Advertisement

ගෙවත්ත හැඩ කරන වදමල් මේ තරම් ගුණදායකයි කියලා ඔබ දැන සිටියාද?

වදමල් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා පහසුවෙන් වැවෙන ඕනෑම ගෙවත්තක පහසුවෙන් වගා කර ගත හැකි බොහොම සුලභව දකින්න පුළුවන් මල් වර්ගයක්.

ඒ වගේම ස්වභාවික වර්ණකයක් ලෙසත් වද මල් භාවිතයට ගන්නවා.

මේ මල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාම මෙන්න මේ වගේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් වදමල් අපට උපකාරී වෙනවා.

රුධිර පීඩනය අවම කිරීම –

දීර්ඝකාලීන රුධිර පීඩනය හේතුවෙන් ඔබේ හදවතට අමතර ආතතියක් ඇතිවෙන අතර කෙමෙන් කෙමෙන් ඔබේ හදවත දුර්වල කිරීමටත්, විවිධ හෘද රෝග ඇතිවීමටත් පුළුවන්, වදමල් තේ පානය කරන පිරිසක් යොදාගෙන කරන ලද පර්යේෂණයක් මඟින් ඔවුන්ගේ රුධිර පීඩනය අඩුවූ බව නිරීක්ෂණය කරගෙන තිබෙනවා, ඒ වගේම මේ ගැන තවදුරටත් සොයා බලා තහවුරු කිරීමට පර්‍යේෂණ ක්‍රියාත්මකයි,
නමුත්, දැනටමත් රුධිර පීඩනය ඇති ඔබ ඒ සඳහා ලබාගන්නා ඖෂධ සමඟම වදමල් තේ පානය කිරීමට පෙර ඒ ගැන නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

අක්මාවේ නීරෝගී බව පවත්වාගෙන යෑමට –

අක්මාවේ කාර්‍යක්ෂමතාව වැඩි කිරීමට සහ අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට වදමල් වලට හැකියාව ඇතිබව ඒ ආශ්‍රිතව කරන ලද පර්‍යේෂණයකින් සොයාගෙන තිබෙනවා

ශරීරයේ බර අඩුකිරීමට –

අධ්‍යනයන් කීපයක් මඟින් පෙන්වා දී ඇති ආකාරයට වදමල් වලට ශරීරයේ බර, ශරීර ස්කන්ධ දර්ශකය, ඉණ සහ උකුල අතර අනුපාතය අඩු කරන්නත් ආහාර රුචිය අඩුකර ශරීරයේ බර අඩුකරන්නත් ක්‍රියාකරන බව සඳහන් වෙනවා. කෙසේනමුත්, මේ පිළිබඳ සනාථ කරන්න තවත් පර්‍යේෂණ අවශ්‍ය බව පර්‍යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

පිළිකා වර්ධනය අඩාල කිරීමට –

ප්‍රබල පිළිකා නාශක සං‍යෝග ලෙස හඳුන්වන පොලිෆෙනෝල් සං‍යෝග ඉහළ මට්ටමකින් වදමල්වල අඩංගු බව සොයාගෙන තිබෙනවා. ඒ නිසාම, විද්‍යාගාර තුළ කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස වදමල් සාරය මුඛයේ සහ ප්ලාස්මා සෛල වල පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, පියයුරු සහ ආමාශය ආශ්‍රිත පිළිකා වල වර්ධනය අඩාල කිරීමට හේතුවූ බව සොයාගෙන තිබෙන නිසා මිනිස් සිරුර තුළ මේ පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවද පර්‍යේෂකයන් පෙන්වා දෙනවා

හිසකෙස්වල නිරෝගී බව වර්ධනයට –

විටමින් A සහ C වලින් සංතෘප්ත වදමල් සාරය හිසකෙස් වර්ධනයට, හිසකෙස් ඝනකම් කරන්න වගේම හිසකෙස් වල නීරෝගී දීප්තිමක් පෙනුමක් ලබාදෙන්න සහ අකලට හිසකෙස් පැසීම වැළැක්වීමට උපකාරී වෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරගන්නත් වදමල් වලින් ඉහළ පෝෂ්‍යණයක් ලබාදෙනවා.

Comments