මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු නිෂ්පාදන කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ආශාවක් ලෙස වසර පහකට පෙර විනෝදාංශයක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ වන විට, ඔවුන්ගේ පස් අවුරුදු සැලසුමේ අවසානය සනිටුහන් කරමින්, ලාංකීය ප්‍රජාව වෙත නිර්මාණාත්මක, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු හඳුන්වා දීමට මාධව අරුණශාන්ත සහ ඔහුගේ කණ්ඩායම සමත් වී ඇත.
ඔබගේ සමාගමේ නිපදවන ගෘහභාණ්ඩ අනෙකුත් සමාගම් වල නිපයුම් වලට වඩා වෙනස් වන්නේ කෙසේද?
මගේ ලී බඩු නිෂ්පාදන ව්‍යාපෘතිය අනෙක් එවැනි සමගාමී ව්‍යාපාර වලට වඩා වෙනසක් වෙන්නේ එහි තියෙන පරිසර හිතකාමී බව සහ තිරසාර බව තුළින්. එතකොට මේක පුද්ගලික ව්‍යාපෘතියක් විදිහට පටන් අරගෙන දැන් ව්‍යාපාරික වශයෙන් පස්වෙනි අවුරුද්ද අපි ගත කරමින් සිටිනවා. පුද්ගලිකව තනි පුද්ගලයෙක්ගේ ආසාව, කැමැත්ත, ඒ කියන්නේ මගේ ආසාව, කැමැත්ත මත අවුරුදු පහකට ඉස්සෙල්ලා විනෝදාංශයක් විදිහට තමයි මේක මුලින්ම මම පටන් ගත්තේ. මේ වෙනකොට අපි පස්වෙනි අවුරුද්දේ මේ ව්‍යාපෘතිය අවසාන අවුරුද්ද හැටියට අපි දකින්නේ මූලික පස් අවුරුදු සැලසුමේ අවසාන අවුරුද්ද දැන් ගතවෙමින් පවතිනවා. මේ වෙන විට අපි නිර්මාණාත්මක, පරිසර හිතකාමී, තිරසාර බවින් යුතුව ලී බඩු ලාංකීය ප්‍රජාව අතරට ගේන්න සමත් වෙලා තියෙනවා.
ගෘහභාණ්ඩ නිර්මාණයක් සෑදීමට පටන් ගන්නා අවස්ථාවේ සිට එහි අවසන් නිමැවුම් ප්‍රථිපලය තෙක් ක්‍රියාවලිය අපට පැහැදිලි කරන්න පුලුවන්ද?
ඔව්, අපේ මේ ලී බඩු නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රාථමිකම, මූලිකම අවස්ථාව තමා අපි කැඩිලා බිඳිලා ගිය හෝ භාවිතයෙන් ඉවත් කරපු, පැරණි ගෘහ භාණ්ඩ අත්පත් කරගෙන, ඒවා අදියර හතරක් යටතේ, එහෙම නැත්නම් විවිධ පියවර හතරක් යටතේ පරිසමාප්ත නිර්මාණයක් බවට නැවත ජීවිතයක් ලබලා දීලා තවත් පරම්පරා ඉදිරියට ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමකට ගේනවා. එතනදී අපි ප්‍රධාන පියවරවල් දෙකක් යටතේ මේ පැරණි ගෘහ භාණ්ඩ යථා තත්ත්වයට පත් කරනවා.
එකක් තමා සාමාන්‍ය ව්‍යවහාර කියන විදිහට මේවා රෙපෙයාර් කරලා, එහෙම නැත්නම් අලුත් වැඩියා කරලා යථා තත්ත්වයට පත් කරනවා, තවත් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට. එහෙම නැත්නම් අලුත් වැඩියා කරන්න තරම් දරුණු ලෙස කැඩී බිඳී හෝ විශේෂ අඩුපාඩුවක් නැති දේවල් සාමාන්‍ය මට්ටමෙන් අපි අර රීෆර්බිෂ් කරනවා කියන මට්ටමෙන් පිරිසිදු කරලා, පින්තාරු කරලා, එතනදී දැවැන්ත ලෙස වඩු කාර්මිකයින් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් පින්තාරු කටයුතු, වීවීම් කටයුතු, ඇණ මුරුච්චි තද කිරීම් වගේ කටයුතු වෙනවා. ඕක තමා මූලික පියවරවල් දෙක.
