ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩි වීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු වන්නේ හෝමෝන වෙනස්වීම් සහ ශාරීරික අපහසුතා වැනි කරුණු රැසක්.
ගැබිනි සමයේදී ඔබේ libido එක වැඩි වීමට හෝ අඩු වීමට හේතු වන කරුණු ගණනාවක් තිබෙනවා.
මෙන්න, ඔබේ ගැබිනි සමයේ එක් එක් ත්‍රෛමාසිකයේදී ඔබට ඇති විය හැකි අත්දැකීම් සහ මේ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන ආකාරය ගැන තොරතුරු.
ගැබිනි සමයේදී ඔබේ ලිංගික ආශාවන් වැඩි වෙනවාද?
ඔව්, නිසැකවම වැඩි වෙන්න පුළුවන්.
සමහර අයට, ගැබිනි බවේ පළමු සලකුණ වන්නේ ඔක්කාරය හෝ පපුව ආශ්‍රිත වේදනාව නොවේ, නමුත් අනපේක්ෂිත ලෙස ඇතිවන ලිංගික ආශාවයි.
උදෑසන කෝපි බොන අතරතුර ඔබේ සහකරුට sexy looks දෙනවා නම් හෝ ඔබට TV එකේ show එකක් බලන්නවත් අමාරු නම්, ඔබ තනි වී නැහැ.
ඔබේ බඩ විශාල වෙන්න පටන් ගන්න කලින් පවා, ගැබිනි කාලය යනු විශාල ශාරීරික වෙනස්කම් සිදුවන කාලයකි. නිතරම වැඩිවන estrogen සහ progesterone හෝමෝන මට්ටම්වල සිට, පියයුරු සහ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ රුධිර සංසරණය වැඩි වීම සහ සංවේදීතාව (sensitivity) වැඩි වීම දක්වා ඕනෑම දෙයක් ඉහළ මට්ටමේ arousal එකකට හේතු විය හැකියි.
පළමු ත්‍රෛමාසිකය
පළමු ත්‍රෛමාසිකයේදී ඔබට ක්ලාන්ත ගතිය සහ අධික තෙහෙට්ටුව දැනුණත්, ඔබේ හෝමෝන දිනෙන් දින ඉහළ යනවා.
මෙයින් අදහස් කරන්නේ ඔබේ පියයුරු සහ තන පුඩු වඩා විශාල හා සංවේදී විය හැකි බවයි. ඔබට ඔබේ සහකරු සමඟ වඩාත් චිත්තවේගීයව සම්බන්ධයක් දැනෙන්න පුළුවන්.
තවද, birth control පසෙකට දමා නිදහසේ ලිංගිකව එක්වීම ගැනත් සතුටක් දැනෙන්න පුළුවන්, නේද?
ඒ වගේම, මේ මුල් කාලයේදී ඔබට විශාල බඩක් නැති නිසා, බොහෝ ලිංගික ඉරියව් (sexual positions) තවමත් පහසු සහ ආරක්ෂිතයි. ඉතින්, ඔබට නිතරම sex ගැන හිතෙන එක පුදුමයක් නෙවෙයි!
දෙවන ත්‍රෛමාසිකය
මුල් ගැබිනි කාලයේ අපහසුතා පහව යන අතර, අවසාන කාලයේ ඇතිවන ශාරීරික සීමාවන් තවමත් ඇතිවී නැහැ.
දෙවන ත්‍රෛමාසිකය ඇත්තටම ගැබිනි කාලයේ “honeymoon period” එකයි—ඒ වගේම ඔබේ ලිංගික ජීවිතය සඳහාත් මෙය අලුත් honeymoon එකක් වගේ දැනෙන්න පුළුවන්.
ඉක්මන් කරුණක්: ගැබිනි කාලයේදී කාන්තාවන්ගේ ශරීරයට අමතරව රුධිර රාත්තල් තුනක් එකතු වෙනවා. මේ රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් ඔබේ ශරීරයේ පහළ කොටස හරහා ගලා යනවා. මේ අමතර රුධිර ප්‍රවාහය නිසා ඔබට සාමාන්‍යයට වඩා වැඩි ලිංගික ආශාවක් ඇති විය හැකියි.
ඒ විතරක් නෙවෙයි, ඔබේ orgasms වඩාත් තීව්‍ර ලෙස දැනෙන්න පුළුවන්, සහ—අපේක්ෂාවෙන් ඉන්න—ඔබ ලිංගික ක්‍රියාකාරකම් අතරතුර multiple orgasms පවා අත්විඳින්න පුළුවන්.
