🌞 මේෂ ලග්නය 🌛
මේෂ ලග්න හිමියන්ට මේ සතිය තරමක් අවිවේකී වනු ඇත. ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්. ඔබගේ සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකි වන අතර, අන් අය අතර කැපී පෙනීමටද අවස්ථාව ලැබෙයි. වෙනදාට වඩා වියදම් අධික විය හැකි බැවින් සැලසුම් සහගතව කටයුතු කරන්න. මවගේ සෞඛ්‍ය තත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. මංගල යෝග යෙදී ඇති අතර, නව නෑදෑ හිතවතුන් හඳුනා ගැනීමට ලැබෙනු ඇත. සිතට දුකක් ගෙන දෙන සිදුවීමක් සිදුවිය හැකි වුවත්, පුණ්‍ය කටයුතු සඳහා සම්බන්ධ වීමට ලැබීමෙන් සිතට සහනයක් ලැබෙයි. දේපළ සම්බන්ධ කටයුතු වලදී වෙනදාට වඩා සැලකිලිමත් වීම වැදගත්. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක්ද පෙනේ.
රැකියා උසස්වීම් අපේක්ෂා කරන අයට තරමක් යහපත් කාලයකි. දැනට කරන රැකියාව නව මුහුණුවරකින් කරගෙන යන අතර, රැකියාවට අමතර ආදායම් මාර්ග වෙනුවෙන්ද යොමු වන බවක් පෙනේ. අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් හා උනන්දුවෙන් කරන අතර, විශේෂ වැඩමුළුවකට සම්බන්ධ වීමටද ඉඩ ලැබේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන අතර, උසස් පාඨමාලාවන් වෙනුවෙන් සැලසුම් කරයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්. වැටීම්, තැලීම් සිදුවීමේ ඉඩක් ඇති අතර, දත් ආශ්රිත ආබාධ ඇතිවිය හැකියි. ඌෂ්ණාධික රෝග ඇතිවීමේ ඉඩක්ද පවතිනවා.
🌞 වෘෂභ ලග්නය 🌛
වෘෂභ ලග්න හිමියන්ට මේ සතියේ උත්සාහයෙන් හා උනන්දුවෙන් කටයුතු කළ හැකියි. අනවශ්‍ය කලබලය නිසා පාඩු, කරදර සහ හානි ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. කාලයකින් නොදුටු හිතවතෙකු හමුවීමට ඉඩ ලැබෙන අතර, සමාජ සේවා සහ පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වීමටද අවස්ථාව ලැබේ. දුර ගමනක් යෙදිය හැකි අතර, ඥාතියෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමටද සිදුවිය හැකියි. යුග දිවියේදී සහකරු හෝ සහකාරිය සමඟ ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වේ. දරුවන් නිසා සිතේ නොසන්සුන් බවක් ඇතිවිය හැකියි.
රැකියා කටයුතු උත්සාහයෙන් හා උනන්දුවෙන් කරන අතර, වගකීම් බහුල විය හැකියි. කාර්මික හෝ තාක්ෂණික අංශයේ රැකියා හා ව්‍යාපාර කරන අයට මේ සතිය යහපත් වේ. ඇවිදිලි වැඩි කරන රැකියා සඳහා යොමු වන බවක් පෙනෙන අතර, වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයටද සුබයි. තරඟකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට ඉඩ ලැබෙන අතර, උසස් සහ විදෙස් අධ්‍යාපනය වෙනුවෙන් සැලසුම් කරයි. අමතර භාෂාවක් ඉගෙනීමටද වෙහෙසෙයි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, ශාරීරික වෙහෙස වැඩි වේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි අතර, පෙණහැල්ල, මුත්‍රාශ්‍රිත සහ පාද ආශ්‍රිතව ආබාධ ඇතිවීමේ ඉඩක්ද පවතිනවා.
🌞 මිථුන ලග්නය 🌛
මිථුන ලග්න හිමියන්ට මේ සතියේ අනපේක්ෂිත ලාභ ලැබීමේ වාසනාව ඇත. තීරණ ගැනීමේදී දුරදිග බලා කටයුතු කරන්න. වෙහෙසීම් බහුල වන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි. පවුලේ කටයුතු වල වෙනස්කම් කිහිපයක් සිදු කරන අතර, බාල සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැකියි. නිවසේ අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට ලැබෙන අතර, පුණ්‍ය කටයුතු වලද නිරත වේ. අසරණ අයෙකුට පිහිට වීමටද අවස්ථාව ලැබෙයි.
