මාස ගානක් පුරා Tech ලෝකේ කතාවට ලක් වුන මේ අලුත් AirPods Pro 3, දවස පුරා headphones පාවිච්චි කරන අයට නම් සුපිරිම solution එකක්. ඉතින් අපි බලමු මේවායේ තියෙන අලුත් features මොනවද කියලා.
කණට සුපිරියටම Fit වෙනවා, Sound එකත් සුපිරියටම වැඩිදියුණු කරලා
මේ පාර Airpod 3 හදද්දී Apple එකෙන් වැඩිපුරම අවධානය දීලා තියෙන්නේ Fit එකට. Earbud එක කණට යන විදිහයි, ඒකේ angle එකයි වෙනස් කරලා තියෙනවා.
ඒක නිසා මේවා කණෙන් බිමට වැටෙන්නේ නැතුව හොඳටම රැඳිලා තියෙනවා.
අලුත් සිලිකන් ear tips ඇතුළේ foam ටිකක් දාලා තියෙනවා. ඒක නිසා සිලිකන් tips සහ foam tips දෙකේම වාසි මේකට එකතු වෙලා. දැන් XXS කියන අලුත් size එකත් එක්ක size 5ක්ම තියෙනවා.
මේ වෙනස්කම් නිසා sound quality එකත් හොඳටම වැඩි වෙලා. Vent එක ටිකක් ලොකු කරලා තියෙන නිසා bass එකයි low-end එකයි ගොඩක් ප්‍රබලයි.
ඒ වගේම, high volume වලදීත් voice එක crisp සහ clear එකට එනවා. distortion එකක් නැති තරම්.
“ලෝකේ හොඳම Noise Cancellation” මේකේ තියෙනවාලු!
Apple එක මේ පාර නම් ටිකක් සද්දෙන් කියනවා, මෙයාලගේ headphones වලට “world’s best Active Noise Cancellation” තියෙනවා කියලා.
ඒක අහනකොට පොඩ්ඩක් හිනා ගියත්, ඇත්තටම මේවායේ ANC පට්ටම වැඩක්. AirPods Pro 2 වලට වඩා දෙගුණයක් noise cancel කරනවා කියලා තමයි කියන්නේ.
Chip එක එකම වුණත්, අලුත් ear tips වල හොඳ seal එකයි, vents වල වෙනස්කම් ටිකයි නිසා ANC එක හොඳටම දියුණු වෙලා. Flight එකක යනකොට එන ඝෝෂාව පවා හොඳටම නැති කරලා දානවා.
අලුත් Features සහ Upgrades
මේකේ තියෙන අලුත් features ටික මෙන්න:
වතුරට බය නැහැ: අලුත් airpods 3 එක IP57 rated නිසා වතුරටයි දූවිල්ලටයි ඔරොත්තු දෙනවා. කලින් IPX4 විතරයි තිබුනේ. අලුත් airpods 3 එක වතුරේ ගිල්ලත් අවුලක් නැහැ. ඒක නිසා gym යන අයට, එහෙම නැත්නම් වැස්සේ යන අයට ලොකු පහසුවක්. case එකටත් IP57 rating එකම තියෙනවා.
Heart Rate එකත් මනිනවා: මේ earbud වල heart rate sensor එකක් දාලා තියෙනවා. ඒක නිසා Apple Watch එකක් නැති අයටත් fitness app එක හරහා ව්‍යායාම කරන අතරේ heart rate එක බලාගන්න පුළුවන්.
Case එකත් වෙනස් වෙලා: case එක පොඩ්ඩක් මහතයි, ටිකක් උසයි. Pairing button එක පිටුපසින් අයින් කරලා. දැන් pair කරන්න ඕන නම්, case එක ඇරලා ඉස්සරහ දෙපාරක් tap කරන්න ඕන.
සෙව්වොත් පහසුවෙන් හොයාගන්න පුළුවන්: අලුත්ම Ultra Wideband chip එකක් තියෙන නිසා කලින්ට වඩා 50% ක් දුරින් ඉඳන් වුණත් headphone හොයාගන්න පුළුවන්.
Battery Life එකත් වැඩි වෙලා: ANC ON කරගෙන පැය 8ක්ම පාවිච්චි කරන්න පුළුවන් (කලින් පැය 6යි). Transparency mode එකේ නම් පැය 10ක් වැඩ කරනවා.
Live Translation
Apple Intelligence වලින් බල ගැන්වෙන live translation කියන අලුත්ම feature එකත් මේවාට එකතු වෙලා. Internet නැති වෙලාවටත් language pack එක download කරගෙන real-time conversation එකක් translate කරගන්න පුළුවන්.
ඇත්තටම Upgrade කරන්න වටිනවා!
වඩා හොඳ fit එකක්, sound එකක්, සුපිරි ANC එකක්, IP rating එකක්, දිගු battery life එකක් – මේ හැමදේම කලින් මිලටම ලැබෙන නිසා මේක නම් Apple user කෙනෙක්ට හොඳම deal එකක්. හැමදේටම එකම headphone එකක් හොයන කෙනෙක්ට මේක perfect තේරීමක්. අලුත් airpods 3 එකේ දුර්වලතානම් ඇත්තටම නැති තරම්. Well played Apple!