තෙවන ත්‍රෛමාසිකය
විශාල බඩක් සහ ශරීරයේ වේදනා ඇති නිසා, තෙවන ත්‍රෛමාසිකයේදී ඔබට sex ගැන හිතෙන්නේම නැහැ කියලා ඔබ හිතන්න පුළුවන්.
ඒත් ඒක එහෙමම වෙන්නේ නැහැ. ඔබේ අලුත්, වටකුරු හැඩය ඔබට වෙන කවරදාටත් වඩා sexier හැඟීමක් ඇති කරන්න පුළුවන්. ශරීරය ගැන ඇතිවන confidence එක නිසා ඇඳුම් නැතිව සිටීමට වැඩි ආශාවක් ඇති විය හැකියි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ අවසාන සතිවලදී ලිංගික ක්‍රියාකාරකම් අඩු වුවත්, ඔබට ශක්තිය තියෙනවා නම් සහ පහසු ඉරියව්වක සිටිය හැකි නම්, එය දිගටම පවත්වාගෙන යන්න.
ඔබ ඔබේ පුංචි දරුවා එනතුරු නොඉවසිලිමත්ව බලා සිටින විට, ලිංගිකව එක්වීම හොඳ විවේකයක් විය හැකියි. ඒ මොකක්ද? ඔව්, ඔබ sex නිසා හොශ දරු ප්‍රසූතියක් (induce labor) ඇති කළ හැකි බවත් අසා ඇති.
ලිංගිකව එක්වීමෙන් හොද දරු ප්‍රසූතියක් ඇති කිරීම සඳහා සමහර විද්‍යාත්මක කරුණු තිබුණත්, පර්යේෂණ මිශ්‍ර වී තිබෙනවා.
තන පුඩු උත්තේජනය (nipple stimulation) සහ orgasm නිසා oxytocin හෝමෝනය මුදා හැරෙනවා. එය pitocin වල ස්වභාවික ස්වරූපයයි (pitocin යනු දරු ප්‍රසූතිය උත්තේජනය කිරීමට භාවිතා කරන ඖෂධයකි).
ශුක්‍රාණු වල ඇති prostaglandins නිසා ගැබ්ගෙල (cervix) මෘදු වීමටත්, එය විවෘත වීමටත් උපකාර විය හැකියි. කෙසේ වෙතත්, ඔබේ ශරීරය දරු ප්‍රසූතියට සූදානම් නැති නම්, ලිංගිකව එක්වීමෙන් දරු ප්‍රසූතිය පටන් ගන්නේ නැහැ.
ගැබිනි සමයේදී ඔබේ ලිංගික ආශාවන් අඩු වෙනවාද?
මෙතනටත් උත්තරේ “ඔව්”!
ගැබිනි සමයේ විවිධ අවස්ථාවලදී (හෝ මාස 9 පුරාවටම) ඔබට ලිංගිකව එක්වීමට කිසිසේත්ම අවශ්‍ය නොවීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්.
එක් හේතුවක් නම්, ඔබට ඔබේ සුපුරුදු තත්ත්වයෙන් සිටින බවක් දැනෙන්නේ නැති වීමයි.
ඇත්තෙන්ම, ගැබිනි කාලය සහ ශරීරය පිළිබඳ self-image කළ අධ්‍යයන වලින් හෙළිවී ඇත්තේ කාන්තාවන්ට දෙවන ත්‍රෛමාසිකයේදී අඩු ආත්ම අභිමානයක් ඇති වන බවත්, තෙවන ත්‍රෛමාසිකයේදී ශරීරය පිළිබඳ ඔවුන්ගේ හැඟීම “සැලකිය යුතු ලෙස නරක අතට” හැරෙන බවත්ය.
ඊට බලපාන වෙනත් සාධක:
- පළමු ත්‍රෛමාසිකයේ වැඩිවන estrogen සහ progesterone මට්ටම් සමඟ ඔක්කාරය, වමනය, සහ අධික තෙහෙට්ටුව ඇති වෙනවා. ලිංගිකව එක්වීම ප්‍රීතිමත් දෙයක් ලෙස නොව, වැඩක් ලෙස දැනෙන්න පුළුවන්.
- මේ සියලු වෙනස්කම් සහ අපහසුතා නිසා ඔබේ හැඟීම් අවුල් වියවුල් වෙන්න පුළුවන්. ඔබට නරක mood එකක ඉන්නකොට ලිංගිකව එක්වීමට සිතීම පවා කළ නොහැක්කක් විය හැකියි.
