මේක ෆිල්ම් එකක දර්ශනයක් නෙවෙයි. මේ තමයි සිංගප්පූරු චැංගි ගුවන්තොටුපළ (Singapore Changi Airport).
සාමාන්‍යයෙන් එයාර්පෝට් කියන්නේ කම්මැළි, ආරක්ෂක පරීක්ෂණ පෝලිම් සහ මිල අධික කෝපි විකුණන තැනක් විදිහට අපි හිතුවත්, චැංගි ඒ හැමදෙයක්ම වෙනස් කරලා තියෙනවා.
මෙම ගුවන් තොටුපළ ලෝකයේ හොඳම ගුවන්තොටුපළ (World’s Best Airport) ලෙස නිතරම පාහේ ශ්‍රේණිගත වීම පුදුමයක් නෙවෙයි.
නමුත්, මේ පුංචි රටක් කොහොමද මේ වගේ “ආර්ථික යන්ත්‍රයක්” බඳු ගුවන්තොටුපළක් හැදුවේ?
චැංගි ගුවන්තොටුපළේ දැවැන්ත බව
සිංගප්පූරුවට චැංගි කොච්චර වැදගත්ද කියනවා නම්, එරට අගමැතිවරයා එය හඳුන්වන්නේ “ජාතියේ සමෘද්ධිය සඳහා වූ ජීවනාලිය” වශයෙනි.
මගී ගමනාගමනය: 2024 දී චැංගි මගීන් මිලියන 68ක් පමණ හසුරුවා ඇති අතර, එය සිංගප්පූරු ජනගහනය මෙන් 12 ගුණයක් පමණ වෙනවා!
ගෝලීය සම්බන්ධතාව: ගුවන් සමාගම් 100කට අධික සංඛ්‍යාවක් මෙහි ක්‍රියාත්මක වන අතර, නගර 170කට අධික සංඛ්‍යාවක් සිංගප්පූරුවට සම්බන්ධ කරනවා.
ආර්ථික දායකත්වය: මෙම ගුවන්තොටුපළ වාර්ෂිකව සිංගප්පූරු ආර්ථිකයට ඩොලර් බිලියන 13කට වඩා වැඩි දායකත්වයක් සපයන අතර, රැකියා 119,000කට ආධාර කරනවා.
දැනටමත් ටර්මිනල් 5 (Terminal 5) නමින් තවත් දැවැන්ත ව්‍යාපෘතියක වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර, 2030 වන විට එහි ධාරිතාව 50%කින් වැඩි කිරීමට නියමිතයි.
ආසියා-පැසිෆික් කලාපය (Asia-Pacific) ඉදිරි දශක දෙක තුළ ගුවන් ගමන් වර්ධනයෙන් අඩකට වඩා මෙහෙයවීමට නියමිත බැවින්, චැංගි සිංගප්පූරුවට ඇති “Ace Card” එක බවට පත් වෙලා.
Visionary තීරණය: අතහැර දැමූ ඩොලර් මිලියන 800ක ආයෝජනයක්
චැංගිගේ සාර්ථකත්වය තේරුම් ගන්න, අපි 1970 දශකය වෙත යමු. එකල තිබූ පායි ලැබාර් ගුවන්තොටුපළ (Paya Lebar Airport) මගීන් මිලියන 4ක් පමණ හසුරුවා ඇති අතර, එය ඉතා ඉක්මනින් පිරී ගියා.
විශේෂඥයන් යෝජනා කළේ පායි ලැබාර් පුළුල් කිරීමයි. ඒ සඳහා සිංගප්පූරු ඩොලර් මිලියන 800ක් පමණ ආයෝජනය කර තිබුණා.
නමුත්, 1975 දී සිංගප්පූරුවේ නිර්මාතෘ අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew) රැඩිකල් තීරණයක් ගත්තා.
ඔහු පායි ලැබාර් පුළුල් කිරීමේ සැලැස්ම ප්‍රතික්ෂේප කර, සම්පූර්ණයෙන්ම නව ගුවන්තොටුපළක් චැංගි හි ඉදිකිරීමට තීරණය කළා. ඒ වන විට චැංගි කියන්නේ බ්‍රිතාන්‍ය හමුදා ගුවන් කඳවුරක් සහ වගුරු බිමක්.
