🌞 මේෂ ලග්නය 🌛
මේෂ ලග්න හිමියන්ට මේ සතිය තරමක් අවිවේකීව ගෙවෙනු ඇත. වෘත්තීය වගකීම් වැඩිවන අතර, පවුලේ ගැටලු කිහිපයක් නිරවුල් කර ගැනීමට හැකි වනු ඇත. සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාව මතින් ගමන් කරන බැවින්, විශේෂ පුද්ගලයකුගේ හමුවීමක් සිදුවනු ඇත. පවුලේ උත්සව අවස්ථාවන් සඳහා වෙහෙසෙන බවක් පෙනෙන අතර, පවුලට අලුත් සාමාජිකයකු එකතු වීමටද ඉඩ ඇත. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන අතර, සතිය මැදදී ප්‍රමාද වූ පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනේ.
රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරන අතර, රැකියාවේ කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවිය හැකියි. තනතුරු සහ ස්ථාන මාරු හිමිකම් ඇති කාලයකි. රැකියාවේ වගකීම් වැඩි කරන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි.
අධ්‍යාපනය අතින්, උසස් අධ්‍යාපන කටයුතු වලට යොමුවූ අයට සුබදායක වේ. මෙතෙක් කරගෙන ආ පාඨමාලාවක් සාර්ථකව නිමා කර ගැනීමට හැකිවන අතර, විදෙස් අධ්‍යාපන සැලසුමකටද යොමු වනු ඇත.
සෞඛ්‍යය අතින්, ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති විය හැකි අතර, සති අන්තයේදී හදිසි ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකියි.
🌞 වෘෂභ ලග්නය 🌛
වෘෂභ ලග්න හිමියන්ට මේ සතියේ හදිසි දේපළ ලාභයක් හිමි විය හැකි අතර, පවුලේ අය අතර කැපී පෙනෙන කාලයකි. සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි. යන එන තැන කැපී පෙනෙන අතර, බාහිර දියුණුව වෙනුවෙන් වෙහෙසෙනු ඇත. සතුරු කරදරයකින් නිදහස අත් කර ගනී.
රැකියා කටයුතු වලදී වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇත. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක වන අතර, රැකියා කටයුතු සඳහා දුර බැහැරකට යාමටද සිදුවිය හැකියි. විදෙස් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන බවක්ද පෙනේ.
අධ්‍යාපනය අතින්, දැනුම සහ බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන් වෙහෙසෙන අතර, ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමටද කැමැත්තක් දක්වනු ඇත.
සෞඛ්‍යය අතින්, සෙම් දෝෂ බහුලවීමෙන් උගුරේ අමාරු, දත්වල අමාරු වැනි විවිධ ආබාධවලට මුහුණ දීමට සිදුවෙයි. කොන්ද ආශ්‍රිත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇත.
🌞 මිථුන ලග්නය 🌛
මිථුන ලග්න හිමියන්ට මේ සතිය වෙහෙසීම් බහුල වනු ඇත. සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාව මතින් ගමන් කරන බැවින්, උරුම හිමිකමක් පිළිබඳ ගැටලුවක් විසඳා ගැනීමට හැකි වනු ඇත. පැවති අගහිඟතා කීපයක් මඟ හැරී යන අතර, පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙයි. අසරණ කෙනකුට උපස්ථාන කිරීමට අවස්ථාව උදා වේ.
රැකියා අතින්, ඉදිරි දියුණුව වෙනුවෙන් පියවර කිහිපයක් ගනී. වෙහෙස මහන්සියක් නැති රැකියා මාර්ගවලට කැමති වන අතර, අලුත් රැකියා ලාභ ලැබීමටද හිමිකම් ඇත. ස්වයං රැකියා කටයුතු වලට සම්බන්ධ වූ අයට අතමිට සරු වන බවක් පෙනේ.