- ලිංගිකව එක්වීමෙන් ගබ්සාවක් (miscarriage) සිදු වෙයි කියා ඇතිවන බිය නිසාත් ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. මෙහි ඇති හොඳම පුවත නම්, විශේෂඥයන් පවසන්නේ ලිංගිකව එක්වීමෙන් ගබ්සා වීමක් සිදු නොවන බවයි. ඒ වෙනුවට, ගබ්සා වීමක් සාමාන්‍යයෙන් සිදු වන්නේ කලලයේ (fetus) යම් යම් ගැටලු නිසා බවයි.
- වැඩිවන සංවේදීතාව නිසා සමහර කාන්තාවන්ට ලිංගික ආශාව වැඩි වෙන්න පුළුවන්. තවත් අයට? එය සම්පූර්ණයෙන්ම අපහසු හෝ ඉතා තීව්‍ර හැඟීමක් විය හැකියි.
- orgasm එකකින් පසු ඇතිවන කැක්කුම් (cramping) ඇත්තටම සිදුවන දෙයක්, සහ එය ඇඳෙන් ඈත් වෙන්න තරම් අප්‍රසන්න විය හැකියි.
- දරු ප්‍රසූතියට ළං වන විට, ඔබට පුහුණු හැකිලීම් (practice contractions) වැඩි වී, ලිංගිකව එක්වීමෙන් නොමේරූ දරු ප්‍රසූතියක් (preterm labor) ඇති වෙයි කියා ඔබ බිය විය හැකියි.
ගැබිනි කාලයේදී ලිංගිකව එක්වීම ආරක්ෂිතද?
ඔබට යම් යම් වෛද්‍ය ගැටලු නොමැති නම්, ගැබිනි කාලයේදී ලිංගික සංසර්ගය ආරක්ෂිතයි. ඔබට ලිංගිකව එක්වීමෙන් වැළකී සිටීමට යම් හේතුවක් තිබෙනවාදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් අහන්න.
එහෙම නැතිනම්, ඔබට අවශ්‍ය තරම් ලිංගිකව එක්වීමට පුළුවන්. ඇත්තටම!
ඇත්ත වශයෙන්ම, ඔබට පහත සඳහන් දේ ඇති නම්, ඔබ වහාම ඔබේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත යුතුයි:
- ලිංගිකව එක්වන විට හෝ ඉන් පසුව ලේ ගැලීමක් ඇති වුවහොත්.
- ඔබේ water bag බිඳී ගියහොත් හෝ පැහැදිලි කළ නොහැකි දියරයක් කාන්දු වුවහොත්.
- ඔබට අසමතුලිත ගැබ්ගෙලක් (incompetent cervix) තිබේ නම් (එනම් ඔබේ ගැබ්ගෙල නොමේරූ ලෙස විවෘත වීමයි).
- ඔබට placenta previa තිබේ නම් (placenta එක ඔබේ ගැබ්ගෙලෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන සිටීම).
- ඔබට නොමේරූ දරු ප්‍රසූතියේ සලකුණු හෝ නොමේරූ දරු ප්‍රසූතියක ඉතිහාසයක් තිබේ නම්.
සටහනක්: ලිංගිකව එක්වීමෙන් පසු ඇතිවන කැක්කුම් ගැන ඔබ බිය විය හැකියි. මෙය බහුලව සිදුවන දෙයක්, විශේෂයෙන්ම තෙවන ත්‍රෛමාසිකයේදී. නැවතත්, nipple stimulation එකේ සිට orgasm එක දක්වා හෝ ඔබේ සහකරුගේ ශුක්‍රාණු වල ඇති prostaglandin හෝමෝන දක්වා ඕනෑම දෙයක් මෙයට හේතුව විය හැකියි.
මෙම අපහසුතාවය විවේක ගැනීමෙන් අඩු විය යුතුයි. එසේ නොවේ නම්, ඔබේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගන්න.
තවද, මේ කාලයේදී ගැබ් ගැනීමෙන් ආරක්ෂා වීම ගැන සැලකිලිමත් වීමට අවශ්‍ය නොවුණත්, ඔබ ඒකීය සම්බන්ධතාවයක (monogamous relationship) නොසිටින්නේ නම් හෝ අලුත් සහකරුවෙකු සමඟ ලිංගිකව එක් වීමට තීරණය කරන්නේ නම්, STI (ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග) වළක්වා ගැනීමට කොන්ඩම් දිගටම භාවිතා කළ යුතුයි.
