Sun Siyam Pasikudah හෝටලය, තිරසර ආගන්තුක සත්කාරය වෙනුවෙන් Travelife Gold සහතිකය දිනාගනියි

දෙස් විදෙස් සංචාරකයින්ට සුඛෝපභෝගීත්වය සහ තිරසරභාවය මුසුකරගත් සුවිශේෂී අත්දැකීමක් සමීපකරවන, සුන්දර නැගෙනහිර වෙරළතීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය පසුගියදා Travelife Gold සහතිකය දිනාගැනීමට සමත්විය. මෙය හෝටලයේ

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

දෙස් විදෙස් සංචාරකයින්ට සුඛෝපභෝගීත්වය සහ තිරසරභාවය මුසුකරගත් සුවිශේෂී අත්දැකීමක් සමීපකරවන, සුන්දර නැගෙනහිර වෙරළතීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය පසුගියදා Travelife Gold සහතිකය දිනාගැනීමට සමත්විය. මෙය හෝටලයේ පරිසර හිතකාමීබව සහ ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් Travelife සංවිධානය මගින් පිරිනමනු ලැබිණි.

Travelife යනු තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් නවෝත්පාදන විසඳුම් ඉදිරිපත්කරන සංචාරක ගමනාන්ත, ව්‍යාපාර සහ සංචාරකයින් වෙනුවෙන් සහාය දක්වන ස්වේච්ඡා සංවිධානයකි. Travelife Gold සහතිකය දිනාගැනීම සඳහා සංචාරක හෝටල් නිකේතනයක් විසින් තිරසර නිර්ණායක 163ක් ළඟාකරගත යුතුය. අපද්‍රව්‍ය සහ බලශක්ති භාවිතය අවමකිරීම, සමාජ ගැටලුවලට විසඳුම් සැපයීම, සේවක සුබසාධනය, වනජීවී ආරක්ෂණය, දේශීය ප්‍රජාව සහ දේශීය ව්‍යාපාර සවිබලගැන්වීම ආදිය එම නිර්ණායක අතර වේ. මෙම සහතිකය දිනාගැනීම තුළින් Sun Siyam Pasikudah හෝටලය, සංචාරකයින්ට සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සලසන අතරතුර, පරිසරය සහ සමාජය වෙත ද ධනාත්මක බලපෑමක් කිරීමට තම දායකත්වය ප්‍රකට කරයි.

″පරිසර හිතකාමී භාවිතාවන්, ප්‍රජා සහභාගීත්වය සහ සංස්කෘතික උරුමය තුළින් සංචාරකයින් වෙත අසමසම අත්දැකීමක් ලබාදෙන අප හෝටලයට Travelife Gold සහතිකය හිමිවීම ඉතාම වැදගත් ජයග්‍රහණයක්″, යනුවෙන් Sun Siyam Pasikudah සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා ප්‍රකාශ කළේය.

″මෙය තිරසර සංචාරණයට, දේශීය ප්‍රජාව සවිබලගැන්වීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට අප සතු කැපවීම තවත් වර්ධනය කරනවා. මේ සමඟ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි අප හෝටල් සමූහය සතු සියලු හෝටල් වෙත Travelife සහතිකකරණය හිමිවීමත් අප ලද විශාල ජයග්‍රහණයක්″, යනුවෙන් Sun Siyam Resorts තිරසර ව්‍යාපෘති කළමනාකරු චමින්ද උපුල් කුමාර මහතා පැවසුවේය.

ප්‍රතිචක්‍රීයකරණ ප්‍රමුඛතාකරණය, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, පරිසර හිතකාමී පිරිසිදුකිරීමේ නිෂ්පාදන භාවිතය, සූර්ය බලශක්ති අලෝකකරණය, LED තාක්ෂණ භාවිතය සහ ජල පරිභෝජන කළමනාකරණය ආදී වැදගත් තිරසර ක්‍රමවේද රැසක් Sun Siyam Pasikudah හි භාවිත කෙරේ. මෙම ක්‍රියාකාරකම් සහ භාවිතාවන් සඳහා හෝටලයේ නවාතැන් ගන්නා සංචාරකයින් ද සහභාගී කරවා ගැනීම (උදා, හෝටල් කාමර තුළ ප්‍රතිචක්‍රීයකරණ පහසුකම් සැලසීම ආදී) තවත් විශේෂත්වයකි.

ජෛව විවිධත්ව සංරක්ෂණය ද හෝටලයේ තිරසර න්‍යාය පත්‍රයේ වැදගත් අංගයකි. උඩවලව ඇත්අතුරු සෙවණේ හැදී වැඩෙන කුඩා අලි පැටවකු රැකබලාගැනීම වෙනුනේ ක්‍රියාත්මකවන CarePhant ව්‍යාපෘතිය ඊට කදිම නිදසුනකි. ඊට අමතරව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන හා එක්ව මෙරට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට හෝටලය විවිධ පියවර ගෙන තිබේ. එමෙන්ම හෝටලය මෑතක සිදුකළ නවීකරණ කටයුතුවලදී ද එහි කාබන් පියසටහන් අවම කරගනිමින්, දේශීය අමුද්‍රව්‍ය සහ ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පීය දක්ෂතා භාවිත කිරීම ද විශේෂත්වයකි. ඒ හරහා සාරවත් හරිත පරිසරයක් තුළ ඉදිවුණු හෝටලය, එහි නවාතැන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින් සියලුදෙනාට පරිසර හිතකාමී ජීවන රටාවක වැදගත්කම ඉස්මතු කරන, නිදහස් විවේකී පරිසරයක් නිර්මාණය කරදී තිබේ.

