Adani Ports කියන්නේ 2014 අවුරුද්දේ ඉඳන් 2022 වෙනකම් අවුරුදු 8ක් ඇතුළත එයාලගේ ලාභය ඉන්දියානු රුපියල් කෝටි 1,700 ඉඳලා කෝටි 5,300 දක්වා අති විශාල ලෙස වැඩි කරගත්ත ආයතනයක්.
අද වන විට, මුළු ඉන්දියාවේම වරාය ධාරිතාවයෙන් 24%ක් එයාලා සතුයි. ඒ වගේම, පුද්ගලික වරාය මාකට් එකේ 95%ක බලයක් තියෙන්නේ මේ Adani Group එකට.
ඉක්මන් ක්‍රියාමාර්ග සහ ගැඹුරු වරායවල්
අදානිගේ සාර්ථකත්වයට එක ප්‍රධාන හේතුවක් තමයි එයාලගේ ක්‍රියාකාරීත්වය (Mode of Operation) වෙනස් වීම. ඉන්දියාවේ ගොඩක් වරායවල් සම්පූර්ණයෙන්ම ආණ්ඩුව යටතේ නැත්නම් “පී.පී.පී. මොඩල්” (PPP model – Public Private Partnership) එක යටතේයි තියෙන්නේ. මෙතනදී ආණ්ඩුවෙන් ඉඩම අරන් පුද්ගලික සමාගම්වලට ලීස් (Lease) එකට දෙනවා.
ඒත් PPP මොඩල් එකේදී, වරායේ පොඩි වෙනසක් කරන්නත් ආණ්ඩුවෙන් අනුමැතිය ගන්න ඕනේ.
උදාහරණයකට, නැව් වලට ලේසියෙන් එන්න යන්න පුළුවන් වෙන්න පෝර්ට් එකේ පතුල ගැඹුරු කරන “ඩ්‍රෙජින්” (Dredging) වැඩේ කරන්න ගියත්, ආණ්ඩුවේ අවසර ගන්න, ටෙන්ඩර් (Tender) දාන්න මාස ගණනක් යනවා. ඒකට ගොඩක් වෙලා යනවා, වැඩේ අකාර්යක්ෂමයි.
නමුත්, Adani Ports එකට ඉන්දියාවේ පෝර්ට් 13ක් තියෙනවා, ඒ අතරින් 9ක් සම්පූර්ණ පෝර්ට්ස්. මේවා එයාලම අයිති කරගෙන කළමනාකරණය කරන නිසා, “ඩ්‍රෙජින්” වගේ දේකට ආණ්ඩුවේ අවසර එතරම් ඕන වෙන්නේ නැහැ. වැඩේ ඉක්මනින් කරන්න එයාලා ළඟ “ඩ්‍රෙජින් මැෂින්” 22ක් තියෙනවා.
මෙයාලගේ “මුන්ද්‍රා පෝර්ට්” එකේ වතුර මට්ටමේ ගැඹුර මීටර් 16.5ක්. ඒක ඉන්දියාවේ තියෙන ගැඹුරුම වරාය. මේ නිසා MSC වගේ ලෝකයේ විශාලම නැව් එන්නේ මුන්ද්‍රා පෝර්ට් එකට.
ඉන්දීය ආණ්ඩුවේ විශාලතම වරායක් වන “කන්ලා පෝර්ට්” එකේ ගැඹුර තියෙන්නේ මීටර් 12.5ක් විතරයි.
End−to−End ලොජිස්ටික්ස් සැලැස්ම
දෙවෙනි සාර්ථක රහස තමයි Adani ගෲප් එකේ තියෙන ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතිය. හිතන්න ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඉන්දියාවට ගල් අඟුරු ටොන් 100ක් ගේනවා කියලා.
සාමාන්‍යයෙන් මේකට Shipping කම්පැනි එකක්, Truck කම්පැනි එකක්, Train කම්පැනි එකක්, ගබඩා පහසුකම් වගේ ගොඩක් අයත් එක්ක සම්බන්ධීකරණය කරන්න වෙනවා. මෙතනදී පොඩි ප්‍රමාදයක් වුණත් වියදම වැඩි වෙනවා.
ඒත් Adani Ports එකත් එක්ක වැඩ කරනකොට, ඔයාලට තියෙන්නේ Order එක දාන්න විතරයි. ඊට පස්සේ එයාලා මුළු වැඩේම බලාගන්නවා:
ඕස්ට්‍රේලියාව: ඕස්ට්‍රේලියාවේ තියෙන Carmichael ගල් අඟුරු පතල සහ Abbot Point ටර්මිනල් එක, එයාලට අයිති නිසා ගල් අඟුරු ප්‍රවාහනය කරන්නේ එයාලගේ Train හෝ Truck වලින්. Abbot Point පර්යන්තය 2011දී 2 Billion US Dollars වලටත්, Carmichael ගල් අඟුරු පතල 2010දීත් Adani Group එකට අයිති කරගෙන තියෙනවා.
ඉන්දියාවට: ඉන්දියාවේදීත් එයාලගේ වරායකින් බඩු බානවා, එතන ඉඳන් එයාලගේ Truck හෝ Train වලින් ගමනාන්තයටම ගෙනියනවා. අදානි ළඟ Train 78ක Fleet එකක් සහ Logistics Parks 6ක් තියෙනවා.
මේ විදියට, ඕනෑම සාධකයක් සලකලා බඩු ප්‍රවාහනය කරන්න එයාලා ලොජිස්ටික්ස් සිස්ටම් එක optimize කරනවා. එතකොට කිසිම ප්‍රමාදයක් වෙන්නේ නැහැ, වියදම අඩුයි.
Super කාර්යක්ෂම පද්ධතිය
Adani Ports පාවිච්චි කරන තවත් දියුණු දෙයක් තමයි Paperless Clearance වගේ කාර්යක්ෂම ක්‍රමවේද. මේ නිසා නැවක් වරායට ඇවිත්, බඩු බාල, බඩු පටවලා, ආපහු පිටත් වෙලා යන කාලය පැය 12කින් අඩු කරන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා.
2019 අධ්‍යයනයකට අනුව මුන්ද්‍රා පෝර්ට් එකේ සාමාන්‍ය Turnaround Time එක දවස් 0.8ක් වෙද්දී, අනෙක් ඉන්දියානු පෝර්ට්ස් වල එය දවස් 2.7ක්.
Adani Ports මේ විදියට රජයේ පෝර්ට්ස් වලටත් කලින් මාර්කට් එකේ අවස්ථාවන් හඳුනගෙන, ඊළඟ පරම්පරාවේ End−to−End ලොජිස්ටික්ස් පද්ධතියක් ගොඩනගලා, සුපිරි කාර්යක්ෂම පද්ධති සකස් කරගෙන ඉන්දියානු ලොජිස්ටික්ස් ක්ෂේත්රයේ “නොසැලෙන රජු” වෙලා තියෙනවා.