Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි

සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස එතරම් සැලකිල්ලට ලක් නොවූ බව රහසක් නොවේ. එය එසේ වුවද

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස එතරම් සැලකිල්ලට ලක් නොවූ බව රහසක් නොවේ. එය එසේ වුවද ගෝලීය ඇඟලුම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery සිය 100 වැනි පේටන්ට් බලපත්‍රය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානයක් බව ලොවට හඬගා කියන්නට සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදනයන්ගෙන් සුසැදි Twinery විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, නිර්මාණශිල්පීන් හා ව්‍යවසායකයින් සියලු දෙනා සමඟින් මානව ඇඟලුම් කර්මාන්තයේ නව්‍ය වෙනසක් වෙනුවෙන් කටයුතු කරනු ලබයි. සහයෝගීතාව හා දුරදක්නා චින්තනය තුළින් විප්ලවීය අදහස් විශ්වසනීය විසඳුම් බවට පත් කිරීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් ඔබ්බටද සාර්ථක අනාගතයකට මඟ විවර කරමිනි. ඒ අනුව ඔවුන් විසින් ද්‍රව්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, තාප ගති විද්‍යාව සහ රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව වැනි විෂයය ක්ෂේත්‍ර හරහා නව්‍ය තාක්ෂණික සොයා ගැනීම් 23ක් සංවර්ධනය කිරීමට සමත්ව ඇත.

MAS Holdings හි ප්‍රධාන නව්‍යකරණ නිලධාරී හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී රනිල් විතාරණ මහතා සඳහන් කර සිටියේ “2011 වසරේ අපගේ පළමු ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය හිමි කර ගැනීමේ සිට වසර 13ක් වැනි ඉතා කෙටි කලෙකදී පේටන්ට් බලපත්‍ර 100ක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ කණ්ඩායමේ උනන්දුව, උද්යෝගය, කැපවීම මෙන්ම ගෝලීය රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනයේ පෙරමුණ වෙත අප රැගෙන යාමට හේතු වූ අසීමිත පර්යේෂණය හා සහයෝගීතාව මෙම සුවිසල් ජයග්‍රහණයට හේතු වූ බව සඳහන් කළ හැකියි” යනුවෙනි.

ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයන් නිර්මාණය කිරීමේ දේශීය හැකියාවන්හි ශක්තිය ලොවට ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටින Twinery හි මෙම සාර්ථක ගමන තුළින් ශ්‍රී ලංකාව තාක්ෂණ, ඇඟලුම් හා විද්‍යා ක්ෂේත්‍රයන්හි නැගී එන රටක් බවට පත් කිරීමට හැකි වී තිබේ. මෙම නවෝත්පාදනයන් අතරට මුල් නවෝත්පාදනයන් 23ක් අන්තර්ගත වන අතර ඒවා ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය සහ ඉන්දියාව ඇතුලු ලෝකයේ කලාප 20කට වඩා වැඩි ප්‍රමාණයක් තුළින් එම පිළිගැනීම් හිමි වී තිබීම විශේෂත්වයකි. හුදෙක් තාක්ෂණික ජයග්‍රහණවලට එහා ගිය විශිෂ්ටත්වයක් සනිටුහන් කරන මෙය ආර්ථික වර්ධනය, තිරසරභාවය හා ගෝලීය නවෝත්පාදනයෙහි ප්‍රමුඛයකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමේ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නවෝත්පාදන ඒජන්සි ආයතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසුවේ “Twinery විසින් ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදනයන්හි ඉදිරියට ගෙන එමින් සිටින අතර මෙම සන්ධිස්ථානය තුළින් විද්‍යාව හා තාක්ෂණය හැදෑරීමේ උනන්දුව සහිත නව පරපුරක් බිහි කිරීමට හේතුවනු ඇති බවයි.

ආයතනයක් ලෙස නවෝත්පාදනය වෙනුවෙන් MAS විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන විශ්වවිද්‍යාල පුහුණු වැඩසටහන්, සීමාවාසික පුහුණු අවස්ථා, ගෝලීය සහයෝගීතා හා දැනුම බෙදා දීමේ සැසි හරහා සිය දැනුම හා කැපවීම අනෙකුත් පාර්ශවයන් සමඟ බෙදා ගැනීමට ද Twinery කටයුතු කර ඇත්තේ අනාගත පරපුරේ නවෝත්පාදකයින් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි. පර්යේෂණ හා සංවර්ධනයන් තුළින් නව්‍යකරණය සොයා යාම සඳහා වන හැකියාවන් හා තීක්ෂණ බුද්ධියෙන් සිසු සිසුවියන් සවිබල ගැන්වීම මෙම වැඩසටහන්වල අරමුණ වී ඇත.

පේටන්ට් බලපත්‍ර 100ක් සැමරීම ආයතනයක් ලෙස MAS ලද ජයග්‍රහණයක් පමණක් ලෙස සඳහන් කළ නොහැකි අතර එය ශ්‍රී ලාංකේය හැකියාව, නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය පිළිබඳ කදිම නිදසුනක්ද වේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන MAS, දේශීය හැකියාවන් ඉහළ නැංවීමට කැපවී කටයුතු කරන අතර ඒ සඳහා තමන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස උනන්දුවක් දක්වන පුද්ගල හා සංවිධානයන්ට ආරාධනා කර සිටියි.

