සුබම සුබ සතියක් වේවා! මේ 2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
🌞 මකර ලග්නය 🌛
මකර ලග්න හිමියන්ට මේ සතියේ ඉදිරියට ප්‍රයෝජනවත් වන අයෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ තිබෙනවා. ඔබ කාර්යබහුල සහ වෙහෙසීම් බහුල වන සතියකි. දුර බැහැර සිටින හිතවතෙකුගෙන් සුබ ආරංචියක් අසන්නට ලැබිය හැකියි. සතුරු කරදරයක් නිසා සිතේ නොසන්සුන් බවක් ඇති විය හැකි අතර, මුදලක් හෝ වටිනා දෙයක් අස්ථානගත වීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. අමතර ගමන් බිමන් බහුල වන අතර, පවුලේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා විමසිලිමත් වේ. ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි වන බවක් පෙනෙනවා. වියදම් වෙනදාට වඩා අධික විය හැකි අතර, පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.
රැකියා ස්ථානයේ කැපී පෙනීමට අවස්ථාව සැලසෙන අතර, පැවති බාධා යටපත් වී යයි. රැකියාවේ පැවති වගකීමකින්ද ඔබට නිදහස ලැබේ. රාජකාරී ගමනක් යෑමට සිදුවන බවක් පෙනෙන අතර, පවුලේ රැකියාවකට යොමුවීමටද ඉඩ ඇත. දෑතේ මහන්සියෙන් කරන රැකියා සහ ස්වයං රැකියාවන්ට මේ සතිය යහපත් වේ. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට ලැබෙන අතර, අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් දුර පළාතකට යාමටද සිදුවිය හැකියි. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන්ද කටයුතු කරන බවක් පෙනේ.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශාරීරික වෙහෙසකාරී බව බහුල වේ. රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් විය යුතු අතර, පාද ආශ්‍රිතව ආබාධයක් ඇතිවීමේ ඉඩක්ද පවතිනවා.
🌞 කුම්භ ලග්නය 🌛
කුම්භ ලග්න හිමියන්ට මේ සතියේ නිතර තීරණ වෙනස් කරන ස්වභාවයක් දැකිය හැකියි. පවුලේ අය අතර කැපී පෙනීමට අවස්ථා උදා වන අතර, දීර්ඝ ගමනක් යෙදීමටද ඉඩ තිබෙනවා. නව මිතුරන් හඳුනා ගැනීමට ලැබෙන අතර, ගේදොර අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමටත් අවස්ථාව ලැබේ. පදිංචියේ වෙනසක් සිදුවීමේ ඉඩක් ඇති අතර, පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීමටද හැකියාව ලැබේ.
රැකියාවේදී ඉදිරි සැලසුම් වෙනස් කරන සතියකි. රැකියාව කාර්යබහුල වන අතර, තනතුරු හෝ ස්ථානීය වෙනස්කමක් සිදුවිය හැකියි. වෙළඳ ව්‍යාපාර වල නියැලෙන ඔබ, ඔබේ සේවාදායකයින් සමඟ කටයුතු කිරීමේදී ඉවසිලිවන්ත විය යුතුයි. සාහිත්‍ය සහ කලා අංශයට ප්‍රියතාවයක් දක්වන සතියකි. විශේෂ පාඨමාලාවක් හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවිය හැකි අතර, විදෙස් අධ්‍යාපනය වෙනුවෙන්ද වෙහෙසෙයි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, ශාරීරික වෙහෙස මහන්සියක් ඇති කරයි. ඌෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වළකින්න. හදිසි වැටීම්, තැලීම් සිදුවීමේ ඉඩ පවතින බැවින් ප්‍රවේශම් වීම වැදගත්.