රැකියා කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අතර, නව රැකියා මාර්ග වලට යොමු වන බවක් පෙනේ. විදෙස් රැකියා වෙනුවෙන්ද සැලසුම් කරයි. නව වෙළඳ ව්‍යාපාර ආරම්භයට යහපත් කාලයක් වන අතර, ස්වයං රැකියා වලින් දියුණුව අත් වේ. උගත් දෙයින් ප්‍රයෝජන ගැනීමට ලැබෙන අතර, නව දැනුම සොයා කටයුතු කරයි. සෞන්දර්ය අංශයෙන් ජයග්‍රහණ හිමි වන අතර, නව පොත පත මිලදී ගැනීමටද සිදුවිය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, යටිබඩ ආශ්‍රිතව හෝ මුත්‍රාශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකියි. සෙම් රෝග උත්සන්න වන අතර, ඌෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න. සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන කාලයකි.
🌞 කටක ලග්නය 🌛
කටක ලග්න හිමියන්ට මේ සතියේ කෙටි ගමන් බිමන් නිතර යෙදෙනු ඇත. හදිසි තීන්දු තීරණ ඔබට අවාසිදායක විය හැකි බැවින් කල්පනාකාරී වන්න. වෙහෙසීම් බහුල කටයුතු කිහිපයක් යෙදෙන අතර, සැලසුම් කිහිපයක්ද සාර්ථක කර ගනී. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට ලැබෙයි. හදිසි ගනුදෙනුවක් ඇතිවීමේ ඉඩක් පවතින අතර, යාන වාහන, දේපළ සම්බන්ධ කටයුතු වලින් ප්‍රවේශම් විය යුතුයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනෙනවා. විවාහ අපේක්ෂකයින්ට මේ සතිය සුබයි. ප්‍රේම සම්බන්ධතා වලට එතරම් සුබ නොවන අතර, සිත් වේදනා හා රැවටීම් වලට හසුවිය හැකියි.
රැකියා කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවිය හැකි අතර, දැනට කරන රැකියාවට අමතරව රැකියා මාර්ග වලට යොමු වන බවක් පෙනේ. ගොවිතැන් කරන අයට සහන ලැබීමේ ඉඩක් පවතින අතර, ශාරීරික වෙහෙසීම් ඇති කරන රැකියා වලට යොමු වීමේ ඉඩද ඇත. හවුල් ව්‍යාපාරයක් වෙනුවෙන්ද වෙහෙසෙයි. මඟ හැරුණු පාඩම් සම්බන්ධව කටයුතු කරන අතර, පොත පත කියැවීමට ප්‍රිය වේ. ගුප්ත විද්‍යා හැදෑරීම් කෙරෙහිද කැමැත්තක් ඇති වේ.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, දරුවන් සහ ශිෂ්‍යයන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. උදරාබාධ, සෙම් රෝග සහ උගුර ආශ්රිත ආබාධ ඇතිවිය හැකියි. රුධිරයේ සීනි මට්ටම ගැනද සැලකිලිමත් වන්න.
🌞 සිංහ ලග්නය 🌛
සිංහ ලග්න හිමියන්ට මේ සතියේ ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අන් අයගෙන් උදව් උපකාර හිමි වෙයි. වෙනදාට වඩා මුරණ්ඩු ගති ඉස්මතු වන අතර, පැවති වගකීමකින්ද නිදහස් වීමට ලැබෙයි. නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දේපළ සම්බන්ධ ගැටළුවක් විසඳා ගැනීමට ලැබෙන අතර, පවුලේ කටයුතු වලදී මූලිකත්වය ගැනීමට සිදුවෙයි. පවුලේ අයෙකුගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. පුණ්‍ය කටයුත්තක් හෝ ශාන්ති කර්මයක් උදෙසා සැලසුම් කරන අතර, නව ඥාති හිතවතුන් හඳුනා ගැනීමටද ලැබෙයි. විදෙස් හිතවතෙකුගෙන් උදව් උපකාරයක් හිමිවීමේ ඉඩක්ද පවතිනවා. ප්‍රේම සම්බන්ධතා වලට පැවති ගැටළුකාරී තත්ව මඟ හැරී යයි.