එතකොට ඒ මට්ටමෙන් නැවත ජීවයක් දෙන්න බැරි මට්ටමේ, බෙහෙවින්ම අබලන්, එහෙම නැත්නම් කැඩී බිඳී ගිය කොටස් පමණක් තියෙන ගෘහ භාණ්ඩත් අපේ කටයුත්තට අපි සම්බන්ධ කරගන්නවා ප්‍රතික්ෂේප නොකර. ඒවාදී වෙන්නේ අපි නැවත කොටස් දෙකක් කරනවා. එකක් අපි නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ගෘහ භාණ්ඩ වල ලීය පමණක් ගන්නවා. එතනින් ගෘහ භාණ්ඩය හදන්න බැහැ. හැබැයි අපි ලී අත්පත් කරගන්නවා අමුද්‍රව්‍යයක් හැටියට. එහෙම නැත්නම් යම් යම් කොටස් අපි අත්පත් කරගන්නවා පැරණි ගෘහ භාණ්ඩ වලින්. ලී බවට කඩලා, වෙන් කරලා, කොටස් කරන්නේ නැහැ. නමුත් යම් යම් කොටස්, කොටස් හැටියට ගන්නවා. මේ නිර්මාණශීලී බවින් වැඩි වැඩ වෙන්නේ මෙන්න මේ කියපු දෙවැනි අදියරේ කොටස් දෙකේදී.
ඒ කියන්නේ එක්කෝ අමුද්‍රව්‍ය හැටියට ලී පාවිච්චි කරලා අලුත් නිර්මාණ කරනවා. හැබැයි ලී ය පැරණි. එහෙම නැත්නම් පැරණි ගෘහ භාණ්ඩ වල කොටස් එකලස් කරලා වෙන නිර්මාණයකට යනවා. එතකොට ඒකේ පැරණි ගෘහ භාණ්ඩ දෙක තුනක එකතුවක් තුළින් නව ගෘහ භාණ්ඩයක් බිහි වෙනවා. ඕක තමා මූලික වශයෙන් අපි කරන පියවර, එහෙම නැත්නම් ක්‍රමවේද හතර.
ඔබගේ සමාගමේ ගෘහභාණ්ඩ නිශ්පාදන ක්‍රියාවලියේදී ගුණාත්මක භාවය හා පරිසර හිතකාමී විදි අනුගමනයට ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ කෙසේද?
දැන් මේ මම ඉහත පියවරවල් වලදී කිව්වා වගේ ගුණාත්මක බවයි, පරිසර හිතකාමී බවයි රැකගන්න අපි බොහොම සරල ක්‍රම කීපයක් පාවිච්චි කරන්නේ. එකක් තමා අපි අපේ ව්‍යාපාරයේදී, අලුතෙන් දැව, නව ලී, අලුත් ලී මෝලකින්, ලී වෙළඳ සැලකින් අපි මිලදී ගන්නේ නැහැ. එතකොට අපි අපේ නිෂ්පාදන වලට අලුත වන වගාවකින් හෝ සාමාන්‍ය ගස් කොළන් කපලා පදම් කරලා එන ලී භාවිතා කරන්නේ නැහැ. එතකොට අපෙන් ඇත්තටම සමාජයේ අලුත් ලී මිලදී ගැනීමක් අපි හරහා වෙන්නේ නැහැ. එතකොට අපි මේ ලී භාවිතය අවම කිරීමක් මෙතන කරනවා. පරිසර හිතකාමී බවේ අපේ සරල ප්‍රතිපත්තියක් ඒක.
ඊළඟට අපි බැහැර කරන්නේ නැහැ කිසිම දෙයක් අපද්‍රව්‍ය හෝ අනවශ්‍ය කොටස් ඇතිව අපේ මේ ක්‍රියාවලිය තුළ. උදාහරණයකට කැපිලා කෙටිලා ඉතිරි වෙන පුංචි ප්‍රමාණයේ අඟලක අඟල් භාගයක ලී කැබැල්ලක් පවා අපි ප්‍රමාණය අනුව වර්ග කරලා ගබඩා කරනවා.
