...
AI

නවතම ලිපි

AI මෙවලම් අධිකව භාවිතය අපේ "critical thinking" හැකියාව හීන කරනවා. AI වලට ඇබ්බැහි වීමෙන් වන අතුරු ආබාධ, සහ එයින් මිදෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් දැනගන්න

AI මත රඳා සිටීමෙන් ඔබේ critical thinking හැකියාවට වෙන දේ

අද කාලේ දියුණු AI මෙවලම් (AI tools) නැතුව වැඩක් කරන්න බැරි තරමට අපේ ජීවිතවලට ඒවා එකතු වෙලා. වැඩ කරන තැන්වල, ඉගෙන ගන්න තැන්වල විතරක් නෙවෙයි, එදිනෙදා වැඩවලටත් අපි AI භාවිතා කරනවා. ඒත් මේක හොඳ දෙයක්ද?

Carnegie Mellon University සහ Microsoft ආයතනය එකතු වෙලා කරපු අලුත් පර්යේෂණයකින් හෙළි වෙලා තියෙන්නේ AI මෙවලම් අධිකව භාවිතය අපේ “critical thinking” හැකියාව හීන කරන බවයි.

මේ පර්යේෂණයට විවිධ ක්ෂේත්‍රවල (සොෆ්ට්වෙයා ඩිවලොපර්ස්ලා, සමාජ සේවකයෝ වගේ) 319 දෙනෙක් සහභාගී කරගෙන තියෙනවා.

ඔවුන් 900කට අධික සැබෑ ලෝකයේ AI භාවිතයන් අධ්‍යයනය කරලා තියෙනවා.

පර්යේෂණයේ ප්‍රතිඵල පුදුම හිතෙන තරම්. AI ගැන වැඩි විශ්වාසයක් තියෙන අය, විශේෂයෙන්ම එදිනෙදා පහසු වැඩවලදී, ඔවුන්ගේ “critical thinking” හැකියාව අඩු බව පෙන්වලා තියෙනවා.

ඒත් AI ගැන සැකයෙන් පාවිච්චි කරන අය, වැඩියෙන් හිතලා බලලා වැඩ කරන බව හෙළි වෙලා තියෙනවා.

විශේෂඥයෝ මේකට කියන්නේ “atrophy” (අප්‍රයෝජනය නිසා ඉන්ද්‍රියයන් දුර්වල වීම) කියලා. ඒ කියන්නේ අපි AI මත ඕනාවට වඩා රඳා පැවතුණොත්, අපේ තීරණ ගැනීමේ සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වෙලා යනවා කියන එකයි.

පර්යේෂණ වාර්තාවල තියෙන්නේ AI අධිකව භාවිතා කරන අයගේ වැඩවල ප්‍රතිඵල අඩු විවිධත්වයකින් සහ අඩු නිර්මාණශීලීත්වයකින් යුක්ත බවයි.

AI නිසා වැඩක් කරන වේගය වැඩි වුණත්, අපිටම ආවේණික මානසික හැකියාවන් අඩු වෙලා යන එක ලොකු ගැටලුවක්. ඒ නිසා AI පාවිච්චි කරන එක සමබරව කරන්න ඕනේ කියලා පර්යේෂකයන් අවධාරණය කරනවා.

AI කියන්නේ අපේ වැඩවලට උදව්වක් විතරයි, ඒකෙන් සම්පූර්ණ වැඩේම බාර දෙන්න හොඳ නැහැ.

අපි හැමෝම මේ ගැන හිතලා බලන්න ඕනේ. AI අපේ ජීවිතවලට එකතු වෙනකොට, අපේම හැකියාවන් ආරක්ෂා කරගන්න අපි වග බලාගන්න ඕනේ. මොකද AI කියන්නේ අපේ වහලෙක් මිසක් අපේ ස්වාමියා නෙවෙයි.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.