රැකියාවේ තනතුරු හෝ වගකීම් වල වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන් බවක් ඇතිවිය හැකියි. රැකියාවේ ඉදිරි සැලසුම් වල වෙනසක්ද සිදු කරයි. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන කටයුතු වලට යොමු වීමේ ඉඩක් පවතින අතර, අධ්‍යාපනයට තරමක බාධා යෙදුනත් උත්සාහයෙන් හා උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කරයි. දැනුම බුද්ධිය වර්ධනය වෙනුවෙන් පොත පත කියවයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, සෙම් රෝග වරින් වර ඇතිවිය හැකියි. හදිසි වැටීම්, තැලීම් සිදුවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
🌞 කන්‍යා ලග්නය 🌛
කන්‍යා ලග්න හිමියන්ට මේ සතියේ අන් අය අතර ප්‍රසිද්ධියට පත්විය හැකි අවස්ථා ඇති වේ. උත්සාහයෙන් හා උනන්දුවෙන් කටයුතු කරන අතර, ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට ඉඩ ලැබෙයි. පවුල තුළ පැවති මත ගැටුම් සමතයකට පත්වනු ඇත. නිවසේ අලුත්වැඩියාවක් වෙනුවෙන් කටයුතු කරන අතර, හදිසි දුර ගමනක්ද යෙදිය හැකියි. පුණ්‍ය කටයුතු සඳහා සම්බන්ධ වීමට ලැබෙන අතර, ගුප්ත කටයුතු වලින් පිහිට පතන ආකාරයක් පෙනේ. සතිය මැදදී අන් අය සමඟ මතභේද ඇතිවීමට හෝ දෝෂාරෝපණයන්ට ලක්විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. අන් අයගේ කරුණක් හේතුවෙන් ඔබට පාඩුවක් හෝ බියක් ඇතිවන කරුණු යෙදිය හැකියි.
රැකියා ස්ථානයේ කැපී පෙනීමට කටයුතු යෙදෙන අතර, රැකියා කටයුතු වලට පැවති බාධා කිහිපයක් යටපත් වේ. රැකියාව සම්බන්ධ ලියකියවිල්ලක් අස්ථාන වීමේ ඉඩක් පවතින අතර, රැකියා කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමටද සිදුවිය හැකියි. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් යහපත උදාකර ගත හැකියි. අධ්‍යාපනයට පැවති උදාසීන ගති මඟ හැරී යයි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට ලැබෙන අතර, කලා සහ සංගීතයට ලැදි වේ.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, උදරය, උගුර සහ පාද ආශ්රිත ආබාධ ඇතිවිය හැකියි. සෙම් රෝග උත්සන්න වන අතර, ශාරීරික අප්‍රාණික ගතිද ඇතිවිය හැකියි.
🌞 තුලා ලග්නය 🌛
තුලා ලග්න හිමියන්ට මේ සතියේ මුදල් සම්බන්ධව පැවති බලාපොරොත්තුවක් ඉටුවිය හැකියි. නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැරණි හිතවත්කම් අලුත් වන අතර, ගේදොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. පවුලේ බැඳීම් වැඩි කරන කටයුතු කිහිපයක් යෙදෙන අතර, දුර ගමනකටද සැලසුම් කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියා කටයුතු කළත්, සුළු අයහපත් තත්ව ඇතිවිය හැකියි. ඇවිදිලි සහිත රැකියා මාර්ග වලට හේතු යෙදෙන අතර, දෑතේ මහන්සියෙන් කරන රැකියා වලට යොමු වන බවක්ද පෙනේ.
අධ්‍යාපන කටයුතු වලට උදව් උපකාර හිමි වන අතර, උසස් අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන් වෙහෙසෙන බව පෙනෙන අතර, වෙනදාට වඩා පොත පත කියැවීමටත් ලිවීමටත් ප්‍රිය වේ.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ඇස්, උගුර ආශ්රිත රෝගාබාධ ඇතිවිය හැකියි. සෙම් රෝග උත්සන්න වන අතර, චර්ම රෝග ඇතිවීමේ ඉඩක් පවතිනවා. හදිසි වෛද්‍ය ප්‍රතිකාරයක් පැතීමට සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
🌞 වෘශ්චික ලග්නය 🌛
වෘශ්චික ලග්න හිමියන්ට මේ සතියේ ඔබගේ සැලසුම් හෝ තීරණ වෙනස් කරවන බවක් පෙනේ. තනිවම සිටීමට ප්‍රිය කරන අතර, වෙනදාට වඩා කෝපය උත්සන්න විය හැකියි. අන් අයගේ අදහස් නොපිළිගන්නා සහ නම්‍යශීලී නොවන බවක් පෙනේ. නිතර කෙටි ගමන් බිමන් යෙදෙන අතර, අලුත් දැන හැඳුනුම්කම්ද ඇති වේ. පවුලේ වැඩිහිටියෙකුගෙන් උපකාරයක් හිමි වන අතර, විදෙස් හිතවතෙකුගේ පැමිණීමක් සිදුවිය හැකියි. අනවශ්‍ය ගැටළු සහ මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.