ලී ක්වාන් යූගේ තීරණයට හේතු දෙකක්:
අනාගත වර්ධනය සඳහා ඉඩකඩ: පායි ලැබාර්, නගරය තුළ සිර වී තිබුණා. නමුත් චැංගි මුහුද අසල පිහිටා තිබූ අතර, අනාගතයේදී ගොඩබිම් ගොඩකිරීමෙන් (land reclamation) තවත් පුළුල් වීමේ අවස්ථාව තිබුණා. එය පායි ලැබාර්ට වඩා පස් ගුණයක් විශාල විය.
නිහඬ නගරය: චැංගි හි ගුවන් ගමන් මුහුදට ඉහළින් සිදු කළ හැකි වූ නිසා, නගරය පුරා ශබ්ද දූෂණය (noise pollution) අවම කිරීමට හැකි විය.
ලී ක්වාන් යූ අතහැර දැමූ මිලියන 800ට අමතරව, නව ගුවන්තොටුපළක් සඳහා සිංගප්පූරු ඩොලර් බිලියන 1.5ක් වැය කළා. නමුත් පසුව ඔහු පැවසුවේ එය “අප මෙතෙක් කළ හොඳම ඩොලර් බිලියන 1.5ක ආයෝජනය” බවයි.
ගුවන්තොටුපළ රහස ගුවන් යානා නෙවෙයි, Shops!
චැංගි සාර්ථක වූයේ එහි විශාල ධාරිතාව නිසා පමණක් නොවේ. ඔවුන් ගුවන්තොටුපළක් පිළිබඳ සම්ප්‍රදායික අර්ථ දැක්වීම වෙනස් කරපු නිසයි.
ගුවන්තොටුපළක සැබෑ ආදායම එන්නේ ගුවන් යානාවලින් (landing fees, fuel charges) නෙවෙයි; එයාර්පෝට් එක ඇතුළත ඇති වෙනත් දේවල් වලින්.
සාමාන්‍ය ගෝලීය තත්වය: ගුවන්තොටුපළ ආදායමෙන් 40%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ගුවන් ගමන් නොවන (non-aeronautical) ප්රභවයන්ගෙනි.
චැංගිගේ තත්වය: 2019 වන විට චැංගිගේ මුළු මෙහෙයුම් ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ලැබුණේ වෙළඳසැල් සහ සේවා (concessions and rentals) මගිනි.
ආර්ථික ජයග්‍රහණය (Economic Master Stroke)
චැංගි මෙම ආදායම උපයෝගී කරගනිමින් ගුවන් සමාගම්වලට අය කරන ගාස්තු (Landing Fees) පහළ මට්ටමක තබා ගැනීමට සමත් වුණා.
ගුවන් ගමන් ගාස්තු අඩු වූ විට, තවත් ගුවන් සමාගම් සහ ගුවන් ගමන් චැංගි වෙත පැමිණෙනවා. එමඟින් තවත් මගීන් පැමිණ, ඔවුන් වෙළඳසැල්වල වැඩිපුර මුදල් වියදම් කරනවා.
මේක හරියට ආර්ථික සුලියක් වගෙයි (Virtuous Cycle).
චැංගි අත්දැකීම් ආර්ථිකය (Experience Economy)
චැංගි ගුවන් තොටුපළේ තිබෙන පහසුකම් “විනෝදජනක” දේවල් විතරක් නෙවෙයි; ඒ හැම එකක්ම මුදල් ඉපැයීමේ උපාය මාර්ගයක්.
400+ වෙළඳසැල් සහ කෑම ස්ථාන: චැංගි කියන්නේ සිංගප්පූරුවේ ලාභදායීම සාප්පු සංකීර්මවලින් එකක්. සුපිරි වෙළඳ නාම (Luxury brands) සහ Duty-Free සාප්පු ඕනෑ තරම් තිබෙනවා.