අධ්‍යාපනය අතින්, අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා වේ. තරග විභාගයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන අතර, කණ්ඩායම් වැඩසටහනකටද සම්බන්ධ වීමට සිදුවනු ඇත. විදෙස් අධ්‍යාපනයක් සඳහා සැලසුමක් ඇති කර ගනී.
සෞඛ්‍යය අතින්, කන්වල ආබාධ සහ උරහිස සම්බන්ධ ආබාධ හේතුවෙන් පීඩාකාරී බවක් ඇති විය හැකියි. නිතර නිතර ඇතිවන සෙම් දෝෂයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇත. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත්ය.
🌞 කටක ලග්නය 🌛
කටක ලග්න හිමියන්ට මේ සතියේ ප්‍රසිද්ධියට පත් වන කාලයකි. සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි. අසල්වැසියකු සමඟ ඇතිකරගත් මතභේදයක් දුරදිග යන අතර, ගේදොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙනු ඇත. පැවති නීතිමය ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා වේ.
රැකියා කටයුතු වලදී වෙනස්කම් කිහිපයක් සිදු කරන අතර, අනුන් යටතේ කරන රැකියා වලට වඩා ස්වයං රැකියා හෝ වෙළෙඳ ව්‍යාපාර වලට කැමැත්තක් දක්වයි. තනතුරු හෝ ස්ථාන වෙනස්කම් බලාපොරොත්තු වන අයට සුබදායක වේ.
අධ්‍යාපනය අතින්, පොතපත කියවීමට සහ ලිවීමටද වෙහෙසෙන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන අතර, විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවිය හැකියි.
සෞඛ්‍යය අතින්, ජලයෙන් අගුණ කාලයකි. සෙම් දෝෂ බලවත්වීමෙන් පපුවේ මහන්සිය, හතිය වැනි රෝග පීඩා මතුවිය හැකියි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වීම යහපත් වේ.
🌞 සිංහ ලග්නය 🌛
සිංහ ලග්න හිමියන්ට මේ සතිය වෙහෙසීම් බහුල සතියකි. සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි. සැනසිලිදායක බව තරමක් අඩු වන අතර, පැවති ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු යෙදෙනු ඇත. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කර ගන්නා බවක්ද පෙනේ. ගේදොර අලුත්වැඩියාවක් පිළිබඳව වෙහෙසෙන අතර, වෙනදාට වඩා වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා වේ. ආගමික සැලසුමක් වෙනුවෙන්ද වෙහෙසෙනු ඇත.
රැකියා අතින්, රැකියාවේ ඉදිරි දියුණුවට විශේෂ පියවර කිහිපයක් ගනී. ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ග වලට හේතු ඇති වන අතර, අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ඇරඹීමටද කටයුතු යෙදේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලටද හේතු යෙදෙනු ඇත.
අධ්‍යාපනය අතින්, උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයකි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා අතර, විභාග ජයග්‍රහණයක් පිළිබඳව සතුටු වීමට අවස්ථාව උදා වේ.
සෞඛ්‍යය අතින්, උදරගත ආබාධයක් වරින්වර මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු අතර, දතක වේදනාවක් හේතුවෙන්ද පීඩා අත් කර දෙනු ඇත.
🌞 කන්‍යා ලග්නය 🌛
කන්‍යා ලග්න හිමියන්ට මේ සතියේ ප්‍රමාද වූ සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත. සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි. පරම්පරාගත දේපළකට හිමිකම් කියන කාලයක් වන අතර, දුර ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. නිතර සමාජ සේවා කටයුතුවලට යොමු වන අතර, සති අන්තයේදී ප්‍රමාද වූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.
රැකියා අතින්, අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක වේ. අතමිට සරු කරන සුළු සුළු රැකියා මාර්ග වලට හිමිකම් ඇති කරන අතර, පරම්පරාගත රැකියාවකටද හිමිකම් ඇත. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වේ.
අධ්‍යාපනය අතින්, දැනුම සහ බුද්ධිය වර්ධනය වන කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව උදා වේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකටද කටයුතු යෙදෙන අතර, ගණිතය හා තාක්ෂණික අංශයෙන් විශේෂ දක්ෂතා දක්වන කාලයකි.
