අවුරුද්ද කාලෙට කන්න ලැබෙන රසම රස කෑම ගැන කතා කරද්දි අපිට ඉතින් ඔය තෙල් බේරෙන කෑම එපා කියන්න හිතෙන්නෙම නැහැනෙ. ඒත් ඇත්තම කතාව තමයි, ඒවා අපේ ඇඟට එච්චර හොඳ නැහැ. කැලරිත් පිරිලා තියෙන නිසා කොලෙස්ටරෝල් එහෙම වැඩි වෙන්නත් පුළුවන්. රුධිර පීඩනය, හදවතේ අමාරු එන්නත් ඉඩ තියෙනවා. අනික ඉතින් ඔය මහත වැඩි වෙන එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නම් අනිවාර්යයෙන් වෙන දෙයක්.
හරි, දැන් කතාව මෙහෙමයි. ඔය ඇති පදං තෙල් කෑම කාලා ඉවර වුණාම, බර වැඩි වෙන එක නවත්තගන්න මොනවද කරන්න පුළුවන් කියලා අපි ටිකක් කතා කරමු.
උණු වතුර ටිකක් බොන්න
තෙල් කෑම කාලා ඉවර වෙලා උණු වතුර ටිකක් බිව්වොත් බඩේ අජීර්ණය එහෙම අඩු වෙනවා. ඒ වගේම බඩවැල් ටිකත් හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා. වතුර කියන්නේ අපේ ඇඟට පෝෂ්‍ය පදාර්ථ ගෙනියන, අනවශ්‍ය දේවල් එළියට දාන වාහනයක් වගේනේ. උණු වතුරෙන් ඒ වැඩේ තවත් හොඳට වෙනවා.
Detox බීම ටිකක් බොන්න
ඔය තෙල් කෑමෙන් අපේ ඇඟට එකතු වෙන විෂබීජ එළියට දාන්න මේ ඩෙටොක්ස් බීම හොඳයි කියනවා. විශේෂයෙන්ම ලෙමන් දාලා හදන බීම නම් මේදය අඩු කරන්නත්, ප්‍රතිශක්තිය වැඩි කරන්නත් උදව් වෙනවාලු. ඔය ගැන පර්යේෂණත් කරලා තියෙනවා.
ටිකක් ඇවිදින්න යන්න
තෙල් කෑම කාලා විනාඩි 30ක් විතර ඇවිදින එක කෑම දිරවන්න ලොකු උදව්වක්. එහෙම ඇවිදිනකොට බඩේ චලනය හොඳ වෙනවාලු. අනික ඇඟටත් පොඩි නිදහසක් දැනෙනවානේ. හැබැයි මතක තියාගන්න, තෙල් කෑම කාපු ගමන්ම හයියෙන් දුවන්න, පනින්න එහෙම හොඳ නැහැ.
Probiotics ටිකක් ගන්න
මේවා තමයි අපේ බඩවැල්වල ඉන්න හොඳ බැක්ටීරියා. ඔය යෝගට්, කිරි වගේ දේවල්වල මේවා ගොඩක් තියෙනවා. මේවා කෑවොත් බඩේ අජීර්ණය අඩු වෙලා, බඩවැල්වල සෞඛ්‍යය හොඳ වෙනවාලු. ප්‍රතිශක්තියත් වැඩි වෙනවා කියනවා.
Herbal tea හරි green tea හරි බොන්න
ඔය කොළ තේ, එහෙමත් නැත්නම් වෙන ඖෂධීය තේ වර්ග බඩේ අමාරු එහෙම අඩු කරන්න උදව් වෙනවා. බඩ පිපෙනවා වගේ ගතියටත් මේවා හොඳයි. තෙල් කෑම නිසා එන අජීර්ණ ගතියත් අඩු කරගන්න පුළුවන්.
පලතුරුයි එළවළුයි කන්න
නැවුම් පලතුරුයි එළවළුයි වල තන්තු, විටමින්, ඛනිජ ලවණ ගොඩක් තියෙනවා. මේවා තෙල් කෑම දිරවන්න ලොකු සහයක් වෙනවා. මලබද්ධය එන්නෙත් නැතුව බලාගන්න පුළුවන්. අනික තෙල් කෑමෙන් පස්සේ ඇතිවෙන විජලනයත් මේවා කෑවොත් අඩු කරගන්න පුළුවන්.
ඔන්න ඔය ටික තමයි තෙල් කෑම වැඩිපුර කාලා බර වැඩි වෙන එක නවත්තගන්න කරන්න පුළුවන් දේවල්. හැබැයි මතකනේ, තෙල් කෑම අපේ ඇඟට එච්චර හොඳ නැහැ කියලා. ඒකත් ඔලුවේ තියාගෙන කෑම බීම ගත්තොත් තමයි හොඳ. මොකද හැමදේටම වඩා වටින්නේ අපේ නීරෝගීකමනේ.