🌞 මීන ලග්නය 🌛
මීන ලග්න හිමියන්ට මේ සතියේ ජීවිතය පිළිබඳව සුබ බලාපොරොත්තු කිහිපයක්ම ඇති කර ගැනීමට හැකි වන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. අලුතෙන් හඳුනා ගන්නා අය ගැන වඩාත් සැලකිලිමත් වන්න, අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැකියි. දුර ගමනක් වෙනුවෙන් සැලසුම් කරන අතර, වෙනදාට වඩා ආර්ථිකය සරු කරයි. පුණ්‍ය කටයුතු වලට ලැදි වන අතර, අසරණ අයෙකුට උපකාර කිරීමටද අවස්ථාව ලැබෙයි. ක්‍රමවත් ප්‍රේම සම්බන්ධතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමි වන බව පෙනෙනවා. දරුවෙකු සම්බන්ධව සුබ ආරංචියක් අසන්නට ලැබේවි. නීතිමය ගැටළුවක් හෝ හදිසි කරදරයක් සිදුවීමේ ඉඩක් ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි. රැකියාවේ උසස්වීම්, ස්ථානීය වෙනස්කම් බලාපොරොත්තු වන අයට ඒවා අනුමත වන බවක් පෙනේ. රැකියාවේ වගකීම් වැඩි වන අතර, රැකියා ස්ථානයේ පැවති ගැටළුකාරී තත්ත්වයක් මඟ හැරී යයි. අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් හා උත්සාහයෙන් කරන අතර, නව දැනුම සහ බුද්ධි වර්ධනය වෙනුවෙන්ද කටයුතු කරයි. නිතර පොත පත කියැවීමටද ප්‍රිය වේ.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශාරීරික අප්‍රාණික ගති මතු විය හැකියි. කොන්ද, තුනටිය ආශ්‍රිත ආබාධ ඇතිවීමේ ඉඩ පවතින අතර, රුධිරගත සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම ගැන සැලකිලිමත් වන්න. බෝවන රෝග වැළඳීමේ ඉඩක් ඇති බැවින් ඒ ගැනද සැලකිලිමත් වීම වැදගත්.
🌞 මේෂ ලග්නය 🌛
මේෂ ලග්න හිමියන්ට මේ සතියේ සිතේ සැනසිල්ල තරමක් අඩු විය හැකියි. වෙනදාට වඩා වයසින් අඩු අය සමඟ ඇසුර ලැබෙන අතර, පවුලේ බැඳීම් ශක්තිමත් වේ. දූ දරුවන්ගේ ප්‍රසාදයට හා පැසසුමට ලක් වන සතියකි. ගේදොර අලුත්වැඩියාවක් සඳහා වෙහෙසෙන බවක් පෙනෙන අතර, පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන්ද වෙහෙසෙයි. පැවති ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු යෙදෙන අතර, පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනේ. නව ප්‍රේම සම්බන්ධතා ඇති වීමේ ඉඩක්ද පවතිනවා.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි. රැකියාවේ ඉදිරි දියුණුව උදෙසා අවශ්‍ය කටයුතු වෙනුවෙන් සැලසුම් කරයි. ඇවිදිලි බහුල කරවන රැකියා මාර්ග වලට හේතු යෙදෙන අතර, දෑතේ මහන්සියෙන් කරන රැකියා ව්‍යාපාර වලටද යොමු වන බවක් පෙනේ. නව වෙළඳ ව්‍යාපාරයක් ඇරඹීමටද සැලසුම් කරයි. විභාග ජයග්‍රහණයක් සම්බන්ධව සතුටු වීමට ඉඩ ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා ඇති වන අතර ඒ වෙනුවෙන් අවධානය යොමු කළ යුතුයි. විදෙස් අධ්‍යාපනය වෙනුවෙන්ද සැලසුම් කරයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, දත් ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැකියි. උදරගත ආබාධයක් වරින් වර ඇතිවිය හැකි අතර, ගන්නා ආහාර පාන ගැන වෙනදාට වඩා සැලකිලිමත් වීම වැදගත්.
🌞 වෘෂභ ලග්නය 🌛
වෘෂභ ලග්න හිමියන්ට මේ සතියේ දීර්ඝ කාලයක් තිස්සේ දුරස්ව සිටි සමීපතයෙක් නැවත හමුවීමේ ඉඩක් පවතිනවා. නිතර වයසින් වැඩි අයගේ ඇසුර ලැබෙන අතර, නොසිතූ පාඩුවක් සිදුවීමේ ඉඩක් ඇති බැවින් සැලකිලිමත් වන්න. අසරණ අයෙකුට පිහිට වීමට ලැබෙන අතර, ආගමික භක්තියෙන් යුතුව කටයුතු කරයි. දුර ගමනක් යෙදිය හැකියි. අනවශ්‍ය වියදම් ඇතිවන අතර, දරුවෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවිය හැකියි. පදිංචියේ වෙනසක් වෙනුවෙන්ද සැලසුම් කරන බවක් පෙනේ.
රැකියාව කාර්යබහුල වන අතර, ඉදිරි සැලසුම් වෙනස් කරයි. රැකියා කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයටද හේතු යෙදිය හැකියි. ස්වයං රැකියා මාර්ග වලට යොමු වන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවිය හැකි අතර, අමතර භාෂාවක් ඉගෙනීමටද වෙහෙසෙයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, වැටීම්, තැලීම් වලට ඉඩ ඇති කාලයක් බැවින් ප්‍රවේශම් වන්න. පපුව හෝ පෙනහළු ආශ්‍රිතව ආබාධ ඇත්නම්, ඒවා ඉස්මතු වීමේ ඉඩක්ද පවතිනවා.