රැකියා කටයුතු සැහැල්ලුවෙන් කළත්, රාජකාරී පැහැර නොහැර කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. අමතර ආදායම් ගෙනෙන සුළු රැකියා වලට යොමු වන බවක් පෙනෙන අතර, ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ග වලට යොමුවන කාලයකි. රැකියා කටයුතු උත්සාහයෙන් හා උනන්දුවෙන් කරයි. දහම් අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණ හිමිවිය හැකි අතර, අමතර භාෂාවක් ඉගෙනීමටද කටයුතු කරයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, හිස, පපුව හෝ උරහිස සම්බන්ධව ආබාධ ඇතිවිය හැකියි. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකියි.
🌞 ධනු ලග්නය 🌛
ධනු ලග්න හිමියන්ට මේ සතියේ නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ මතභේදයක් දුරදිග යා හැකි අතර, අමනාප වූ අයෙක් සමඟ නැවත මිත්‍ර වේ. පුණ්‍ය කටයුත්තක් සඳහා සහභාගී වීමට ලැබෙන අතර, දුර ඥාතියෙකුගේ හමුවීමක් සිදුවිය හැකියි. නව මිත්‍රත්ව හෝ ප්‍රේම සම්බන්ධතා ඇතිවිය හැකියි. අමතර වියදම් බහුල වන අතර, පැරණි ණය මුදලක් ගෙවා දැමීමට කටයුතු කරයි. දේපළ ගැටළුවක් නිරවුල් කර ගැනීමට ලැබෙන අතර, පොරොන්දු ගිවිසුමක්ද සාර්ථක වන සතියකි. හදිසි ගමනක්ද යෙදිය හැකියි.
රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථානීය වෙනසක් බලාපොරොත්තු වූ අයට මේ සතිය යහපත් වේ. රැකියාවේ පැවති ගැටළු යටපත් වී යයි. නව ව්‍යාපාරයක් වෙනුවෙන් වෙහෙසෙන බවක්ද පෙනේ. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු වල යෙදෙන අතර, දුර්වලතා ඇති විෂයන් වෙනුවෙන් වෙහෙසෙයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශාරීරික අප්‍රාණික ගති ඇතිවිය හැකියි. සෙම් රෝග සහ උගුර ආශ්රිත ආබාධ උත්සන්න වීමේ ඉඩක්ද පවතිනවා.
🌞 මකර ලග්නය 🌛
මකර ලග්න හිමියන්ට මේ සතියේ ඔබ කාර්යබහුල වනු ඇත. උත්සාහයෙන් කටයුතු කරන අතර, ගනුදෙනු කටයුතු වලදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. විශේෂ අයෙකුගේ හමුවීමක් සිදු කරන අතර, අමතර ගමන් බිමන් බහුල වේ. අනවශ්‍ය කලබලය සහ නොසැලකිලිමත් බව නිසා අනවශ්‍ය වියදම් හෝ අසුබ සිදුවීම් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. පවුලේ වගකීමක් තමා පිටට පැවරෙන බවක් පෙනෙන අතර, පවුලේ උත්සව හෝ දානමය පින්කමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. දරුවන්ගේ දියුණුව දැක සතුටට පත්වීමේ කාරණා ඇති වේ. අලුත් ඥාති සම්බන්ධතා ඇති වන අතර, යුග දිවියේ සුළු ගැටළු ඇතිවුවත් ඒවා දුරදිග නොයනු ඇත.
