Miss Teen Sri Lanka 2025: අති උත්කර්ෂවත් රූ රැජිනිය බිහි කළ රාත්‍රිය!

ශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය සහ විලාසිතා ක්ෂේත්‍රයේ තවත් අලුත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Miss Teen Sri Lanka

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

ශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය සහ විලාසිතා ක්ෂේත්‍රයේ තවත් අලුත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Miss Teen Sri Lanka 2025 අති උත්කර්ෂවත් විදියට නිමාවට පත් වුණා.

මීගමුවේ දිදුලන තරු රැයක්!

ජූනි 29 වැනි ඉරිදා දින මීගමුවේ Avenra Garden Hotels හිදී පැවැත්වුණු මේ දැවැන්ත රූ රැජිනියන්ගේ රාත්‍රිය, ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සහ උත්කර්ෂවත්ම නිරූපණ රාත්‍රියක් විදියට බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. මේ සුවිශේෂී මොහොතට, ගරු ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, ගරු ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා, සහ ගරු සුදේව හෙට්ටිආරච්චි මහතා වගේ ප්‍රධාන ආරාධිතයෝ පැමිණීම ඇත්තටම මේ උත්සවයට අමුතුම වටිනාකමක් එකතු කළා.

කිරුළ හිමි වූ සුරූපිනිය!

මේ උත්කර්ෂවත් රාත්‍රියේ Miss Teen Sri Lanka 2025 කිරුළ හිමි වුණේ, හැමෝම අතරින් කැපී පෙනුණු අංජනා හේනටිගලටයි. ඒ වගේම, Mrs Tourism 2025 ලෙස අභිෂේක ලැබීමට දිල්රැක්ෂි ධර්මසිරි නම් ඇයට හැකියාව ලැබීමත් මෙවර උළෙලේ තවත් සුවිශේෂී අවස්ථාවක්. මෙවර ජයග්‍රාහිකාවන් තෝරන්නට විනිසුරු මණ්ඩලය විදියට හෂාන් රත්නායක, දසුනි සිනෙත්මා, නෙලුනි සෞන්දර්යා, ආශිකා මාතසිංහ, වත්සලා දියලගොඩ, සහ ෆ්‍රැන්සි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයත් විශේෂයි.

දැවැන්ත සිහිනයක් යථාර්ථයක් කළ චරිත් ගුණසේකරගේ වදනින්…

මේ අති සාර්ථකත්වය පිටුපස ඉන්න ප්‍රධානියා, Miss Teen Sri Lanka 2025 හි ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර මහතා, මේ දැවැන්ත වැඩේ සාර්ථක කරගන්න ලැබීම ගැන මහත් නිහතමානී සතුටක් ප්‍රකාශ කළා. “වසර ගණනාවක් පුරා මා කෙරෙහි තැබූ විශ්වාසයත්, ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ සන්නාමගත නිරූපණ තරග බිමක් බිහි කරන්නට වෙහෙස වූ සියලු දෙනාගේම සහයෝගයත් තමයි මේ සාර්ථකත්වයට හේතුවුණේ” කියලා ඔහු කිව්වා. ලාංකේය නිරූපණ ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින්, මේ වසරේ විශාලතම Miss Teen රුවැත්තියට කිරුළ ලබා දුන්න මේ තරගය, ඇත්තටම අනාගත පරපුරට ලොකු ආදර්ශයක් කියලා ඔහු අවධාරණය කළා.

චරිත් ගුණසේකර මහතා තවදුරටත් කිව්වේ, මෙවන් දැවැන්ත සිදුවීමක් තනි පුද්ගලයෙකුට කරන්න බැහැ කියලයි. ඒ නිසා ඔහු, මේ හැමදේම සාර්ථක කරගන්න තමන්ට පිටිපස්සෙන් හිටපු Miss Teen Sri Lanka අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂයෙන්ම ස්තූති කළා. Event Producer – ඉසුරු ගුණසේකර, Event Manager – අනුෂි ගුණරත්න, සහ Event Strategical Partner – නිරෝෂා මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ගේ කැපවීම හා දායකත්වය මේකට ගොඩක් වැදගත් වුණා කියලා ඔහු කිව්වා.

ජයග්‍රාහිකාවන්ට සුබ පැතුම්!

Miss Teen Sri Lanka 2025 කිරුළ දිනාගත් අංජනා හේනටිගලටත්, Mrs Tourism 2025 ලෙස අභිෂේක ලැබූ දිල්රැක්ෂි ධර්මසිරිටත්, අනුශූරතාවයන් දිනාගත් මුතුනි මල්ෂා, සිතූකි පෙරේරා, මායුමි සංජුලා, සහ හසිනි වීරසූරිය යන සුරූපිනියන්ටත් ඉදිරි කටයුතු සඳහා අපේ ආශිර්වාදය හා සුභ පැතුම්! ඔවුන් සියලු දෙනාටම නිරූපණ ක්ෂේත්‍රයේ දීප්තිමත් අනාගතයක් හිමි වේවා!

ශ්‍රී ලාංකේය නිරූපණ ක්ෂේත්‍රය මෙවන් දැවැන්ත සිදුවීම් එක්ක තවදුරටත් ඉදිරියට ගෙන යන්නට චරිත් ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

97 වන වරට පැවැත්වෙන ඇකඩමි සම්මාන උළෙල, එනම් ඔස්කාර් සම්මාන උළෙල, මාර්තු 2 වනදා ලොස්

97 වන වරට පැවැත්වෙන ඇකඩමි සම්මාන උළෙල, එනම් ඔස්කාර් සම්මාන උළෙල, මාර්තු 2 වනදා ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිතය. සිනමා ලෝලීන්ගේ අවධානය යොමු වන මෙම උත්සවය, 2024 වසරේ සිනමා නිර්මාණයන්ගේ විශිෂ්ටත්වය ගෞරවයට පාත්‍ර කරවයි. 2024 වසරේදී සිනමා කර්මාන්තයේ නව තාක්ෂණික ප්‍රවණතා දැක්මට ලැබුණි. ඉහළ තත්ත්වයේ visual effects, VR සහ AR තාක්ෂණයන් සිනමා නිර්මාණවල […]

2025 ඔස්කාර් සම්මාන උළෙල: නිර්දේශිත නම් සහ ඔබ දැනගතයුතු කරුණු