ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ඇය මේ විදිහට ලංකාවට එන්නේ ඉන්දියාවේ Big Momma නිෂ්පාදන ආයතනය සහ මෙරට ‘ASIAN FILM CREW’ නිෂ්පාදන ආයතන එක්ව සිදුකරන වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි.
මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.
තමන්නා මීට කලිනුත් ලංකාවට ඇවිත් තියෙනවා. ඒ ඇය රංගනයෙන් දායක වුණු ‘Bahubali’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා.
තමන්නා භාටියා ගැන තොරතුරු ටිකක්
තමන්නා භාටියා ඉපදුණේ 1989 දෙසැම්බර් 21 වැනිදා. දැනට ඇගේ වයස අවුරුදු 35ක් වෙනවා.
ඇය මුලින්ම රංගනයට එකතු වුණේ අවුරුදු 15 දී. 2005 වසරේදී ‘චාන්ද් සා රෝෂන් චෙහ්රා’ (Chand Sa Roshan Chehra) කියන හින්දි චිත්‍රපටයෙන් තමයි ඇය සිනමාවට ආවේ.
ඇය රංගනයෙන් දායක වෙලා තියෙන චිත්‍රපට ගණන 65කට වැඩියි.
ඇය දෙමළ, තෙළිඟු, සහ හින්දි චිත්‍රපටවලට තමයි වැඩිපුරම රංගනයෙන් දායක වෙන්නේ.
ඇය රඟපාපු ජනප්‍රියම චිත්‍රපට අතර ‘Bahubali’ සහ ‘K.G.F: Chapter 1’ කියන චිත්‍රපට විශේෂයි.
තමන්නා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි. ඇය නර්තනයටත් හරිම දක්ෂයි.
ඇයගේ අලංකාර නර්තන විලාසය නිසාම ඇයට ලොකු රසික පිරිසක් ඉන්නවා.
තමන්නාගේ සබඳතා සහ පෞද්ගලික ජීවිතය
තමන්නාගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දී, ඇය විවිධ අවස්ථාවලදී කතාබහට ලක්වුණා.
ඇය Virat Kohli සහ Abdul Razzaq කියන ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ සබඳතා පැවැත්වූ බවට කටකතා පැතිරුණත්, ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කර තිබුණා.
මෑතකදී ඇය Lust Stories 2 චිත්‍රපටයේ රඟපාපු නළු Vijay Varma සමඟ සබඳතාවක් පැවැත්වූ අතර, ඒ දෙදෙනා 2025 දී වෙන්වී ඇති බව වාර්තා වෙනවා.
තමන්නාගේ ඉදිරි වැඩකටයුතු
තමන්නාගේ ඉදිරි චිත්‍රපට අතර Odela 2 (තෙළිඟු) සහ Raid 2 (හින්දි) වගේ චිත්‍රපට කිහිපයක්ම තියෙනවා. මේ චිත්‍රපට 2025 වසරේදී තිරගත වෙන්න නියමිතයි.
ඊට අමතරව, ඇය Shahid Kapoor එක්ක රඟපාන ‘Romeo’ කියන චිත්‍රපටයත්, Sidharth Malhotra එක්ක රඟපාන ‘Vvan’ කියන චිත්‍රපටයත් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.
තමන්නාට විලාසිතා ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. ඇය අඳින පළඳින විලාසිතා නිසා හැමවිටම කතාබහට ලක් වෙනවා. ඒ නිසා ලංකාවේදී ඇය අඳින පළඳින විලාසිතා ගැනත් දැනගන්න අපිට පුළුවන් වේවි.