🌞 මිථුන ලග්නය 🌛
මිථුන ලග්න හිමියන්ට මේ සතියේ තරමක් සිතේ වේදනාවක් ඇතිවීමේ ඉඩක් ඇති අතර, හිතවත් අයගෙන් මඳක් දුරස් වී සිටීමට සිදුවිය හැකියි. ශාස්ත්‍රීය අංශයේ යෙදී සිටින මිත්‍රයෙක් හමුවීමට අවස්ථාව ලැබෙයි. අන් අය අතර කැපී පෙනීමට ප්‍රිය කරන අතර, වෙනදාට වඩා අන් අයට ඔබව ප්‍රසන්න වන කාලයකි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරන අතර, පවුලේ වගකීමක්ද ඔබට පැවරෙන කාලයකි. වෙනදාට වඩා මවට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. පවුලට අලුතෙන් සාමාජිකයෙකු එකතු වීමේ ඉඩක්ද ඇත. හදිසි ගමනක් යෙදිය හැකි අතර, දේපළ සම්බන්ධ ගැටළුවක් නිරවුල් වන බවක් පෙනේ.
නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි. රැකියාවේ තනතුරු වල වෙනසක් හේතුවෙන් සිතේ නොසන්සුන් බවක් ඇතිවිය හැකියි. වෙළඳ ව්‍යාපාර හෝ ස්වයං රැකියා ආරම්භයට යහපත් කාලයකි. පොත පත කියැවීමට ප්‍රිය වන අතර, තරඟ විභාගයක් සඳහා සම්බන්ධ වීමටද අවස්ථාව ලැබිය හැකියි. ගණිත අංශයේ කටයුතු වලින් දක්ෂතා පෙන්වන අතර, උසස් අධ්‍යාපනයට තරමක බාධා ඇතිවිය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් වන්න. වරින් වර ක්ලාන්ත ගති ඇතිවීමේ ඉඩක්ද පවතිනවා.
🌞 කටක ලග්නය 🌛
කටක ලග්න හිමියන්ට අන් අය සමඟ කතාබහේදී වචන සම්බන්ධව සැලකිලිමත් වීම වැදගත්. අන් අයගේ සිත් රිදීම් සිදුවිය හැකියි. වෙනදාට වඩා වගකීම් බහුල වන අතර, මුදල් වියදම් කිරීමේදී සහ ගනුදෙනු වලදී ප්‍රවේශම් විය යුතුයි. සතිය මැද කාලයේදී ආර්ථික අපහසුතා ඇති වුවත්, ඒවා මඟහරවා ගැනීමට අවස්ථාව සැලසේ. ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර හිමි වන අතර, උරුම දේපළ වලින් ධනය හිමි වන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස් වීමටද කටයුතු කරයි. දරු ඵල ඇති වන කාලයක් වන අතර, පවුලේ බාල සහෝදර සහෝදරියන්ට යහපත් කාලයකි.
නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි. දැනට කරන රැකියාව නව මුහුණුවරකින් ආරම්භ කරන අතර, වෙළඳ ව්‍යාපාර කරන අයට අමතර වාසි සැලසෙන සතියකි. දැනුම වර්ධනය උදෙසා අලුත් දේ ඉගෙනීමට උත්සාහ කරන අතර, අධ්‍යාපනයට පැවති බාධා කිහිපයක්ද මඟ හැරී යයි. නව පොත පත මිලදී ගැනීමට සිදුවිය හැකි අතර, තාක්ෂණික අංශයේ කටයුතු වලට විශේෂ උනන්දුවක් දක්වයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ගන්නා ආහාර පාන ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. සෙම් රෝග උත්සන්න විය හැකි අතර, කොන්ද ආශ්‍රිත ආබාධ ඇතිවන බවක්ද පෙනේ.