මානව ශරීරයට වඩාත් ගැලපෙන ඇඟලුම් නවෝත්පාදනයන් වෙනුවෙන් තාක්ෂණය භාවිත කරමින් වඩා දියුණු ජීවිතයක් උරුම කර දීමට සමත්ව සිටින MAS හි නව්‍යකරන අංශය ලෙස Twinery හඳුන්වා දිය හැකිය. මව් සමාගම වන MAS Holdings හරහා ලොව විශාලතම සන්නාම සඳහා නිෂ්පාදනය කිරීමේ 30වසරකට වැඩි අත්දැකීම් සමඟින් නවෝත්පාදනයේ ප්‍රමුඛයා බවට පත් වීමට Twinery සමත්ව සිටියි. විශේෂයෙන් නවෝත්පාදකයින් වෙනුවෙන් සහාය දැක්වීම සම්බන්ධයෙන් හොඳම ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති MAS නව තාක්ෂණයන් තුළින් ව්‍යාපාර පරිවර්තනය, ජීවිත නගා සිටුවීම හා බලාපොරොත්තු ඉහළ නැංවීමට කටයුතු කර ඇත. නවෝත්පාදනය ඉක්මවා යන විසඳුම් ලබා දෙමින් තම විශිෂ්ටත්වය පවත්වාගෙන යාමට කටයුතු කරන Twinery ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාඥයින්, නිර්මාණකරුවන්, ඉංජිනේරුවන් අලෙවිකරුවන් හා ව්‍යවසායකයන් එක් කරමින් තාක්ෂණය තුළින් විශිෂ්ට නිෂ්පාදන සිදු කිරීමටත් ඒවා වාණිජකරණය කර වෙළෙඳපොලට ගෙන ඒමටත් කරයුතු කර ඇත.

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට අවශ්‍ය නිවැරදි හා ගුණාත්මක අපේක්ෂකයින් (qualitative candidates) සොයා දීම සඳහා පිහිටුවා ඇති Talent Acquisition ආයතනයකි. වසර දෙකකට අධික කාලයක් පුරා සිදුකළ පුළුල් පර්යේෂණ (extensive research) සහ වෙළඳපොළ නිරීක්ෂණ (market observation) මගින්, සාම්ප්‍රදායික බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඇති අඩුපාඩු අවබෝධ කරගත් Career […]

රැකියා වෙළඳපොළ ජය ගැනීමට Career Co. ඔබට උදව් කරන්නේ කෙසේද?

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට අවශ්‍ය නිවැරදි හා ගුණාත්මක අපේක්ෂකයින් (qualitative candidates) සොයා දීම සඳහා පිහිටුවා ඇති Talent Acquisition ආයතනයකි. වසර දෙකකට අධික කාලයක් පුරා සිදුකළ පුළුල් පර්යේෂණ (extensive research) සහ වෙළඳපොළ නිරීක්ෂණ (market observation) මගින්, සාම්ප්‍රදායික බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඇති අඩුපාඩු අවබෝධ කරගත් Career […]

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු නිෂ්පාදන කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ආශාවක් ලෙස වසර පහකට පෙර විනෝදාංශයක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ වන විට, ඔවුන්ගේ පස් අවුරුදු සැලසුමේ අවසානය සනිටුහන් කරමින්, ලාංකීය […]

ඉවතලන කොටස් වලින් නිර්මාණ කරන ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා : Mahananda Lifestyles

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු නිෂ්පාදන කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ආශාවක් ලෙස වසර පහකට පෙර විනෝදාංශයක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ වන විට, ඔවුන්ගේ පස් අවුරුදු සැලසුමේ අවසානය සනිටුහන් කරමින්, ලාංකීය […]

වර්තමාන ඩිජිටල් යුගයේ ව්‍යාපාරයක් ලෙස සාර්ථක වීමට නම්, ශක්තිමත් ඔන්ලයින් පැවැත්මක් අත්‍යවශ්‍ය වේ. වෙබ් අඩවියක්

වර්තමාන ඩිජිටල් යුගයේ ව්‍යාපාරයක් ලෙස සාර්ථක වීමට නම්, ශක්තිමත් ඔන්ලයින් පැවැත්මක් අත්‍යවශ්‍ය වේ. වෙබ් අඩවියක් යනු ඔබේ ව්‍යාපාරයේ ඩිජිටල් මුහුණුවර වන අතර, එය ඔබගේ අනාගත ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන ප්‍රධාන මාධ්‍යයයි. SquareByte Technologies, ඔබේ ව්‍යාපාරයට ගැලපෙන අයුරින්, අති නවීන තාක්ෂණයෙන් යුත් වෙබ් අඩවි නිර්මාණය කිරීමට කැපවී සිටින ආයතනයකි. අද අපි ඔබට SquareByte Technologies සමග වෙබ් […]

SquareByte Technologies: ඔබව අන්තර්ජාලයට ගෙන යන නවීනතම මාවත