සෞඛ්‍යය අතින්, වරින්වර ඇතිවන උගුර සහ පාද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇත.
🌞 තුලා ලග්නය 🌛
තුලා ලග්න හිමියන්ට මේ සතිය සැනසිලිදායක ලෙස ගත වනු ඇත. සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන අතර, ගෘහ ජීවිතයේ පැවැති කරදර බාධා කිහිපයක්ද මඟ හැරී යයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන අතර, දුර ගමනකටද සැලසුමක් ඇති කර ගනී.
රැකියා අතින්, තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක වේ. වෙහෙසීම් බහුල රැකියා මාර්ග වලට හේතු යෙදෙන අතර, ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ග වලටද යොමුවීමට ඉඩකඩ ඇත.
අධ්‍යාපනය අතින්, මෙතෙක් බාධාකාරී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් හා උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විශේෂ නිපුණතා දක්වන අතර, දහම් අධ්‍යාපනික කටයුතුවලටද යොමු වනු ඇත.
සෞඛ්‍යය අතින්, කොන්ද සහ උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇත. සතිය මැදදී ඇතිවන ක්ලාන්ත ගතියකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර, රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.
🌞 වෘශ්චික ලග්නය 🌛
වෘශ්චික ලග්න හිමියන්ට මේ සතියේ නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි. සැනසිලිදායක බව තරමක් අඩු වන අතර, විවාහ දිවියේ සැපත සහ සතුට ඇති කරනු ඇත. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇති අතර, නීතිමය ගැටලුවකින්ද නිදහස උදාකරයි.
රැකියා අතින්, රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් දුරදිග සිතා බැලීම වැදගත් වේ. කරදර බාධක යෙදුණත්, රැකියාවේ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන බවක් පෙනේ. ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ග වලටද හේතු යෙදෙන කාලයකි.
අධ්‍යාපනය අතින්, උසස් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධාකාරී බව මඟ හැරී යයි. වෙනදාට වඩා පොත පතට ළැදිව කටයුතු කරන අතර, අලුත් දේ ඉගෙනීමටද ආශාවක් දක්වනු ඇත.
සෞඛ්‍යය අතින්, වරින්වර ඇතිවන දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගනී. ශරීර වෙහෙස මහන්සිය ඇති කරන අතර, හිස සම්බන්ධ ආබාධයකටද ප්‍රතිකාර ලබා ගනී. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවිය හැකියි.
🌞 ධනු ලග්නය 🌛
ධනු ලග්න හිමියන්ට මේ සතිය වගකීම් බහුල කරමින් ආරම්භ වනු ඇත. සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි. ආගම දහමට නැඹුරුව කටයුතු කරන අතර, පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. දුර ඥාතියකුගේ පැමිණීමක් තුළින් කටයුතු කිහිපයක් වෙනස් කිරීමට සිදුවන අතර, හදිසි ගනුදෙනුවකටද කටයුතු සැලසෙනු ඇත. සතිය මැදදී සහෝදර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදේ.
රැකියා අතින්, රැකියා කටයුතු සම්බන්ධ සැලසුම් කිහිපයක් වෙනස් කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ කටයුතුවලට යොමු වීමට ඉඩ ඇති අතර, අතමිට සරු කරන සුළු ස්වයං රැකියා මාර්ග වලට යොමු වීමටද ඉඩ ඇත.
අධ්‍යාපනය අතින්, උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි සතියකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවන අතර, විදෙස් අධ්‍යාපන සැලසුමක් ඇති කර ගනී.
සෞඛ්‍යය අතින්, පැවති ශාරීරික දුබලතා මඟ හැරී යන බවක් පෙනේ. එහෙත්, හදිසියේ ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකියි.