අපේ මේ ගබඩාවේ ගෘහ නිර්මාණ කටයුතු වලට භාවිතා වෙන වෙනත් කලාත්මක බිත්ති සැරසිලි, මූර්ති, චිත්‍ර ආදී දේවල් වලටත් යම්කිසි සම්බන්ධයක් තියෙනවා. හේතුව තමා ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට අවශ්‍ය මේ ද්‍රව්‍ය අපි හදන්නේ අපෙන්ම ඉතිරි වෙන ලී වල සුළු ඉතාම පොඩි ප්‍රමාණයේ කොටස් පාවිච්චි කරලා. ඒක උදාහරණයක් තමා අපි බිත්ති සැරසිලි හදනවා, මූර්ති හදනවා. එතකොට මේ බිත්ති සැරසිලි සහ මූර්ති වලට අපි ලී තමයි පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන්. මොකද අපේ ක්ෂේත්‍රය දැව නිර්මාණ නිසා. ඒවට අපි පාවිච්චි කරන්නේ අර වෙන තැනකදී නම් ඉවත දාලා පරිසරයට මුදා හරින ලී තමා අපිම අපි තුළ තියාගෙන නැවත වෙනත් නිර්මාණ වලට ගෘහ භාණ්ඩ වලට අමතරව පාවිච්චි කරනවා. එතනින් දැවැන්ත පරිසර හිතකාමී බවක් අපේ තියෙනවා. හේතුව අපි කිසිම අපද්‍රව්‍යයක් අපේ පරිශ්‍රයෙන් පිටතට ගේට්ටුවෙන් පිටතට මුදා හරින්නේ නැහැ.
ගෘහභාණ්ඩ නිශ්පාදනයට යොදාගනු ලබන නව නිපැයුම් විදි සහ නව නිර්මාණ මොනවාද, සහ ඒවා තම නිපැයුම් සදහා යොදාගැනීමට ඔබ සමාගම සැලසුම් කර ඇත්තේ කෙසේද?
මම කිව්වා මේක පුද්ගලික විනෝදාංශයක්, එහෙම නැත්නම් ආසාවෙන් කරපු කටයුත්තක්, ව්‍යාපාරයක් බවට පත් වෙච්ච ස්වරූපයක් මේකේ තියෙන්නේ. අපේ පස්වෙනි අවුරුද්ද මේ ගත වෙන්නේ. මේ මුල් පස් අවුරුදු සැලසුමේ අවසානය වෙන් කරලා තියෙන්නේ නිර්මාණාත්මක සහ කලාත්මක කටයුතු වලට. හේතුව තමා, එකක් අපේම මේ වෙන විට ගෘහ භාණ්ඩ, එහෙම නැත්නම් ලී බඩු 120කට වඩා අපේ ලග තියෙනවා ඕන වෙලාවක විකුණන්න පුළුවන් showroom, එහෙම නැත්නම් ප්‍රදර්ශනාගාර තත්ත්වයේ. ඊට අමතරව අපිට තවම වැඩ ඉවර කරලා නැති අපේ ගබඩාවේ තියෙන යම් යම් අඩුපාඩු සහිත අත්පත් කරගත්ත ස්වරූපයෙන් තියෙන තවත් ලී බඩු, ඒ දැවමය දේවල් 50ත් 100ත් අතර ප්‍රමාණයක් විවිධ සයිස් එකෙන් තියෙනවා. එතකොට දළ වශයෙන් අපේ සම්පූර්ණ තොගය item වශයෙන් ගත්තොත් 200ක්.
මේ 200න් අර මම කිව්වා වගේ 120ක ගෘහ භාණ්ඩ වලට අමතරව මේ පස්වෙනි අවුරුද්දේදී අපි කරන්නේ මූර්ති, බිත්ති සැරසිලි, ඒ ආශ්‍රිත කලාත්මක නිර්මාණ දැව භාවිතා කරලා. එතකොට මේ පස්වෙනි අවුරුද්දෙදි කෙරෙන නිර්මාණ බොහොම නිර්මාණශීලී, එහෙම නැත්නම් කලාත්මක ලක්ෂණ වලින් වැඩියි. උදාහරණයක් කිව්වොත් අපි ස්ටූල් එකක්, බංකුවක්, කුඩා පුටුවක් හැදුවත් ඒකට මූර්තිමය ලක්ෂණ, එහෙම නැත්නම් ස්කල්චර කොලිටීස් ගොඩක් එකතු කරනවා. එතකොට ඒ ඒ පුටුවේ, ගෘහ භාණ්ඩයේ යම් යම් කලාත්මක ලක්ෂණ තියෙනවා වෙනත් සාමාන්‍යයෙන් නිපදවන පුටුවකට, බංකුවකට, මේසයකට වඩා. ඒවා සත්ව රූප, මිනිස් රූප, එහෙම නැත්නම් ප්‍රකාශනාත්මක සම්පිණ්ඩන වෙන්න පුළුවන්.
