...

නවතම ලිපි

Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා වැදගත් කරුණු.

Youtube නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිය: AI වීඩියෝවලට බලපාන්නේ කොහොමද?

Youtube ප්‍රකාශ කළේ ඔවුන් හැමවිටම නිර්මාණකරුවන්ගෙන් original සහ authentic අන්තර්ගතයන් උඩුගත කරන ලෙස ඉල්ලා සිටින බවයි.

2025 ජූලි 15 වන දා සිට, Youtube ඔවුන්ගේ මාර්ගෝපදේශ (guidelines) යාවත්කාලීන කරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ “මහා පරිමාණයෙන් නිපදවන ලද (mass-produced)” සහ repetitive content වඩා හොඳින් හඳුනා ගැනීමයි.

මුලින් සමහර creators ලා හිතුවේ, මේ වෙනස්කම් නිසා AI-generated වීඩියෝ, ක්ලිප්, සහ reaction වීඩියෝ වගේ දේවල්වලින් සල්ලි හොයන්න බැරි වෙයි කියලා. ඒත් Youtube දැන් පැහැදිලි කරනවා, එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා.

Youtube හි සංස්කාරක ප්‍රධානී Rene Ritchie කියන විදිහට, ජූලි 15 වන දා හඳුන්වා දෙන වෙනස්කම් දැනට පවතින monetization policies වලට කරන සුළු යාවත්කාලීනයක් විතරයි කියලා.

මේ වන විටත්, මුල් නොවන අන්තර්ගතයන් වීඩියෝවලට ඇතුළත් කරන්නේ නම් සැලකිය යුතු වෙනස්කම් කළ යුතු බවට නීති තියෙනවා.

තාක්ෂණය දියුණු වෙනකොට අඩු ගුණාත්මක content විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම පහසු වෙලා තියෙනවා. හොරකම් කරපු ක්ලිප් සහ AI-generated voiceovers එකතු කරපු වීඩියෝ වගේම, Youtube හි “මුල් සහ සත්‍ය” content සඳහා වන අවශ්‍යතාවය තිබියදීත්, කම්මැලි ලෙස සාදන ලද AI spam පිරුණු නාලිකා ඕන තරම් දකින්න පුළුවන්.

X සමාජ මාධ්‍ය වේදිකාවේ පරිශීලකයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Youtube පැහැදිලි කළේ, content වැඩි දියුණු කිරීමට AI භාවිතා කරන්නේ නම්, එය අනෙකුත් සියලුම ප්‍රතිපත්ති අවශ්‍යතා සපුරාලන්නේ නම් තවදුරටත් මුදල් ඉපැයීමට සුදුසුකම් ලබන බවයි.

“මහා පරිමාණයෙන් නිපදවන ලද” හෝ repetitive content යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීම් නිසා, Youtube feed එකේ තියෙන spam ප්‍රමාණය අවම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.