🌞 සිංහ ලග්නය 🌛
සිංහ ලග්න හිමියන්ට මේ සතියේ කලබලකාරී ගති ඉස්මතු විය හැකියි. වගකීම් බහුල වන අතර, නිතර හුදකලාවට සිටීමට ප්‍රිය වේ. අන් අයගේ උපදෙස් පිළිනොගන්නා කාලයක් බවට පත් විය හැකියි. සහෝදර සිත් අමනාපයක් දුරදිග යාමේ ඉඩක් පවතින අතර, දේපළ ගැටළුවක් නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබේ. ඥාතියෙකුගෙන් ලැබීමක් පෙන්නුම් කරයි. අසරණ අයෙකුට පිහිට වීමටද අවස්ථාව ලැබිය හැකියි. යුග දිවිය තුළ ගැටළු ඇති විය හැකි අතර, විශ්වාසයෙන් හා දුරදිග සිතා බැලීමෙන් යුතුව කටයුතු කරන්න. බලාපොරොත්තුව සිටි ගමනක් යාමට නොහැකි වීමේ ඉඩක් පවතින අතර, දූ දරුවන් සම්බන්ධව වෙනදාට වඩා අවධානයෙන් පසුවිය යුතුයි.
රැකියා කටයුතු සැහැල්ලුවෙන් කරන අතර, රැකියාවට අමතරව ආදායම් ලැබෙන සුළු රැකියා මාර්ග වලට හේතු යෙදේ. සාහිත්‍ය සහ කලා කටයුතු සම්බන්ධ රැකියා වලට යොමු වන බවක් පෙනේ. අධ්‍යාපනයට බාධා යෙදුනත්, සාර්ථකව ඉගෙනීම් කටයුතු කරයි. වෘත්තීමය අධ්‍යාපනය හදාරන්නන් හට මේ සතිය යහපත් වේ. තරඟ විභාග ජයග්‍රහණයක් ගැන අසන්නට ලැබිය හැකි අතර, විශේෂ පාඨමාලාවක් වෙනුවෙන්ද සැලසුම් කරයි. දහම් අධ්‍යාපන කටයුතු වලින්ද ජයග්‍රහණ හිමි විය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන රෝගාබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකියි. සෙම් රෝග උත්සන්න වන අතර, වරින් වර හිසේ ආබාධ ඇති කරයි.
🌞 කන්‍යා ලග්නය 🌛
කන්‍යා ලග්න හිමියන්ට මේ සතියේ විනෝදජනක දේ සම්බන්ධව සිත ඇදී යන කාලයකි. විරසක වූ අයෙක් නැවත මිත්‍ර වන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දුර ඥාතියෙකුගේ හමුවීමක් සිදුවිය හැකියි. බලාපොරොත්තු වූ මුදලක් ලැබීමේ ඉඩ පවතින අතර, අමතර වියදම් බහුල විය හැකියි. පවතින දේපළ ගැටළුවක් සම්බන්ධයෙන් වෙහෙසෙන අතර, පවුලේ අයෙක් හේතුවෙන් සිත් රිදීමක් විය හැකියි. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමි වන අතර, පවුලේ අය සමඟ ගමනක නිරත වීමටද සිදුවිය හැකියි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක්ද පෙනේ.
රැකියාවේ පැවති කරදර බාධා මඟ හැරී යයි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුව සිටින අයට මේ සතිය සුබයි. නව ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් සැලසුම් කරන බවක් පෙනේ. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු වල නිරත වන අතර, දුර්වලතා ඇති විෂයන් කෙරෙහි වෙනදාට වඩා අවධානය ලබා දෙයි. අලුත් පොත පත මිලදී ගැනීමට සිදුවිය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, උණ රෝග ඇතිවිය හැකියි. සෙම් රෝග උත්සන්න වන අතර, උගුර ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකියි. ශාරීරික අප්‍රාණික ගතිද ඇතිවිය හැකියි.
🌞 තුලා ලග්නය 🌛
තුලා ලග්න හිමියන්ට මේ සතියේ විදේශගත හෝ දුර බැහැර සිටින හිතවතෙකුගේ හමුවීමක් හෝ ඇමතුමක් ලැබිය හැකියි. සමාජ සේවා කටයුතු වලින් ප්‍රසිද්ධියක් ඇති වන අතර, පවුලේ කටයුතු වලට මූලිකත්වය ගැනීමට සිදුවේ. වෙනදාට වඩා නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. විශේෂ සැලසුමකට ක්‍රියා කරන අතර, මෙතෙක් කරගෙන ආ කටයුතු වල වෙනසක් ඇති කරයි. පවුලේ මතභේදයක් දුරදිග යා හැකි අතර, සමීපතම පවුලේ අයෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් පෙනේ. සහෝදර සහෝදරියන් සමඟ කටයුතු වලදීද සැලකිලිමත් වන්න. නීති ගැටළුවකට මුහුණ දීමට සිදුවන බවක් පෙනෙන අතර, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහි සැලකිලිමත් වන්න.
