එතෙක් ඉන්දියානු සිනමාවේ කාන්තා සමලිංගිකත්වය ගැන කතා බහට ලක්වූවේ ඉතා අඩුවෙන් සහ විනීත ලෙසයි. නමුත් මේ චිත්‍රපටිය තිර ගත වූ වහාම හනුමා ගිණි තිව්වා වගේ ඉන්දියාවේ සදාචාරවත් සංස්කෘතික වාසීන් ගින්නෙන් ඇවිලෙන්නේ, හූ කියමින්.
මෙයට හෙතුව මේ චිත්‍රපටිය ඉන්දියානුවන් ගතානුගතික මිත්‍යා මත අදහමින් ජීවත් වූ බමුනු සමාජයට අතුල් පහරක් එල්ල කරමින් පෙන්වූ විවාහක ස්ත්‍රීන් දෙදෙනෙකුගේ සමලිංගික ආදරකතාවක් සාධාරණීකරණය කරමින් පෙන්වූ නිසාවෙනුයි.
මේ අද්විතීය ආන්දෝලනාත්මක චිත්‍රපටියේ රීමෙක් එකක් ලංකාවේ හැදෙන්නේ 2002 වසරේදීයි.
“මමත් ගැහැණියක්” නම් මේ කොපි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ සුදේශ් වසන්ත පීරිස් මහතා වන අතර, මුල් ෆිල්ම් එකේ කතාවම අපේ ආරට සරිලන විදිහට ඔහු මේ ෆිල්ම් එක හදලා තිබුනා.
ෆිල්ම් දෙකේම ස්ටෝරි දෙක එකයි. අයියා සහ මල්ලී විවාහ වී සිටින කාන්තාවෝ දෙන්නා වටායි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක ගෙතෙන්නේ.
මේ අයියා මලෝ දෙන්නම ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අවශ්‍ය ලිංගික සතුට ලබාදීමට උනන්දුවක් නොදක්වන අතර අවසානයේ මේ දෙනෑනෝ දෙන්නා ඔවුන්ගේ කාම ආශාව සංසිඳවා ගැනීම වෙනුවෙන් සමලිංගික ලෙස රහසේ ලිංගිකව එකතු වෙනවා.
ඉන් පසුව වෙන කතා ගලායෑම තමා ෆිල්ම් එකේ තියෙන්නේ.
ලංකාවේ ෆිල්ම් එකේ අයියා ලෙස ඩබ්ලිව් ජයසිරිත්,මල්ලී ලෙස රොජර් සෙනවිරත්නත් රඟපෑවා. මුල් ෆිල්ම් එකේ විශිෂ්ඨ රංගනයක නියැලුනු නිලියන් දෙදෙනා වන ශබානා අස්මී සහ නන්දිතා දාස් ලෙස සිංහල ෆිල්ම් එකේ රඟපෑවේ ගයනා සුධර්ශනී සහ අනූෂා සොනාලී විසින්.
මුල් ෆිල්ම් එකේනම් ලිංගික සහ නිරුවත් දසුන් ඉතා සංයමයෙන් සිනමාරූපීව ලස්සනට පෙන්නුවත්. ලංකාවේ ෆිල්ම් එකේනම් ඒ බවක් පෙනුනේම නෑ.
මුල් ෆිල්ම් එක වුන “Fire” හා පසුව හැදෙන “මමත් ගැහැණියක්” ෆිල්ම් දෙක කිසිසේත්ම සමාන සිනමාත්මක බවක් නොවූ අතර, ලෝ බජට් ආරෙන් හැදුන මමත් ගැහැණියක් ෆිල්ම් එක ඒ යුගයේ කාම රැල්ලේ සිනමාවට අනුගත ලෙසයි රසිකයින් වැලදගන්නේ.
කොහොම නමුත් බලපු අය ඉන්නවනම් ෆිල්ම් එක ගැන මතකය අවදි කරගෙනම යන්න.. නොබලපු අය ඉන්නවනම් කැමතිනම් විතරක් හොයාගෙන බලන්න.