ලෝකයේ ප්රසිද්ධ YouTuber කෙනෙක් වන MrBeast ඔහුගේ නවතම රියැලිටි වැඩසටහන වන “Beast Games” වෙනුවෙන් විශේෂිත නගරයක් ගොඩනඟලා තියෙනවා. මේ “Beast City” නගරය ගොඩනැගීමට ඔහු ඩොලර් මිලියන 14 ක මුදලක් වැය කරලා තියෙනවා. ලොව පුරා කථාබහ වෙලා තියෙන මේ නගරය ටොරෝන්ටෝ වල පිහිටා ඇති බව වාර්තා වෙනවා. මෙහි තරඟකරුවන් 1000ක් එක්වී ඩොලර් මිලියන 5ක තරග මුදලක් ජයගැනීම සඳහා තරඟ වදිනවා.
මේ නවතම Reality Show එක 2024 දෙසැම්බර් 19 වනදා Amazon Prime Video ඔස්සේ විකාශය ආරම්භ වූ අතර, 2025 පෙබරවාරි 13 දක්වා සතියකට එක් එපිසෝඩ් එකක් බැගින් නිකුත් වෙන්නට නියමිතයි. මෙම වැඩසටහන සදහා ඩොලර් මිලියන 100කට අධික වියදමක් වෙන්කර ඇති අතර, එහි විශාල කොටස “Beast City” නගරය ගොඩනැගීමට වැය කරල තියෙනවා.
කෙසේ වෙතත්, මේ වැඩසටහන ආරම්භ වීමටත් කලින් විවාදයකට තුඩුදුන් කරුණු කිහිපයක් තිබුනා. තරඟකරුවන් කිහිපදෙනෙකු විසින් “Unsafe Conditions” (අනතුරුදායක තත්ත්වයන්) බවට චෝදනා කරමින් class-action lawsuit එකක් පවරා තිබෙනවා. එහිදී ඔවුන් කිව්වේ, වැඩසටහනේදී අපරික්ශාකාරී අත්දැකීම් ඇති වුනත් මේ ගැන ප්රමාණවත් පියවරක් ගෙන නැහැ කියලා.
මේ සියල්ලම අතර, MrBeast කියන්නේ, YouTube එකෙන් එහාට ගිහින් ලොකු ප්රේක්ෂක කණ්ඩායමකට මේ වැඩසටහන ගෙනයන බවයි. “Beast Games”