ලිංගික ආශාවන් වෙනස්වීම් සඳහා උපදෙස්
ඔබට sex goddess කෙනෙක් වගේ හැඟීමක් දැනුණත්, නැත්නම් ඒ වගේ හැඟීමක් නැති වුණත්, ඔබේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඔබට කළ හැකි දේවල් බොහොමයක් තිබෙනවා.
ඔබේ ලිංගික ආශාව දිනෙන් දින සැලකිය යුතු ලෙස වෙනස් වන බව ඔබට පවා දැනෙන්න පුළුවන්. (හෝමෝන මට්ටම් ඉහළට සහ පහළට යන නිසා!)
Masturbation (ස්වයංවින්දනය)
ඔබට ලිංගිකව එක්වීමට සහකරුවෙක් අවශ්‍ය නැහැ. ගැබිනි කාලයේදී ස්වයංවින්දනය ලිහිල්ව සහ විනෝදයෙන් සිටීමට උපකාරී වෙන්න පුළුවන්. ඒ වගේම—හොඳම දේ—ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක මෙය කරන්න පුළුවන්.
Masturbation කිරීම ඔබේ වෙනස්වන ශරීරය ගැන හුරුපුරුදු වීමට හොඳ ක්‍රමයක්. සතුටක් ලැබීමෙන් ඔබට අත්විඳින ඔක්කාරය, පිටුපස වේදනාව, කකුල් සහ පාද ඉදිමීම, සහ වෙනත් අපහසුතා වැනි අප්‍රසන්න රෝග ලක්ෂණ වලින් අවධානය වෙනතකට යොමු කිරීමටත් උපකාරී වෙන්න පුළුවන්.
ඔබ sex toys භාවිතා කරන්නේ නම්, එක් එක් භාවිතයෙන් පසු ඒවා හොඳින් සෝදා පිරිසිදු කිරීමටත්, ඒවා සමඟ සෙල්ලම් කරන විට මෘදු වීමටත් වග බලා ගන්න.
වෙනත් ආකාරයේ සමීප සබඳතා (intimacy)
සියලුම ලිංගික ක්‍රියා වලට penetration ඇතුළත් විය යුතු නැහැ. ඔබට වැළඳ ගැනීමට හෝ තුරුළු වීමට අවශ්‍ය වෙන්න පුළුවන්. massage එකක් දෙන්න, නැත්නම් kiss කරන්න.
“sensate focus” ලෙස හඳුන්වන “mindful sex” කියලා දෙයක් පවා තිබෙනවා, එහිදී අවධානය යොමු කරන්නේ ස්පර්ශ කිරීමට හෝ ස්පර්ශ වීමටයි. මෙම ක්‍රමවේදය ලිංගිකත්වයට වඩා සංවේදනය (sensuality) දිරිමත් කරනවා.
මෙයට සහභාගී වීමට ඔබට ඇඳුම් ඇඳගෙන හෝ නැතිව ඉන්න පුළුවන්. එක් සහකරුවෙකු දෙන තැනැත්තා ලෙසත්, අනෙකා ලබන තැනැත්තා ලෙසත් නම් කරන්න.
එතැන් පටන්, විවිධ වේගයන්ගෙන් ශරීරයේ විවිධ ප්‍රදේශවල ඇතිවන ස්පර්ශයන්ගෙන් ඔබට දැනෙන දේ ගැන අවධානය යොමු කරන්න.
ඔබ කුමක් කළත්, sex යනු intimacy ගැන බව මතක තබා ගන්න. ශාරීරික සංවේදනයන් ඉතාම අපූරු විය හැකි වුවත්, චිත්තවේගීය සම්බන්ධතාවය (emotional connection) ද සතුටුදායකයි.
විවිධ ලිංගික ඉරියව් (sexual positions)
නැවතත්, ගැබිනි කාලයේ සිව්වන මාසය දක්වා බොහෝ ලිංගික ඉරියව් ආරක්ෂිතයි.
මේ අවස්ථාවේදී, පිටුපසට straight එකට වැතිරී සිටින ඉරියව් (උදාහරණයක් ලෙස, missionary) අපහසු විය හැකි අතර, ඔබේ දරුවාට පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් ගෙන එන වැදගත් රුධිර නාල වලට පීඩනයක් ඇති කළ හැකියි.
ඔබට පහත ඉරියව් අත්හදා බැලිය හැකියි:
Woman on top: නමට අනුව, මේ ඉරියව්වෙන් ඔබ සම්පූර්ණ පාලනයකින් සිටිනවා. ඒ වගේම ඔබේ බඩ නිදහස්ව තබා ගන්න පුළුවන්. ඔබට වේගය අඩු හෝ වැඩි කර ගැනීමට හෝ පහසුවෙන් වෙනත් ඉරියව් වලට මාරු වීමට පුළුවන්.
