ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින්, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට අපේ රට නියෝජනය කළ අංජානා හීනටිගල සමත් වී තිබෙනවා.
ඇය මීට සුළු මොහොතකට පෙර පිලිපීනයේ පැවති මෙම ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගයේ අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කරමින්, ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ කිරුළු ගැන්වූවා.
Miss Teen Sri Lanka 2025 කිරුළ දිනාගත් ඇය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වීමට පසුගිය 29 වැනිදා පිටත්ව ගියා.
අභියෝග හමුවේ නොසැලෙන අධිෂ්ඨානයක් සහ දිරියක් සහිත තරුණියක් ලෙස ඇය, ඇයව හඳුන්වා දුන් අතර, ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මේ වසරේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක් ගෙන ඒමයි.
ඇයගේ එම සිහිනය යථාර්ථයක් බවට පත් කරමින්, ලොවම මවිත කරමින් අංජානා අද මේ විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළා.
අංජානාගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලද මහත් ගෞරවයක් වන අතර, ඇගේ දක්ෂතාවය, කැපවීම සහ අලංකාරය මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතු වුණා.
මෙම ජයග්‍රහණය හරහා අංජානා හීනටිගල යනු හීන පසුපස හඹා යන, අභියෝග හමුවේ නොසැලී සිටින, අපේ රටට ආඩම්බරයක් ගෙන ආ දිරිය තරුණියක් බව නැවත වතාවක් ඔප්පු කර තිබෙනවා.
ඇයගේ ඉදිරි ගමනටත්, ඇය රටට ගෙන එන තවත් ජයග්‍රහණ වෙනුවෙන් අපේ සුබ පැතුම්!