🌞 මකර ලග්නය 🌛
මකර ලග්න හිමියන්ට මේ සතිය උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි. නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කළ හැකියි. පවුලේ කටයුතු වලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන අතර, නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකි වේ. සතිය මැදදී ගෘහ ජීවිතයේ කටයුතුවල වෙනසක් සිදුවීමට ඉඩ ඇති අතර, සමාජ සේවා කටයුතුවලින් ප්‍රශංසා ලැබීමට ඉඩ ඇත.
රැකියා අතින්, රැකියා කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලීම වැදගත්. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවිය හැකියි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදා වන අතර, දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ග වලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය අතින්, ඥාන ශක්තිය බලවත් වන කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවනු ඇත. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතාවයක් දක්වන අතර, විශේෂ පාඨමාලාවක් හැදෑරීමට මූලික අඩිතාලමක් දමා ගනී.
සෞඛ්‍යය අතින්, ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. වරින්වර ඇති කරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර, උෂ්ණාධිකබව හේතුවෙන් ඇතිවන චර්මගත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
🌞 කුම්භ ලග්නය 🌛
කුම්භ ලග්න හිමියන්ට මේ සතියේ විශ්වාසවන්ත ඇසුරක් ලැබෙනු ඇත. සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි. සිතේ චංචල ගතිය නිසා කටයුතු කිහිපයක් වෙනස් කරන අතර, පවුලේ අය සමඟ දුර ගමනකට සූදානමක් ඇති කරයි. අසල්වැසි සුහදතාවයට කරුණු ඇති වන අතර, අවිවේකී බවක්ද ඇති කරන සතියකි.
රැකියා අතින්, මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය රැකියාවේ කටයුතු උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් කරගෙන යයි. රැකියා කරන ස්ථානයේ තරමක් ඉහළින් සිටීමට කටයුතු උදා වන අතර, ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ග වලටද හේතු සැලසෙනු ඇත.
අධ්‍යාපනය අතින්, උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. සංගීතයට හා කලා අංශයට යොමු වන අතර, උසස් අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වූ අයට සුබදායක වේ.
සෞඛ්‍යය අතින්, නින්ද යෑම අඩුකම සහ පීනස වැනි සෙම් රෝග හිසට හා පපුවට බලපාන්නට ඉඩ ඇත. හදිසි වෛද්‍ය පරීක්ෂණයකටද යොමු වීමට සිදුවිය හැකි අතර, රුධිරගත සීනි මට්ටම සහ අධි රුධිර පීඩනය කෙරෙහිද විමසිලිමත් විය යුතුයි.
🌞 මීන ලග්නය 🌛
මීන ලග්න හිමියන්ට මේ සතිය ලැබීම් සහිත කාලයක් වනු ඇත. සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි. අලුත් බලාපොරොත්තු ඇති කරන අතර, පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි වනු ඇත. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයක් වන අතර, සතිය මැදදී අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමටද කටයුතු සැලසෙනු ඇත. කීර්තියට කැමති කාලයක් වන අතර, උසස් අයගේ ඇසුරටද කටයුතු සැලසෙනු ඇත.
රැකියා අතින්, රැකියාවේ සැලසුම් කිහිපයක් වෙනස් කරන අතර, ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ග වලටද හේතු ඇති කරයි. රැකියා ස්ථානයේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා වන අතර, බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන රැකියා මාර්ග වලටද හේතු යෙදේ.
අධ්‍යාපනය අතින්, සාහිත්‍ය හා කලා අංශයෙන් විවිධ ජයග්‍රහණ හිමි කර ගනී. උසස් අධ්‍යාපනයට පැවති බාධා කිහිපයක් මඟ හැරී යන අතර, විදෙස් අධ්‍යාපනයකටද සැලසුම් සකස් කර ගනී. අමතර භාෂාවක් ඉගෙනීමටද වෙහෙසෙනු ඇත.
සෞඛ්‍යය අතින්, ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් විය යුතුයි. හදිසි වැටීම් සහ තැලීම් වලට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැදදී ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකියි.