දශක ගණනාවක් තිස්සේ ලෝකයෙන් හැංගිලා තිබුණු රහසක් තියෙනවා. ඒ තමයි 1946 දී ඇමරිකාව ඩෙන්මාර්කයෙන් ග්‍රීන්ලන්තය මිලදී ගන්න කරපු යෝජනාව.
ඒ කාලේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෝ මේ වෙනුවෙන් ඩොලර් මිලියන 100ක රත්තරන් දෙන්න පවා කැමති වෙලා හිටියා. හැබැයි ඒක ඒ කාලෙම ප්‍රතික්ෂේප වුණා. මොකද ග්‍රීන්ලන්තය කියන්නේ විකුණන්න තියෙන තැනක් නෙවෙයි.
හැබැයි දැන් ආයෙමත් ඒ කතාවම ඇහෙනවා නේද?
“අපේ ජාතික ආරක්ෂාවට ග්‍රීන්ලන්තය ඕනේ, මොන ක්‍රමයකින් හරි අපි ඒක ගන්නවා” –
මේක තමයි ප්‍රසිඩන්ට් ට්‍රම්ප්ගේ මතය. 2024 දී එයා ආයෙමත් බලයට ආවට පස්සේ මේ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ ප්ලෑන් එක ආයෙත් කරළියට ආවා.
ඇයි මේ ග්‍රීන්ලන්තය මෙච්චර වටින්නේ?
එක පැත්තකින් බලපුවාම මේක නිකන් රියල් එස්ටේට් ඩීල් එකක් වගේ. ඩෙන්මාර්කයේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් විදිහටයි ට්‍රම්ප් මේක ඉදිරිපත් කරන්නේ.
දැනට ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයිති අර්ධ ස්වයං පාලන ප්‍රදේශයක්. ඒ වගේම එයාලගේ පාලන කටයුතු වලට අවුරුද්දකට ඩොලර් මිලියන 600ක විතර ග්‍රාන්ට් එකක් ඩෙන්මාර්කයෙන් ලැබෙනවා.
ග්‍රීන්ලන්තයේ ආර්ථිකය හරිම පුංචියි, ප්‍රධානම දේ මාළු අපනයනය. ඒ වගේම එයාලා දැන් ටුවරිසම් සහ මයිනින් (mining) වලට යොමු වෙන්න හැදුවත්, දරුණු කාලගුණය සහ යටිතල පහසුකම් නැතිකම නිසා ඒ වැඩේ හරිම හෙමින් තමයි වෙන්නේ.
National Security සහ “Golden Dome”
ට්‍රම්ප්ගේ දැක්මට අනුව ඇමරිකානු බදු ගෙවන්නන්ට පුළුවන් මේ වියදම් සහ ආයෝජන භාරගන්න. ඒත් ඇයි ඇමරිකාව මෙච්චර වියදම් කරන්නේ?
-
මිසයිල තර්ජන: රුසියාවෙන් එන මිසයිල තර්ජන නිරීක්ෂණය කරන්න ග්‍රීන්ලන්තය නියම තැනක්. රුසියාව දැන් මේ ආක්ටික් කලාපයේ හමුදා අභ්‍යාස වැඩිකරලා තියෙන්නේ.
-
Pituffik Space Base: දැනටමත් ඇමරිකාවට මෙහේ හමුදා කඳවුරක් තියෙනවා. හැබැයි ට්‍රම්ප්ට ඕනේ මීට වඩා ලොකු දෙයක්.
-
The Golden Dome: මේක තමයි ට්‍රම්ප්ගේ අලුත්ම ප්ලෑන් එක. ග්‍රීන්ලන්තයේ ඉඳන් ක්‍රියාත්මක වෙන ලෝකයේ තියෙන ලොකුම මිසයිල ආරක්ෂණ පද්ධතිය හදන්නයි එයාට ඕනේ. මේකට ඩොලර් ට්‍රිලියනයක් විතර යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.
දේශගුණික විපර්යාස සහ අලුත් මාර්ග
අයිස් දියවීමත් එක්ක ආක්ටික් කලාපයේ අලුත් නාවික මාර්ග විවෘත වෙනවා. මේ මාර්ග සූවස් ඇළට වඩා ගොඩක් කෙටි වෙන්න පුළුවන්.
සූවස් ඇළ හරහා අවුරුද්දකට ඩොලර් ට්‍රිලියනයක බඩු ප්‍රවාහනය වෙනවා නම්, ඒකෙන් පොඩි කොටසක් හරි ආක්ටික් වලට ආවොත් ඒක ලොකු ලාභයක්.
Critical Minerals: ඇත්තටම එහේ රත්තරන් තියෙනවද?
2025 දී ට්‍රම්ප් කිව්වේ ග්‍රීන්ලන්තය ඕනේ වෙන්නේ එහේ තියෙන “Critical Minerals” සහ “Rare Earth” නිධි නිසා කියලා.
හැබැයි රිපෝට් වලට අනුව ග්‍රීන්ලන්තයේ තියෙන ඛනිජ සම්පත් ප්‍රමාණය චීනය හෝ රුසියාව එක්ක බලද්දී ගොඩක් අඩුයි.
ඒ විතරක් නෙවෙයි, අවුරුදු 50ක් තිස්සේ කරපු කැණීම් වලින් පෙනිලා තියෙන්නේ මේවා වාණිජ මට්ටමින් ලබාගන්න එක ලෙහෙසි නැති බවයි.
පාරවල් නැහැ, වරායවල් නැහැ, හැම වෙලේම වගේ අයිස් වලින් වැහිලා. ඉතින් මේවා ගොඩගන්න යන වියදම අතිමහත්.
ග්‍රීන්ලන්ත වැසියන් මොකද කියන්නේ?
ග්‍රීන්ලන්තයේ ඉන්නේ 56,000ක විතර ජනතාවක්. එයාලට ඕනේ තමන්ගේ අනාගතය තමන්ම තීරණය කරන්න.
“අපි සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි, හැබැයි ඒක වෙන්න ඕනේ ග්‍රීන්ලන්ත වැසියන්ගේ කැමැත්ත මතයි”
කියන එකයි එයාලගේ පණිවිඩය. එයාලා තමන්ගේ පරිසරයට සහ සංස්කෘතියට ගොඩක් ආදරෙයි.
NATO එකට මොකද වෙන්නේ?
ට්‍රම්ප්ගේ මේ තර්ජන නිසා නේටෝ (NATO) සංවිධානයත් යම් කලබලයකට පත් වුණා.
මොකද ඇමරිකාව ඩෙන්මාර්කයට විරුද්ධව යම් පියවරක් ගත්තොත් ඒක නේටෝ සංවිධානයේ අවසානය වෙන්නත් පුළුවන්. රුසියාව බලාගෙන ඉන්නෙත් නේටෝ එක දුර්වල වෙනකන්.
අවසාන වශයෙන්, ග්‍රීන්ලන්තයේ කඳවුරු, රේඩාර් පද්ධති සහ ඛනිජ සම්පත් වලට අපිට මිලක් නියම කරන්න පුළුවන්.
හැබැයි ග්‍රීන්ලන්තයේ සැබෑ වටිනාකම තියෙන්නේ එහේ ස්වභාවික පරිසරය සහ මිනිස්සුන්ගේ නිදහස තුළයි. ඒක සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.