රැකියා ස්ථානයේ අන් අය අතර කැපී පෙනෙන අතර, රැකියා කටයුත්තක් හේතුවෙන් වෙනත් පළාතකට යාමට සිදුවිය හැකියි. නව රැකියා හිමි වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බව පෙනේ. ස්වයං රැකියා වලට යහපත් කාලයකි. අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන් කරන අතර, විශේෂ පාඨමාලාවක් වෙනුවෙන්ද සැලසුම් කරයි. විදෙස් අධ්‍යාපනය වෙනුවෙන්ද කටයුතු සූදානම් කරයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, නිදිමත ගතිය ඇති කරන අතර, කරකැවිල්ල සහ ක්ලාන්ත ගති ඇතිවිය හැකියි. ශරීරය ඌෂ්ණාධික වීමේ ඉඩ පවතින අතර, අත් ආශ්‍රිත ආබාධයක්ද ඇතිවීමේ ඉඩ පවතිනවා. පරම්පරාගත රෝගයක්ද ඉස්මතු විය හැකියි.
🌞 වෘශ්චික ලග්නය 🌛
වෘශ්චික ලග්න හිමියන්ට මේ සතිය උත්සාහයෙන් කටයුතු කරන සතියකි. තරමක් වෙහෙසීම් බහුල වුවත්, ඔබ කල කැපවීම් වලට සාර්ථකත්වයක් ලබාගත හැකි වෙයි. නොසිතූ මිතුරෙකු හදිසියේ මුණ ගැසෙන බවක් පෙනේ. වටිනා ලියකියවිලි ආරක්ෂිතව තබා ගන්න, අස්ථානගත වීමකට ඉඩ ඇත. නිතර වයසින් අඩු අය සමඟ ඇසුර ලැබෙන අතර, සැලසුම් කිහිපයක් වෙනස් කරයි. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට උත්සාහ කරයි. ඥාති ගමනක් හෝ රෝගියෙක් බැලීම සඳහා යාමට සිදුවිය හැකියි. නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි වන අතර, පුණ්‍ය කටයුතු වලද නිරත වෙයි. විවාහ අපේක්ෂකයන්ට මේ සතිය යහපත් වේ.
උත්සාහයෙන් හා උනන්දුවෙන් රැකියා කටයුතු වල නිරත වන අතර, රැකියා කටයුතු වලට පැවති බාධා මඟ හැරී යයි. රාජකාරී වගකීමක් අතපසුවීමේ ඉඩක් ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. කණ්ඩායමක් සමඟ එක් වී කරන රැකියා මාර්ග වලට යොමු වීමේ ඉඩක් පවතියි. ධාරණ ශක්තිය වර්ධනය වන අතර, ඉගෙනීමට දක්ෂ වේ. දැනුම වර්ධනය වන කටයුතු වල නිරත වන අතර, ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමටද ප්‍රිය වන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමටද වෙහෙසෙයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, සෙම් රෝග උත්සන්න විය හැකියි. කොන්ද, පාද සහ පෙනහළු ආශ්‍රිත ආබාධ ඇතිවීමේ ඉඩක්ද පවතිනවා.
🌞 ධනු ලග්නය 🌛
ධනු ලග්න හිමියන්ට මේ සතියේ වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කළ හැකියි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලා කටයුතු කිරීම වැදගත්. බලාපොරොත්තු වූ ගමනකට බාධා ඇතිවිය හැකි අතර, වෙහෙසීම් බහුල කරවන කටයුතු යෙදේ. පැරණි හිතවත්කමක් අලුත් වන බවක් පෙනේ. පවුලේ කටයුතු වලට මූලිකත්වය ගැනීමට සිදුවන අතර, දරුවන් පිළිබඳව වගකීම් වැඩි කරයි. ගේදොර අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන අතර, පවුලේ අයෙකුගේ සෞඛ්‍ය කෙරෙහිද සැලකිලිමත් වන්න.
රැකියාවේ වගකීම් වැඩි විය හැකියි. ඉගෙනීමට සරිලන රැකියා හිමි වීමේ ඉඩ පවතින අතර, දෑතේ මහන්සියෙන් කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතු වලට යහපත ගෙනදේ. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත්වන බවක් පෙනේ. ගණිත අංශයේ කටයුතු වලින් දක්ෂතා පෙන්වන අතර, අලුත් පොත පත මිලදී ගැනීමට සිදුවිය හැකියි. වෙනදාට වඩා පොතපත කියැවීමට ප්‍රිය වේ.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශරීරයට වෙනදාට වඩා විවේකයක් ලබා දෙන්නේ නම් යහපත් වේ. කොන්ද සහ යටිබඩ ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි අතර, දෛනික කටයුතු අතර අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ගන්නා ආහාර පාන ගැනීමේදීද වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි.