කට්ටිය කී දෙනෙක් බලාගෙන හිටියද අලුත්ම GTA එක එනකල්? ඒ කියන්නේ Grand Theft Auto VI එනකල්. මතකනේ කලින් කිව්වේ 2025 අගභාගයේදී එයි කියලා. ඒත් දැන් Rockstar Games එකෙන් අලුත් නිවේදනයක් ඇවිත් තියෙනවා.
ඒ නිවේදනය අනුව GTA VI එන එක ටිකක් පස්සට ගිහින්. දැන් එයාලා කියන්නේ 2026 මැයි 26 වෙනිදා තමයි ගේම් එක එළියට දාන්නේ කියලා. ඇත්තටම ඒක ටිකක් දුක හිතෙන ආරංචියක් තමයි. ඒත් එයාලා කියන විදියට, ඔයාලා බලාපොරොත්තු වෙන ඒ සුපිරිම කොලිටියෙන් ගේම් එක දෙන්න තව ටික කාලයක් ඕනලු.
Rockstar Games වෙබ්සයිට් එකේ දාලා තිබුණ පණිවිඩයේ එයාලා සමාවත් ඉල්ලලා තියෙනවා මේ ප්‍රමාදයට. ඒ අය කියනවා, “මේක ඔයාලා හිතුවට වඩා පස්සට යන එක ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. අලුත් Grand Theft Auto එකක් ගැන ඔයාලා දක්වන උනන්දුවයි, උද්යෝගයයි අපේ මුළු කණ්ඩායමටම හරිම වටිනවා. අපි මේ ගේම් එක ඉවර කරන්න වැඩ කරනකොට ඔයාලාගේ සහයෝගයටයි, ඉවසීමටයි අපි ස්තූතිවන්ත වෙනවා. අපි හැම ගේම් එකක්ම එළියට දානකොට අපේ එකම ඉලක්කය තමයි ඔයාලගේ බලාපොරොත්තු ඉක්මවා යන්න උත්සාහ කරන එක. Grand Theft Auto VI කියන්නෙත් ඒ වගේම එකක්. ඔයාලා බලාපොරොත්තු වෙන ඒ මට්ටමේ කොලිටිය දෙන්න අපිට මේ අමතර කාලය අවශ්‍යයි කියලා ඔයාලා තේරුම් ගනීවි කියලා අපි හිතනවා. වැඩි විස්තර ඉක්මනින්ම ඔයාලා එක්ක බෙදාගන්න අපි බලාගෙන ඉන්නවා.” කියලා.
අපිට මතකනේ 2023 දෙසැම්බර් මාසයේ තමයි පළවෙනි GTA VI ට්‍රේලර් එක ආවේ. එදා ඉඳන් මේ වෙනකල් මේ ගේම් එක ගැන ලොකු දෙයක් අහන්න ලැබුණේ නැහැ. දැන් නිවේදනය කරපු මේ පස්සට දැම්ම නිවේදනයත් එක්ක තවත් ටික කාලයක් ඉවසලා ඉන්න තමයි වෙන්නේ. මේ අලුත් GTA එකේ කතාව යන්නේ Vice City එකේ. ඒ වගේම මේකේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගැහැණු ප්‍රධාන චරිතයක් ඉන්නවා – එයාගේ නම ලුසියා. කතාවේ Bonnie and Clyde වගේ ආදර කතාවක් තියෙනවා කියලත් ආරංචියි.
කොහොමත් GTA VI කියන්නේ ගොඩක් අය බලාගෙන ඉන්න ගේම් එකක්. මේ ප්‍රමාදය ගැන තවත් විස්තර මැයි 15 වෙනිදා Take-Two Interactive කියන ඒ අයගේ මව් සමාගමේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශ කරන වෙලාවේදී දැනගන්න ලැබෙන්න පුළුවන්. මේ ප්‍රමාදය නිසා Take-Two සමාගමේ කොටස් මිලත් NASDAQ කොටස් වෙළඳපොලේ උදේ පාන්දරම 8% කින් පහළ බැහැලා තියෙනවා.
අපිට මතකනේ Grand Theft Auto V තාමත් සුපිරියට ජනප්‍රියයි. ඒක අවුරුදු 11කට කලින් ආපු ගේම් එකක්. ඒත් පහුගිය 2024 අවුරුද්දේ Twitch එකේ වැඩියෙන්ම බලපු ගේම් එකත් ඒක තමයි. ඉතින් GTA VI කොයි තරම් සුපිරි වෙයිද කියලා හිතාගන්න පුළුවන්නේ! ඉතින් යාලුවනේ, තව ටික කාලයක් ඉවසමු. හොඳම දේ එනකල් බලාගෙන ඉමු!