නොමිලේ සිනමා ශාලා (Free Movie Theatres): ගුවන් යානා පමාවී ඇති මගීන් විනෝදයෙන් තබා ගැනීමට දවසේ පැය 24ම නොමිලේ චිත්‍රපට පෙන්වනවා.
විශේෂ ආකර්ෂණ ස්ථාන: සමනල උයන, මහල් හතරේ Slide එක, පිහිනුම් තටාකය වැනි දෑ සරල ආකර්ශනීය දේවල් නෙවෙයි. ඒවා මගීන්ව වෙළඳසැල් අසලින් ගෙන යන “Landmarks” ලෙස ක්‍රියාත්මක වෙනවා.
ජුවෙල් චැංගි එයාර්පෝට් (Jewel Changi Airport)
2019 දී විවෘත කළ Jewel කියන්නේ චැංගිගේ මෙම උපාය මාර්ගයේ කූටප්‍රාප්තියයි. එය ගුවන්තොටුපළට යාබදව ඉදිකළ දැවැන්ත සිල්ලර හා විනෝදාස්වාද සංකීර්ණයකි.
මෙහි මධ්‍යයේ මීටර් 40ක් උස ලෝකයේ උසම ගෘහස්ථ දිය ඇල්ල (HSBC Rain Vortex) පිහිටා තිබෙනවා. ගෘහස්ථ වනාන්තරය, පැනීමේ දැල් (bouncing nets) වැනි දේවල් මෙහි තිබෙනවා.
Jewel නිසා ප්‍රදේශවාසීන් පවා සති අන්තයේ විනෝද චාරිකාවක් ලෙස ගුවන්තොටුපළට එනවා. මෙය චැංගිගේ පා ගමනාගමනය (foot traffic), විකුණුම් සහ ප්‍රසිද්ධිය තවත් ඉහළ නංවනවා.
භූගෝලීය පිහිටීම සහ Hub උපාය මාර්ගය
සිංගප්පූරුව ලෝක සිතියමේ පිහිටා ඇති ස්ථානය (Crossroads of Southeast Asia) විශාල වාසියක්. ලෝක ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට පැය 7-8ක ගුවන් ගමනකින් ළඟා විය හැකියි.
Transit Hub: චැංගි හරහා ගමන් කරන මගීන්ගෙන් 30%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධක මගීන් (transit/connecting) වේ. එනම්, ඔවුන් සිංගප්පූරුවට එන්නේ එහි රැඳී සිටීමට නෙවෙයි, වෙනත් ගුවන් යානයකට මාරු වීමටයි.
වටිනාකම් එකතු කිරීම: සිංගප්පූරුව මෙම මගීන් “ආනයනය” කර, ඔවුන්ට හොඳම රැඳී සිටීමේ අත්දැකීම ලබා දී, ඔවුන්ගේ ගමනාන්තයට “අපනයනය” කරනවා. ඒ අතරතුර, ගුවන්තොටුපළ තුළදී ඔවුන්ගේ මුදල් අල්ලා ගන්නවා!
චැංගි යනු ලෝකයේ විශාලතම ගුවන් තොටුපළක් වන ඇට්ලන්ටා හාට්ස්ෆීල්ඩ් ජැක්සන් (Atlanta Hartsfield Jackson) වැනි ගෘහස්ථ කේන්ද්‍රස්ථානවලට වඩා වෙනස්.
සිංගප්පූරුවට විශාල දේශීය වෙළඳපොලක් නොමැති නිසා, ඔවුන්ට ජාත්‍යන්තර මගීන් ආකර්ෂණය කර ගැනීමට ලෝක මට්ටමේ පහසුකම් නිර්මාණය කිරීමට සිදුව තිබෙනවා.
චැංගිගේ කතාවෙන් පෙනී යන්නේ, විශාල ගුවන්තොටුපළක් තැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එය දක්ෂ ව්‍යාපාරයක් සහ සංචාරක ව්‍යවසායයක් ලෙස පවත්වාගෙන යාම දෙවන පියවරයි.