ඉදිරි වසරේ සැලසුම් මොනවාද?
මූලික පස් අවුරුද්ද අපේ සම්පූර්ණ වෙනවා 2025 ජූලි මාසේ වෙනකොට. එතකොට අපි අර නිර්මාණශීලී කටයුතු වලට පස් අවුරුද්ද ගත කරන අතරතුරම අපේ සැලසුමක් තිබුණා අපි මීට අවුරුදු දෙකකට කලින් එළි දක්වපු leebadu.lk කියන අපේ වෙබ් අඩවිය තවත් පාරිභෝගිකයන්ගේ භාවිතයට සමීප වෙන විදිහට වැඩි දියුණු කරන්න. ඒ කටයුතු අපි මේ වෙනකොට ආරම්භ කරලා දැන් පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි මූලික වශයෙන් මහානන්ද ලයිෆ්ස්ටයිල් පුද්ගලික සමාගම යටතේ අංශ කිහිපයක් අන්තර්ජාල ගනුදෙනු වලට මුදා හරින්න සැලසුම් කරලා ඒවාත් මේ වෙනකොට පර්යේෂණ අවසන් වෙලා පාරිභෝගිකයන්ට බලන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.
මම නම් කළොත් අපේ අලෙවිකරණ, එහෙම නැත්නම් මාකටින් පැත්ත කරන්නේ leebadu.lk කියන වෙබ් අඩවියෙන්. අපේ නිෂ්පාදන ක්‍රියාවලිය, අපි කොහොමද මේවා හදන්නේ, මොනවද භාවිතා කරන අමුද්‍රව්‍ය කියලා බලන්න කැමැත්තක් තියෙන පාරිභෝගිකයෝ ඉන්නවා. ඒ අයට අපි gedara.lk, කියන වෙබ් අඩවිය හරහා අපි කරන්නේ මොනවද, කොහොමද මේවා හදන්නේ කියලා බලාගන්න පුළුවන්.
මීට අමතරව අපි carpenter.lk කියලා අලුත් කටයුත්තක් ඉදිරියට වෙන්නේ එතන. මේ ආකල්පමය වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන කටයුතු ව්‍යාපාරික අරමුණකින් තොරව යම්කිසි පණිවිඩයක් සමාජගත කරන්න අපි carpenter.lk කියන වෙබ් අඩවියත් මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා.
ඊට අමතරව මේ සියල්ල එකතු කරලා මහානන්ද ලයිෆ්ස්ටයිල් පුද්ගලික සමාගම කියන කටයුත්ත අපි ගැලරියක්, ලයිෆ්ස්ටයිල් ගැලරියක් හැටියට හතරවෙනි අදියර හැටියට සැලසුම් කරලා මේ වෙනකොට ඒකේ කලාත්මක වැඩ කටයුතු, ඔය කියපු චිත්‍ර, මූර්ති, කැටයම් සහ අර මම කිව්වා වගේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් අපි ඉගැන්වීමේ කටයුතු වලත් යෙදෙනවා. වෙන විෂයන් නෙමෙයි. මේ කලාව, මූර්ති, ගෘහ අලංකරණය, චිත්‍ර ඇඳීම වගේ විෂයන්. ඕක තමා අපේ අනාගත සැලසුම්. ඒවත් පස්වෙනි අවුරුද්ද වෙන මේ වෙන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවා මේ අපේ ලී බඩු ව්‍යාපෘතියට අමතරව තවත් ඉදිරියට, ඉදිරි අවුරුදු පහක, ඒ කියන්නේ අපේ අවුරුදු 10ක් වගේ සම්පූර්ණ වෙනකොට මේ සියලු අංශම සාර්ථකව සන්නද්ධව තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.