මේෂ – විදෙස් රැකියා
නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදා කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන කාලයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. දැහැමි කටයුතුවලට යොමුවන කාලයකි. තනතුරු ලාභ, ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. විදෙස් රැකියාවකට හිමිකම් ඇති කාලයකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 07 වැය 06, ජය අංකය – 04
ජය වර්ණය – නිල්, සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘෂභ – උගත්කමට සරිලන රැකියා
අලුත් දැනහැඳුණුම්කම්වලට හේතු සැලසෙන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.අනවශ්‍ය වියදම් යෙදෙන කාලයකි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන බවක් පෙනේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි. යම් යම් අතපසුවීම් සිදුවිය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ශරීර වෙහෙස මහන්සිය ඇතිවන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි.
අය 06 වැය 04, ජය අංකය – 09
ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා
මිථුන – පාදයේ ආබාධ
හදිසි තීරණයක් වෙනස් කරයි. පැවැති අසහනකාරි බවක් මඟහැරී යයි. නිතර සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි. සති අන්තයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇත. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානයේ කටයුතු හේතුවෙන් දුරපළාතකට යාමට සිදුවන බවක් පෙනේ. පාදයේ ආබාධයක් හේතුවෙන්ද පීඩාකාරි බවක් ඇති කරන සතියකි.
අය 07 වැය 06, ජය අංකය – 09
ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සිකුරාදා
කටක – අලුත් ව්‍යාපාර
විවාහ ගිවිස ගැනීමකට කටයුතු උදා කරයි. පැවැති ගණුදෙනුවකින් නිදහස උදා කරයි. සතිය මැද කාලයේදී අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසේ. පිරිස් පාලනය, අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම තනතුරු මාරුවීම්, ස්ථාන මාරුවීම්වලට ඉඩකඩ ඇති කාලයකි. අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත්ය. වරින්වර ඇතිකරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම රුධිරගත සීනි මට්ටම, කොලෙස්ටරෝල් වැනි අසනීප කෙරෙහිද සැලකිලිමත්වන්න.
අය 07 වැය 05, ජය අංකය – 04
ජය වර්ණය – ළා නිල්, සුබ දවස – සඳුදා
සිංහ – ගනුදෙනුවකින් නිදහස්
ප්‍රමාදවූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ අයගේ දුක සැප සොයා බැලීමට අවස්ථාව උදා කරයි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. කරදර බාධා යෙදුණත් රැකියාවේ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන බවක් පෙනේ. ශරීර වෙහෙස මහන්සිය ඇතිකරන සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.
අය 07 වැය 06, ජය අංකය – 07
ජය වර්ණය – කොළ, සුබ දවස – බ්‍රහස්පතින්දා
කන්‍යා – දුරදිග සිතා බලන්න
තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා ආගමික නායකයන්ගේ සහය පතන බවක් පෙනේ. නැතිවූ දෙයක් නැවත හිමිවීමෙන් සිතට සතුටක් ඇති කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. ගතසිත වෙහෙසා කරන රැකියා කටයුතුවලට යොමුවීමට ඉඩ ඇත. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට වෙනදාට වඩා අතමිට සරුකරයි. ඇසේ හටගන්නා දුර්වලතාවයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සුළු සුළු කැපීම්වලට හේතු ඇති කරයි.
අය 06 වැය 04, ජය අංකය – 02
ජය වර්ණය – කොළ, සුබ දවස – ඉරිදා
තුලා – ගැටලු නිරවුල් වේ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. ගෘහ ජීවිතයේ පැවැති ගැටලුකාරි බවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. සතිය මැද කාලයේදි පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට නිරත වූවන්ට සුබදායකයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. හදිසි ක්ලාන්ත ගතියකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 04, ජය අංකය 02
ජය වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා
වෘශ්චික – රැකියාවේ ඉහළට
සිතේ චංචල ගතිය නිසා කටයුතු කිහිපයක් වෙනස් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසේ. අවිවේකී බවක් ඇතිකරන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති අවිවේකී බව මඟහැරී යයි. රැකියා කරන ස්ථානයේ තරමක ඉහළින් සිටීමට කටයුතු උදා කරයි. පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩතිබේ. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
අය 07 වැය 06, ජය අංකය – 02
ජය වර්ණය – රතු, සුබ දවස – ඉරිදා
ධනු – අමතර වාසි
වියදම් බහුල සතියකි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට හේතු ඇති කරයි. ගේ දොර දියුණුව මෙන්ම පවුලේ සමගියට හේතු ඇති කරයි. රැකියාවේ වගකීම් වැඩි කරයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර වාසි සැලසෙන කාලයකි. උගුරේ අමාරු, අත්වල අමාරු නිතර නිතර හටගැනීමට ඉඩ ඇත. ආහාර විෂවීමක් හේතුවෙන්ද පීඩාගෙන දෙන කාලයකි.
අය 07 වැය 05, ජය අංකය – 06
ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සිකුරාදා
මකර – සමාජසේවා
සමාජසේවා කටයුතුවලට සම්බන්ධවීමට සිදුවෙයි. අන් අයගේ අදහස්වලට ගරුකරන කාලයකි. ගේ දොර දියුණුවට විශේෂ පියවර කිහිපයක් ගන්නා බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. එමෙන්ම තමා කරගෙන යන රැකියාවට අමතර ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙහෙස ඇති රැකියා මාර්ගවලටද කටයුතු උදාකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරන දිනයකි.
අය 06 වැය 05, ජය අංකය – 04
ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා
කුම්භ – තනතුරු වෙනසක්
අවිවේකය නිසා විනෝදයට බාධා ඇති කරයි. පැවැති අඟහිඟතා කීපයක් මඟහැරී යයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙයි. අසරණ කෙනකුට ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි. වෙහෙස මහන්සියක් ගෙන දෙන රැකියා මාර්ගවලට හේතු සැලසේ. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. ස්වං කන්වල ආබාධ, උරහිස සම්බන්ධ ආබාධ හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් වෙයි.
අය 07 වැය 06, ජය අංකය – 07
ජය වර්ණය – දම්, සුබ දවස – සිකුරාදා
මීන – විවාහ ගිවිසුමක්
අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදේ. පැවැති නීති ගැටලුවකින් නිදහස උදාකරයි. සතිය මැද කාලයේදී විවාහ ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. තනතුරු හා ස්ථාන වෙනස්කම්වලට හේතු සැලසේ. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක සතියකි. සෙම් රෝග බහුලවීමෙන් උගුර ආශි‍්‍රත ආබාධ, මතුවීමට ඉඩ ඇත. යටපත් වූ කොන්දේ අමාරුවක් හේතුවෙන්ද පීඩාකාරි බවක් මතු කරයි.
අය 06 වැය 05, ජය අංකය – 04
ජය වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා
නෙරංජන් ආධිත්‍ය
070 2050 707
ඉරහඳ