ගුප්ත විද්‍යා කටයුතු කරන අයට යහපත් කාලයකි. වෙනදාට වඩා ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන අතර, රැකියා කටයුතු හේතුවෙන් ඇවිදිලි වැඩි විය හැකියි. රැකියාවට අමතරව ආදායම් ලැබීම් සහිත රැකියා වලට යොමු වන බවක් පෙනේ. වෙළඳ ව්‍යාපාර කරන අය තම සේවාදායකයන් සමඟ සුහදව කටයුතු කිරීම වැදගත් වේ. ඥාන ශක්තිය දියුණු වන අතර, දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු වලට සම්බන්ධ වීමට ලැබෙයි. සෞන්දර්ය කටයුතු වලින් විශේෂ ජයග්‍රහණ හිමි කරවන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමටද වෙහෙසෙයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, නින්ද යෑමේ අඩුවක් ඇතිවිය හැකියි. කන්, පාද ආශ්රිත ආබාධ ඇතිවිය හැකි අතර, සෙම් හෝ පීනස් රෝගද ඇති වේ.
🌞 කුම්භ ලග්නය 🌛
කුම්භ ලග්න හිමියන්ට මේ සතිය අලංකරණයට කැමති කාලයකි. තම වාසියට කටයුතු කිහිපයක් උදා වන අතර, සතුරු කරදර පහව යයි. නිවසට අලුත් දෑ මිලයට ගන්නා බවක් පෙනේ. ලිපිලේඛන සම්බන්ධ කටයුත්තක් යෙදිය හැකියි. ඉටුකර ගැනීමට පවතින වැදගත් කාර්යයක් මඟ හැරී යාමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. දුර ගමනක් යෙදිය හැකි අතර, දානමය කටයුත්තක් වෙනුවෙන් සම්බන්ධ වීමට ලැබෙයි. සහෝදර පක්ෂයට වඩා ලැදිව කටයුතු කරන අතර, විවාහ ගිවිසුමක් සාර්ථක වන කාලයකි. යුග දිවියේ ගැටළු දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වේ.
රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට යහපත් වේ. රැකියාවේ ලේඛන සම්බන්ධව ගැටළුවක් ඇතිවීමේ ඉඩ පවතින අතර, නව වෙළඳ ව්‍යාපාර ඇරඹීමටද යහපත් කාලයකි. විදෙස් රැකියා මාර්ග වලට හේතු යෙදේ. අධ්‍යාපන කටයුතු වලට අන් අයගෙන් උදව් හිමි වන අතර, වෙනදාට වඩා පොත පත කියැවීමට ප්‍රිය වේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු කරන අතර, අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් පදිංචියෙන් පිට වාසයටද හේතු යෙදිය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, ශරීර වෙහෙසීම් බහුල කරයි. පාද ආශ්රිත ආබාධ ඇතිවිය හැකි අතර, චර්මගත රෝගාබාධ ඇතිවීමේ ඉඩක්ද පවතිනවා.
🌞 මීන ලග්නය 🌛
මීන ලග්න හිමියන්ට මේ සතියේ වෙනදාට වඩා විනෝදයෙන් සිටීමට කටයුතු කරයි. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර, විශේෂ අයෙකුගේ හමුවක්ද සිදුවිය හැකියි. පවුලේ කටයුතු වලට මූලිකත්වය ගැනීමට සිදුවන අතර, පවුලේ අයෙකු පිළිබඳව සතුටුදායක පුවතක් අසන්නට ලැබෙයි. ඔබට සමීප කාන්තාවකට මේ කාලය තරමක් අසුබ විය හැකියි. ගමන් බිමන් සම්බන්ධ බලාපොරොත්තු ඉටුවන අතර, වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. පරම්පරාගත දේපළක් හිමිවීමේ ඉඩක්ද ඇත. ප්‍රේම සම්බන්ධතා සහ යුග දිවියට තරමක් සුබ නොවන අතර, සිතට දුකක් ගෙන දිය හැකියි.
නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි. රැකියා ස්ථානය තුළ ප්‍රසිද්ධත්වයක් හිමි වන අතර, රැකියාවට අමතරව ආදායම් ලැබීම් සම්බන්ධ සුළු ව්‍යාපාර වලට යොමු වන බවක් පෙනේ. දැනුම බුද්ධිය වෙහෙසවා කරන කටයුතු අධික වේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාවන අතර, අමතර භාෂාවක් වෙනුවෙන්ද වෙහෙසීමට සිදුවෙයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, කලබලකාරී බව නිසා ගමන් බිමන් වලදී වැටීම්, තැලීම් හෝ හදිසි අනතුරු සිදුවීමේ ඉඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න. පපුව, උරහිස ආශ්රිත ආබාධ ඇතිවිය හැකි අතර, අතපය හිරි වැටීම් ඇතිවිය හැකියි. වෙනදාට වඩා ආහාර පාන ගැනීමේදීද සැලකිලිමත් විය යුතුයි.