Advertisement

ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න සිය 100 වැනි ටෙස්ට් තරගයත් සමග සමුගැනීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ඔහුගේ 100වන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන අතර, පෙබරවාරි 6 වනදා ආරම්භ වනවා.

දිමුත් 2012 වසරේදී ගාල්ලේදීම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් වලට පිවිසුණා. ඔහු ටෙස්ට් තරග 99කදී ලකුණු 7,172 ක් ලබාගෙන, ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් වාර්තා කරල තියෙනවා. ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව 244 ක්.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම විශ්‍රාම ගැනීම පිළිබඳව දැනුම් දී ඇති අතර, අලුත් ක්‍රීඩකයින්ට අවස්ථා ලබා දීමේ අවශ්‍යතාවය පවසනවා. විශ්‍රාමයට පසු පුහුණුකරණ ක්ෂේත්‍රයට පිවිසීමටද ඔහුගේ අදහසක් තිබෙන බවයි පවසන්නෙ.

දිමුත්ගේ විශ්‍රාම ගැනීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශාල වෙනසක් වෙන්න පුලුවන්, ඔහුගේ දායකත්වය සහ නායකත්වය කණ්ඩායමට විශාල බලපෑමක් ඇති කළා.

ඔහුගේ අනාගතය සඳහා අපි සියලුදෙනාම සුභ පැතුම් එක්කරමු.

Comments