Advertisement

දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැක

දිනකට පැය 6කට අධික කාලයක් අසුන් ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙක්ට දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැකි බව චීන වෛද්‍ය විද්‍යාලයක් කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

පුද්ගලයකු දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමෙන් දිගුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

නමුත්, කෝපි පානය මගින් සිරුරේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගැටලුවල අවදානම අඩු කරන බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

අමෙරිකානුවන් 10,000කට වැඩි පිරිසක් යොදාගෙන වසර 13ක් පුරාවට සිදුකළ පර්යේෂණයක් ඇසුරින් මේ බව හෙළිව තිබේ.

Comments