හෝටලයේ සේවය කරන කාර්යමණ්ඩලයේ සියයට 90ක් පමණ අවට ප්‍රදේශවලින් බඳවාගත් සේවකයින්වීඹ නිසා ඒ හරහා ප්‍රාදේශීය ආර්ථික වර්ධනයටත් හේතුවක් වී තිබේ. එමෙන්ම මුහුදු වෙරළ පවිත්‍රතාකරණය, රැක් රෝපණ වැඩසටහන් සහ පරිසර සංරක්ෂණය සහ නායකත්වය පිළිබඳ වැඩමුළු ආදිය සංවිධානය කිරීම තුළින් ප්‍රජා සහභාගීත්වය ද සමඟ තිරසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝටලය පෙරමුණ ගෙන තිබේ.

හෝටල් භූමිය තුළ වගාකර ඇති කාබනික එලවළු, පලතුරු සහ පලා වර්ග සංචාරකයින්ගේ මනදොළ පිනවමින් ආහාර මේසයට පැමිණීම ද තවත් විශේෂත්වයකි. හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණීමේ දී ලබාදෙන අඹරැල්ලා පානය (welcome drink) සඳහා ද ප්‍රාදේශීය කාබනික අඹරැල්ලා යොදාගැනේ.

ඉවුම්පිහුම් වැඩසටහන්, සාම්ප්‍රදායික නර්තන වැඩසටහන්, අවට පිහිටි ඓතිහාසික ස්ථාන නැරඹීම ආදී විවිධ ක්‍රියාකාරකම් හරහා නැගෙනහිර පළාතේ සංස්කෘතිය හා සමීප වීමට ද සංචාරකයින්ට ඉඩ සැලසේ.

මේ අතර, සියලුම Sun Siyam හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන Sun Siyam Cares වැඩසටහන මගින් හෝටල් හරහා සිදුවන පාරිසරික බලපෑම අවමකිරීම, ප්‍රාදේශීය ප්‍රජාව සවිබලගැන්වීම සහ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු සම්පාදනය කෙරේ. එක් වරක් පමණක් භාවිතයට ගැනෙන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය කිරීම සහ ප්‍රාදේශීයව සැපයුම් ලබාගැනීමේ ප්‍රමුඛතාව ආදිය තුළින් වගකීම් සහගත සංචාරක ව්‍යාපාරයක් වෙනුවෙන් හෝටල් සමූහය සතු කැපවීම පිලිබිඹු කෙරේ. වැඩිදුර තොරතුරු සඳහා https://www.sunsiyam.com/sun-siyam-cares/ වෙබ් අඩවියට පිවිසෙන්න.

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට අවශ්‍ය නිවැරදි හා ගුණාත්මක අපේක්ෂකයින් (qualitative candidates) සොයා දීම සඳහා පිහිටුවා ඇති Talent Acquisition ආයතනයකි. වසර දෙකකට අධික කාලයක් පුරා සිදුකළ පුළුල් පර්යේෂණ (extensive research) සහ වෙළඳපොළ නිරීක්ෂණ (market observation) මගින්, සාම්ප්‍රදායික බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඇති අඩුපාඩු අවබෝධ කරගත් Career […]

රැකියා වෙළඳපොළ ජය ගැනීමට Career Co. ඔබට උදව් කරන්නේ කෙසේද?

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට අවශ්‍ය නිවැරදි හා ගුණාත්මක අපේක්ෂකයින් (qualitative candidates) සොයා දීම සඳහා පිහිටුවා ඇති Talent Acquisition ආයතනයකි. වසර දෙකකට අධික කාලයක් පුරා සිදුකළ පුළුල් පර්යේෂණ (extensive research) සහ වෙළඳපොළ නිරීක්ෂණ (market observation) මගින්, සාම්ප්‍රදායික බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඇති අඩුපාඩු අවබෝධ කරගත් Career […]

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු නිෂ්පාදන කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ආශාවක් ලෙස වසර පහකට පෙර විනෝදාංශයක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ වන විට, ඔවුන්ගේ පස් අවුරුදු සැලසුමේ අවසානය සනිටුහන් කරමින්, ලාංකීය […]

ඉවතලන කොටස් වලින් නිර්මාණ කරන ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා : Mahananda Lifestyles

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු නිෂ්පාදන කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ආශාවක් ලෙස වසර පහකට පෙර විනෝදාංශයක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ වන විට, ඔවුන්ගේ පස් අවුරුදු සැලසුමේ අවසානය සනිටුහන් කරමින්, ලාංකීය […]

වර්තමාන ඩිජිටල් යුගයේ ව්‍යාපාරයක් ලෙස සාර්ථක වීමට නම්, ශක්තිමත් ඔන්ලයින් පැවැත්මක් අත්‍යවශ්‍ය වේ. වෙබ් අඩවියක්

වර්තමාන ඩිජිටල් යුගයේ ව්‍යාපාරයක් ලෙස සාර්ථක වීමට නම්, ශක්තිමත් ඔන්ලයින් පැවැත්මක් අත්‍යවශ්‍ය වේ. වෙබ් අඩවියක් යනු ඔබේ ව්‍යාපාරයේ ඩිජිටල් මුහුණුවර වන අතර, එය ඔබගේ අනාගත ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන ප්‍රධාන මාධ්‍යයයි. SquareByte Technologies, ඔබේ ව්‍යාපාරයට ගැලපෙන අයුරින්, අති නවීන තාක්ෂණයෙන් යුත් වෙබ් අඩවි නිර්මාණය කිරීමට කැපවී සිටින ආයතනයකි. අද අපි ඔබට SquareByte Technologies සමග වෙබ් […]

SquareByte Technologies: ඔබව අන්තර්ජාලයට ගෙන යන නවීනතම මාවත