අර්ශස් කියන්නේ මොකක්ද?
අර්ශස් කියන්නේ ගුද මාර්ගය අවට තියෙන රුධිර නාල ඉදිමීමක්. මේවා සමහරවිට ඇතුළතින්ම තියෙන්න පුළුවන්, නැත්නම් පොඩි ගෙඩි වගේ පිටතට එන්නත් පුළුවන්.
අර්ශස්ද කියලා දැනගන්නේ කොහොමද?
ගොඩක් අය හිතන්නේ මලපහ කරනකොට ලේ යනවා නම් ඒ අර්ශස් කියලා. හැබැයි හැමවිටම ඒක අර්ශස්ම වෙන්න ඕනේ නැහැ. සමහරවිට වෙනත් ලෙඩක් වෙන්නත් පුළුවන්. ඒ නිසා, මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න:
- මලපහ සමඟ ලේ පිටවීම:
- ලේ කළු පාටට, කුණු ලේ පාටට වගේ පිට වෙනවා නම් ඒක ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසක ලේ ගැලීමක් වෙන්න පුළුවන්.
- අර්ශස් වලදී නම් රතු පාට, නැවුම් ලේ තමයි පිට වෙන්නේ. සමහරවිට විදිනවා වගේ ලේ යන්නත් පුළුවන්.
- වේදනාවක් නැතිවීම හෝ මද අපහසුතාවයක් දැනීම: ගුද මාර්ගය අවට දරුණු වේදනාවක් තියෙනවා නම් ඒක අර්ශස් නොවෙන්න පුළුවන්. අර්ශස් වලදී දැනෙන්නේ පොඩි අපහසුතාවයක් විතරයි.
- කැසීම සහ අපහසුතාවය: ගුද මාර්ගය අවට කැසීමක් හෝ අපහසුතාවයක්, සුදු සෙම වැනි ශ්‍රාවයන් පිටවීම.
- ගැටිත්තක් දැනීම: ගුද මාර්ගයෙන් පිටතට පොඩි ගැටිත්තක් ආවා වගේ දැනෙන්න පුළුවන්. සමහරවිට අතින් අල්ලලා බලන්නත් පුළුවන්.
- වෙනත් පොදු රෝග ලක්ෂණ: ක්ලාන්තය, කරකැවිල්ල, කෑම අරුචිය, කොන්දේ අමාරුව, යටි බඩේ වේදනාව, බඩ පුරවා දැමීම, සහ රක්තහීනතාවය (ලේ අඩුකම) වගේ දේවලුත් අර්ශස් තියෙන අයට ඇතිවෙන්න පුළුවන්.
වැදගත්ම දේ: මේ ලක්ෂණ නැතුව වුණත් සමහර පිළිකා වගේ දේවල් නිසාත් ගුද මාර්ගයෙන් ලේ පිටවෙන්න පුළුවන්. ඒ නිසා, ලේ පිටවීමක් දැක්කොත් පුළුවන් ඉක්මනටම දක්ෂ වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනේ. ඒක අර්ශස්ද නැද්ද කියලා නිවැරදිව හොයාගන්න පුදූවන්.
ගෙදරදී කරන්න පුළුවන් දේවල් (ලේ පිටවීමට පෙර)!
මෙතන කියන දේවල් ඔයාට ලේ පිටවෙන්න කලින් තියෙන අර්ශස් අවස්ථාවලට විතරයි කරන්න පුළුවන්. ලේ පිටවෙනවා නම් අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න.
- පොල්කටු අඟුරු දුම් දීම: පොල්කටු අඟුරු ටිකකට සූකිරි ටිකක් දාලා, ඒකෙන් එන දුම අර්ශස් තියෙන තැනට වදින්න ඉඩ දෙන්න. මේකෙන් ගෙඩි වියළිලා සමනය වෙන්න උදව් වෙනවා.
- කොහිල අල සහ රතු ලූණු: කොහිල අලයි, රතු ලූණුයි තම්බලා නිතරම බොන්න. මේක අර්ශස් ගෙඩි හැකිලෙන්න උදව් වෙන හොඳ ප්‍රතිකාරයක්.
- දෙළුම් ලෙලි සහ රතු ලූණු: අමු දෙළුම් ලෙල්ලක් අරගෙන, රතු ලූණු එක්ක තල තෙල් දාලා හොඳට අඹරලා, ඒක අර්ශස් ගෙඩිය වැහෙන විදිහට තියන්න. මේකෙනුත් ගෙඩිය වියළීමකට ලක්වෙන්න පුළුවන්.
මොනවද කන්න ඕනේ, මොනවද අගුණ?
කන්න හොඳ දේවල්:
- එළවළු සහ පලා වර්ග: වැටකොළු, පතෝල, නිවිති, මුගුණුවැන්න, තම්පලා, කංකුං වගේ දේවල්.
- පලතුරු: කෙසෙල්, ගස්ලබු, අලිපේර වගේ පලතුරු.
අගුණ දේවල්:
- ඌෂ්ණාධික මස් වර්ග: ඉස්සෝ, දැල්ලෝ, බල මාළු, බල කරවල, ඌරුමස් වගේ දේවල්.
- ඌෂ්ණාධික පලතුරු: අන්නාසි, අඹ, රඹුටන්, අනෝදා, දිවුල්, ජම්බු වගේ පලතුරු.
- වෙනත්: විනාකිරි දාපු කෑම වර්ග, චට්නි, සෝස් වර්ගත් අගුණයි.
අර්ශස් කියන්නේ ඉක්මනටම සුව කරගන්න පුළුවන් රෝගයක්. හැබැයි ඒකට නිසි අවධානය දීලා, දක්ෂ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න එක අත්‍යවශ්‍යයි. ආයුර්වේදය තුළ මේකට ගොඩක් සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා!