මේ ඛේදජනක සිදුවීම නිසා 6,000 කට වඩා වැඩි සේවක පිරිසකට එක රැයකින් රැකියා අහිමි වුණා. සමාගමට පවුම් බිලියන 1 ඉක්මවූ ණය කන්දරාවක් ගෙවන්නත් සිද්ධ වුණා. බ්‍රිතාන්‍ය Sports Car හැදූ MG කම්පැනි එක එසේ බිඳ වැටෙද්දී බොහෝ දෙනෙක් හිතුවේ ඒ කතාව ඉවරයි කියලා.
ඒත්.. අද වෙනකොට MG කියන්නේ යුරෝපයේ EV (Electric Vehicle) මාර්කට් එකේ ප්‍රධාන තරඟකරුවෙක්. මේ වෙනස ඇති වුණේ 2007 දී චීන සමාගමක් වන SAIC Motor එකට අයිති වීම සහ ඉලෙක්ට්‍රික්කරණය නිසයි. මේ Comeback එක වුණේ කොහොමද කියලා අපි විස්තරාත්මකව බලමු.
ආරම්භය: බ්‍රිතාන්‍යයේ ආඩම්බරය
MG කතාව පටන් ගන්නේ 1920 ගණන්වල විලියම් මොරිස් ඔක්ස්ෆර්ඩ්වල පටන් ගත්ත පොඩි වර්ක්ෂොප් එකෙන්. එහි සාමාන්‍යාධිකාරීවරයා වූ Cecil Kimber ට ඕන වුණේ කාර්වලට Unique Look එකක් දෙන්නයි. ඔහු සාමාන්‍ය Morris කාර් වෙනස් කරලා, ඒවා සැහැල්ලු සහ වඩා Sharper බවට පත් කරමින් MG 14/28 කියන වෙනස්ම කාර් එක නිර්මාණය කළා.
කිම්බර්ගේ දැක්ම වුණේ Sports Cars කියන්නේ ධනවතුන්ට විතරක් සීමා වෙච්ච දෙයක් නොකර, හැමෝටම ළඟා විය හැකි දෙයක් බවට පත් කරන එකයි. 1929 දී එළියට ආපු MG M Type එක මේ අරමුණ යථාර්ථයක් කළා. 1933 දී Magnet K3 එක ඉතාලියේ Mille Miglia රේස් එකේදී First Non-Italian Car එක බවට පත් වෙමින් ජයග්‍රහණය කළා. මේ වගේම 1940 ගණන් වෙනකොට MG ලෝක වේග වාර්තා 43 ක් තබාගෙන තිබුණා. කාර් එකේ තිබුණ Octagon ලාංඡනය Speed එකේ ලකුණකට වඩා බ්‍රිතාන්‍ය ජනතාවගේ Sense of Pride එකක් බවට පත් වුණා. මධ්‍යම පාන්තිකයින්ට MG කාර් එකක් අයිති කරගැනීම Hope එකේ සහ Skill එකේ සංකේතයක් වුණා.
1962 දී එළිදැක්වූ MGB නිසා අලෙවිය ඉහළ ගියා. එය 512,000 ක් පමණ අලෙවි වුණා. මේ කාර් එකේ අයිතිකරුවන් අතර Queen Elizabeth II සහ Elvis Presley වැනි අය සිටීමෙන්ම එහි ජනප්‍රියත්වය පැහැදිලි වුණා.
පරිහානිය: අධ්‍යක්ෂවරුන්ගේ අමනෝඥ ක්‍රියා
1970 ගණන් අග වෙනකොට British Leyland යටතට පත් වූ MG ආයතනයේ Investment හිඟවීම, කළමනාකරණ දුර්වලතා සහ Car එකේ Quality පහළ යාම නිසා විශාල බලපෑමක් එල්ල වුණා. 2000 දී BMW ඉවත් වූ පසු, බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන් හතර දෙනෙක් වන John Towers, Peter Beal, Nick Stevenson, සහ John Edwards විසින් MG Rover සමාගම පවුම් 10 කට පමණක් මිලදී ගත්තා. මේ Phoenix Four ගැන මුලදී බලාපොරොත්තු තිබුණත්, ඒවා ඉක්මනින්ම බිඳ වැටුණා.
සමාගම කඩා වැටෙන්න ලංවෙද්දී අධ්‍යක්ෂවරු පවුම් මිලියන 42 ක් තමන්ගේ වැටුප් ලෙස ගෙවා ගත්තා. පසුව රජය මෙය “Immoral but not Illegal” (දෙයියන්ට අකැප, නීතියට කැප) ක්‍රියාවක් ලෙස හැඳින්වූවා. මේ නිසා සේවකයන්ට විශාල කෝපයක් ඇති වුණා. 2005 අප්‍රේල් මාසයේදී කම්හල වසා දැමීමත් සමඟ 6,000 කට අධික සේවක පිරිසකට රැකියා අහිමි වුණා. මේ Closure එකේ වේදනාව මුළු ප්‍රදේශය පුරා පැතිරුණා; මිනිසුන්ට ගෙවල් නැති වුණා, විවාහ නැති වුණා. එය බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කර්මාන්තයේ බිඳ වැටීමේ සංකේතයක් වුණා.
නැවත නැගිටීම: SAIC Motor ගේ Global Vision එක
Longbridge වසා සති කීපයකට පසු, Nanjing Automobile Corporation (NAC) සමාගම පවුම් මිලියන 53 කට MG Rover හි Assets මිලදී ගත්තා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ MG badge එකේ තිබුණ ලෝක ව්‍යාප්තිය
පිළිගැනීමයි.
2007 දී චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන SAIC Motor විසින් NAC සමාගම මිලදී ගැනීමත් සමඟ MG කතාවට නව පරිච්ඡේදයක් එකතු වුණා. SAIC ට අවශ්‍ය වුණේ MG නම භාවිතා කරලා Rover හි තිබූ Engineering Skills සහ Car Designs වලට ප්‍රවේශය ලබා ගන්නයි. SAIC ගේ සැලැස්ම වුණේ MG ගේ British Style එක තියාගෙන, නිෂ්පාදනය (assembly) චීනයේ Low Cost ෆැක්ටරිවලට ගෙනියන එකයි. ඒ අනුව ලන්ඩන්වල Design Studio එකක් විතරක් තබා ගත්තා. මේ Strategy එක පැරණි අයිතිකරුවන් අසාර්ථක වූ තැන සාර්ථක වුණා.
EV තාක්ෂණය සහ යුරෝපීය ජයග්‍රහණය
SAIC ආයතනයට තේරුම් ගියා, Tradition එක සහ Design එක විතරක් MG ට හැමදාම ප්‍රමාණවත් වෙන්නේ නැති බව. ඒ නිසා 2015 දී ඔවුන් Electrification වෙත Shift වෙන්න තීරණය කළා.
MG ZS EV (2019) එළිදැක්වීම මේ ගමනේ තීරණාත්මක Step එකක් වුණා. මේ SUV එක යුරෝපයේ Safety Tests වලට මුහුණ දීලා Euro NCAP වෙතින් ඉහළම Five-Star ශ්‍රේණිගත කිරීම ලැබුවා. මේක චීන කාර්වල Quality ගැන තිබූ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
ඊට පස්සේ ආපු MG4 EV එක Affordable Price එකක් සහ Modern Design එකක් නිසා ඉක්මනින්ම ජනප්‍රිය වුණා. එය යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ඇතුළු රටවල්වල සම්මාන 70 කට වඩා දිනා ගත්තා. 2023 දී එය යුරෝපයේ වැඩියෙන්ම අලෙවි වූ Compact Electric Car එක බවට පත් වුණා.
MG හි Sports Car Heritage එක නැවත ගෙන ආවේ Cyberster Electric Roadster එකයි. එහි තිබූ Scissor Doors සහ තත්පර 3 කින් 100 km/h දක්වා යන වේගය නිසා එය Top Gear සඟරාවේ Best Electric Sports Car සම්මානය දිනා ගත්තා.
වත්මන් තත්ත්වය සහ අනන්‍යතාවය පිළිබඳ විවාදය
2023 වන විට MG ලොව පුරා වාහන 840,000 කට වඩා අලෙවි කර තිබුණා. ඒ වගේම එය අවුරුදු 5ක් පුරා චීනයේ Top Car Export Brand එක බවට පත් වුණා. එක්සත් රාජධානියේදී (UK) 2024 වසරේදී වාහන ලියාපදිංචි කිරීම්වලින් 10 වන ස්ථානයට පත් වෙමින් මුළු වෙළෙඳපොළ කොටස 4.18% ක් දක්වා ඉහළ නංවා ගත්තා. MG ZS Hybrid+ යනු එක්සත් රාජධානියේ වැඩිම අලෙවියක් සහිත Hybrid රථයයි.
කෙසේ වෙතත්, මේ සාර්ථකත්වයත් සමඟම MG තවමත් බ්‍රිතාන්‍ය Brand එකක්ද යන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. MG සමාගම තමයි “100-year-old British Automobile Brand” වැනි Taglines භාවිතා කරමින්, Goodwood Festival of Speed වැනි බ්‍රිතාන්‍ය Events වලට අනුග්‍රහය දක්වමින් තම British Roots ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. අනෙක් පැත්තෙන්, MG හි පූර්ණ හිමිකාරිත්වය චීන SAIC සමාගමට හිමි අතර, බොහෝ වාහන නිෂ්පාදනය කරන්නේ චීනයේයි.
අවසානයේදී MG යනු British Roots සහ Chinese Support වලින් හැදුණු, ඉතිහාසය සහ ගෝලීය අවශ්‍යතා දෙකෙන්ම හැඩ ගැසුණු Mixture එකක් බවට පත් වෙලා. එය අභියෝග මැදින් ගොස්, Electrification හරහා ලොවටම Relevance එකක් ලබා ගත් Brand එකක් ලෙස අද සාර්ථකව හිස ඔසවලා තිබෙනවා.