අද අප සමඟ සම්බන්ධ වන්නේ සිය නිර්මාණශීලීත්වය හා කැපවීම තුළින්, “Nadee’s Fashion” නමින් කාන්තා විලාසිතා ක්ෂේත්රයේ කැපී පෙනෙන නමක් දිනාගත්, තරුණ ව්‍යවසායිකාවක් වන නදීෂා චාරුණි මහත්මියයි.
Q: Nadee’s Fashion ආරම්භ කරන්නට මුල් වූ හේතුව කුමක්ද?
A: ඇඳුම් සාප්පු කොතෙකුත් තිබුණත්, අපේ සිතැඟිවලට ගැළපෙන නිර්මාණ සොයා ගැනීම අසීරුයි. බොහෝ වෙලාවට සාප්පු ගණනාවක ඇවිද්දත්, අපිට හරියන ඇඳුමක් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මම හිතුවා මගේ අදහස්වලට අනුව මට අවශ්‍ය ඇඳුම් ම විසින්ම මහන්න ඕන කියලා. Nadee’s Fashion ආරම්භ වුණේ ඒ අදහසින්.
Q: ඔබේ නිර්මාණ සඳහා අදහස් ලබා ගන්නේ කෙසේද?
A: අපේ ඇඳුම්වල සැලසුමේ සිට නිමාව දක්වා සියලුම වැඩ කරන්නේ මමයි. වර්තමාන විලාසිතා ප්රවණතා (trends) සහ තරුණියන් වඩාත්ම කැමති ඇඳුම් විලාසිතා ගැන අවධානය යොමු කරමින් තමයි මම මගේ නිර්මාණ කරන්නේ. වෙළෙඳපොළේ සුලබ නොවන, අලුත්ම සහ සුවිශේෂී නිර්මාණ බිහි කිරීමට මම නිතරම උත්සාහ කරනවා. ඒ සඳහා පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි.
Q: අන්තර්ජාල ව්‍යාපාරයක් ලෙස ඔබ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතා පවත්වන්නේ කෙසේද?
A: මුලින්ම මම පාරිභෝගිකයන් සොයාගෙන ගියේ නැහැ. මම මටම ඇඳුම් මහලා කාර්යාලයට, උත්සවවලට සහ එදිනෙදා වැඩවලට අඳින්න පටන් ගත්තා. මගේ ඇඳුම් දකින අය ඒවා මහන්නේ කවුද, කොහෙන්ද ගත්තේ කියලා ඇහුවා. එතකොට ඔවුන්ටත් ඒ වගේ ඇඳුම් මසා දෙන්න කියලා මට ඇණවුම් ලැබුණා. පසුව, ඔවුන්ගේ මිතුරන් හා නෑදෑයන් හරහාත් ඇණවුම් ලැබෙන්න පටන් ගත්තා. මේ විදියට තමයි මම මගේ ව්‍යාපාරය ආරම්භ කළේ.
පසුව මම අන්තර්ජාලය හරහා ව්‍යාපාරය පුළුල් කරන්න හිතලා සමාජ මාධ්‍ය පිටුවක් (page) ආරම්භ කළා. ඒ හරහාත් මට විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ මගේ නිර්මාණ අනෙක් අයගේ නිර්මාණවලට වඩා වෙනස් සහ අලුත් කියලා. මම අලුතින් ඇඳුමක් නිර්මාණය කළ සැනින්, ලස්සන වීඩියෝ එකක් සමඟින් එය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ TikTok වැනි සමාජ මාධ්‍යවල පළ කරනවා. මේ විදිහට තමයි පාරිභෝගිකයන් මාව සොයාගෙන එන්නේ. ඇණවුමක් ලැබුණු මොහොතේ සිට එය පාරිභෝගිකයා අතට ලැබෙන තුරුම අපි ඔවුන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධව සිටිනවා.
Q: කාන්තාවන්ට පහසු මිලකට ඇඳුම් ලබා දීම ගැන ඔබේ අදහස කුමක්ද?
A: වෙළෙඳපොළේ ඇති ඇඳුම්වල මිලට වඩා ඉතා අඩු මිලකට තමයි අපි අපේ ඇඳුම් අලෙවි කරන්නේ. වර්තමාන ආර්ථික තත්ත්වය සලකා බලලා, දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ඇඳුමක් මිලදී ගත හැකි මිලකට ඒවා ලබා දීමට අපි වග බලා ගන්නවා. මිල අඩුයි කියලා අපි ගුණාත්මක බවින් අඩු අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හොඳම තත්ත්වයේ රෙදි සහ අනෙකුත් අමුද්‍රව්‍ය යොදාගෙන තමයි අපි අපේ ඇඳුම් නිර්මාණය කරන්නේ. සාක්කුවේ තරමට, සිතේ හැටියට සාප්පු සවාරි යන්න නම්, Nadee’s Fashion තමයි හොඳම තෝතැන්න.
Q: ඉදිරියේදී Nadee’s Fashion ඇඳුම් සාප්පුවක් ලෙස ආරම්භ කිරීමට සැලසුමක් තිබෙනවාද?
A: බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි “ඔයාලගේ සාප්පුවක් නැද්ද, ඇවිත් බලලා ඇඳුම් ගන්න?” කියලා. අපේ පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් ඉක්මනින්ම සාප්පුවක් ආරම්භ කිරීමට අපි සැලසුම් කරමින් සිටිනවා. ඒ හරහා අන්තර්ජාලයෙන් ඇණවුම් කිරීමට අපහසු අයට පවා සාප්පුවට පැමිණ තමන්ට අවශ්‍ය ඇඳුම් තෝරා බේරා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.