිලියන 10ක් විතර අපද්‍රව්‍ය එනවා ඇදුම් වලින්. ZARA වගේ ලොකු කොම්පැනි මෙච්චර ඇඳුම් නිපදවන නිසා පරිසරයට හානියක් වෙන එක නවත්තන්න බැහැ. ඒක නිසා ගොඩක් අය ZARA විවේචනය කරනවා. මිනිස්සු ටික කාලයක් ඇඳලා ඇඳුම් විසික් කරන සංස්කෘතියක් හදලා තියෙනවා කියලා.

    ZARA 2040 වෙනකොට පරිසරයට හානියක් නොකරන විදිහට වැඩ කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම ඇඳුම් අලුත්වැඩියා කරන සර්විස් එකකුත් පටන් අරන් තියෙනවා. ඒත් එයාල අවුරුද්දකට නිපදවන ඇඳුම් ප්‍රමාණයත් එක්ක බලද්දී ඒක ප්‍රමාණවත්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. 2022 ඉඳන් Inditex හි විධායක නොවන සභාපතිනිය වෙලා ඉන්න මාර්ටා ඔර්ටෙගාට මේක ලොකු අභියෝගයක්. ඇය ZARA brand එකේ බිස්නස් වැඩවලට ගොඩක් උදව් කරනවා. ඒත් තාත්තා පටන් ගත්ත මේ බිස්නස් එක දිගටම කරගෙන යන්න ඇයට මේ එන අභියෝගවලටත් මුහුණ දෙන්න වෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ඔබේ කණ්ඩායම නිරන්තර වෙනස්වීම් නිසා වෙහෙසට පත්වෙලාද? Change fatigue එකට හේතු වන ප්‍රධාන කරුණු 7,
    ඔබේ කණ්ඩායම නිරන්තර වෙනස්වීම් නිසා වෙහෙසට පත්වෙලාද? Change fatigue එකට හේතු වන ප්‍රධාන කරුණු 7, වෙනස්කම් වලදී ඔබේ සේවකයන්ට සහාය දිය හැකි ප්‍රායෝගික උපායමාර්ග.
    වර්තමාන ව්‍යාපාර ලෝකයේ වෙනස්වීම් කියන්නේ නිතරම සිදුවන දෙයක්. නමුත් ඔබේ කණ්ඩායම මේ වෙනස්වීම් නිසා දැඩි පීඩනයකින් සහ වෙහෙසකින් ඉන්නවාද? මේ තත්ත්වය change fatigue කියලා හඳුන්වනවා. ආයතනික වෙනස්කම් හරියට කළමනාකරණය නොකළොත්, එය සේවකයන්ගේ උනන්දුව සහ ඵලදායිතාව අඩු කරන්න පුළුවන්. ඔබේ කණ්ඩායම මේ තත්ත්වයෙන් පීඩා විඳින්නේ ඇයි කියලා තේරුම් අරගෙන, ඒකට නිවැරදි විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් ඉගෙන ගන්න.

    ඔබේ කණ්ඩායම නිතරම Change Fatigue එකට වැටීමට හේතු 7ක්

    ඔබේ කණ්ඩායම නිරන්තර වෙනස්වීම් නිසා වෙහෙසට පත්වෙලාද? Change fatigue එකට හේතු වන ප්‍රධාන කරුණු 7,
    Change Fatigue
    ඔබේ කණ්ඩායම නිරන්තර වෙනස්වීම් නිසා වෙහෙසට පත්වෙලාද? Change fatigue එකට හේතු වන ප්‍රධාන කරුණු 7, වෙනස්කම් වලදී ඔබේ සේවකයන්ට සහාය දිය හැකි ප්‍රායෝගික උපායමාර්ග.
    ඔබේ ව්‍යාපාරයේ මුදල් අවසන් වීමට කොපමණ කාලයක් තිබේදැයි දැන ගන්න. සරල ගණනය කිරීමක් සහ ඔබේ
    ඔබේ ව්‍යාපාරයේ මුදල් අවසන් වීමට කොපමණ කාලයක් තිබේදැයි දැන ගන්න. සරල ගණනය කිරීමක් සහ ඔබේ "runway" එක දීර්ඝ කර ගැනීමට උපදෙස් 5ක් මෙම ලිපියෙන් කියවන්න.
    බිස්නස් කරන ඔයාගෙන් වැඩි දෙනෙක් කරන්නේ, මාසෙන් මාසේ වියදම් ටික cover කරගෙන, ඊළඟ payment එක එන්න කලින් අතේ තියෙන සල්ලි ඉවර වෙයිදෝ කියලා බයේ ඉන්න එක. ඒත් අතේ තියෙන සල්ලි වලින් තව කොච්චර කල් බිස්නස් එක කරගෙන යන්න පුළුවන්ද කියලා හරියටම දන්නේ නැත්නම්, කරන්නේ “ලයිට් නිවලා drive කරනවා” වගේ වැඩක්. ඒකට තමයි “runway” කියන එක තේරුම් ගන්න ඕනේ.

    බිස්නස් එකේ සල්ලි ටික ඉවර වෙන්න කලින් කොච්චර කල් දුවන්න පුළුවන්ද? – සරල guide එකක්

    ඔබේ ව්‍යාපාරයේ මුදල් අවසන් වීමට කොපමණ කාලයක් තිබේදැයි දැන ගන්න. සරල ගණනය කිරීමක් සහ ඔබේ
    බිස්නස්
    ඔබේ ව්‍යාපාරයේ මුදල් අවසන් වීමට කොපමණ කාලයක් තිබේදැයි දැන ගන්න. සරල ගණනය කිරීමක් සහ ඔබේ "runway" එක දීර්ඝ කර ගැනීමට උපදෙස් 5ක් මෙම ලිපියෙන් කියවන්න.
    ඔයාගේම Business එකක් පටන් ගන්න ලෑස්තිද? 2025ට ගැලපෙන Online, Freelance, Home-based Business Ideas 70ක් මේ
    ඔයාගේම Business එකක් පටන් ගන්න ලෑස්තිද? 2025ට ගැලපෙන Online, Freelance, Home-based Business Ideas 70ක් මේ Article එකෙන් හොයාගන්න.
    තමන්ගේම කියලා business එකක් පටන් ගන්න හීන දකින ඔයාට මේ article එක ගොඩක් වැදගත් වෙයි. ගෙදර ඉඳන්ම startup එකක් පටන් අරගෙන, ඔයාගේ professional goals ප්ලෑන් කරගෙන හොඳ work-life balance එකක් තියාගෙන හොඳට සල්ලි හොයාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද මේකට හොඳම business idea එක කියන එක. මේ list එකේ financial services, ශාරීරික වැඩ, creative වැඩ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ අදහස් වලින් ඔයාට ගැලපෙනම business එක තෝරගන්න පුළුවන්.

    2025දී පටන් ගන්න පුළුවන් සුපිරි Business Idea 70ක්!

    ඔයාගේම Business එකක් පටන් ගන්න ලෑස්තිද? 2025ට ගැලපෙන Online, Freelance, Home-based Business Ideas 70ක් මේ
    Business idea