Woman on all fours: ඔබේ දෑත් සහ දණහිස් මත සිටින්න. මේ ඉරියව්ව ඔබේ බඩ ඕනෑවට වඩා බර වීමට පෙර පළමු සහ දෙවන ත්‍රෛමාසිකයේදී වඩාත් හොඳින් ක්‍රියා කරනවා.
Sideways or spooning: ගැබිනි කාලයේ අවසාන භාගයේදී අමතර ආධාරකයක් සඳහා, ඔබේ සහකරු පිටුපසින් ඇතුළු වන ආකාරයට පැත්තකට හැරී වැතිරී සිටින්න. මේ ඉරියව්වෙන් ඔබේ බඩට සහ සන්ධිවලට ඇති පීඩනය ඉවත් කරනවා. ඒ වගේම ඔබට ලිහිල්ව සිටීමට ඉඩ සලසනවා. ආධාරකයක් සඳහා ඔබට කොට්ට භාවිතා කරන්නත් පුළුවන්.
ලිහිසි තෙල් (Lubricants)
ගැබිනි කාලයේදී ඔබට ස්වභාවිකවම වැඩි තෙතමනයක් දැනෙන්න පුළුවන්. එහෙම නොවේ නම්, හොඳ lubricant එකක් ලිහිල්ව සහ පහසුවෙන් සිටීමට උපකාරී වෙන්න පුළුවන්.
මේ කාලයේදී ඔබේ සම විශේෂයෙන් සංවේදී විය හැකි නිසා, irritation හෝ infection ඇති නොවන water-based lubricants භාවිතා කිරීමට උත්සාහ කරන්න.
Communication
ඔබේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ඔබට හැඟෙන ආකාරය ගැන ඔබේ සහකරු සමඟ නිතරම කතා කරන්න. ඔබට තව අවශ්‍යද? ඒ බව කියන්න. ඔබට ටිකක් ඈත් වෙන්න අවශ්‍යද? ඒ ගැන සාකච්ඡා කරන්න.
ලිංගිකත්වය ගැන කතා කිරීම අපහසු නම්, “I feel” යන වචන වලින් පටන් ගන්න උත්සාහ කරන්න.
පිළිගැනීම (Acceptance)
ඔබට හැඟෙන ආකාරය ගැන ඔබව විනිශ්චය කිරීමෙන් වළකින්න—ඔබට ලිංගික ආශාවක් දැනුණත් නැතත්. ගැබිනි කාලය යනු ඔබේ ආදර ජීවිතයේ එක් අවධියක් පමණයි.
ඔබට හැඟෙන ආකාරය නිරන්තරයෙන් වෙනස් වන අතර, විවිධ තත්ත්වයන් සහ අවස්ථා ඇති වන විට ඔබේ ජීවිත කාලය පුරාවටම එය දිගටම වෙනස් වෙනවා.
සිදුවන දේ සමඟ ඉදිරියට යන්න උත්සාහ කරන්න, එය කුමක් වුවත් එයින් සතුටක් ලබන්න. ඔබට අවශ්‍ය යැයි හැඟේ නම් උපකාර ලබා ගැනීමට වග බලා ගන්න.
සමහර විට හොඳ මිතුරෙකු සමඟ කතා කිරීමෙන් පමණක් ඔබට තනිවී නැති බවක් දැනෙන්න පුළුවන්.
ඔබට ලිංගිකව ඉතා ආකර්ෂණීය බවක් දැනෙනවා නම්, ගැබිනි කාලයේදී ලැබෙන අමතර සංවේදනයන්ගෙන් ප්‍රයෝජන ගන්න. ඔබ ඔබේ සහකරු සමඟ ලිංගිකව එක් වුණත්, නැතත්, ඔබේ ශරීරයෙන් සතුටක් ලැබීමට ඔබටම කාලය දෙන්න.
සෑම ගැබිනි සමයක්ම වෙනස්, ඒ නිසා ඔබේ ලිංගික ආශාව මේ මොහොතේ ඔබේ අත්දැකීම් වලට සුවිශේෂී බව මතක තබා ගන්න.
ගැබිනි කාලයේදී ලිංගික සබඳතාවක් පවත්වාගෙන යාමට නිවැරදි හෝ වැරදි ක්‍රමයක් නැහැ. මෙහිදී ප්‍රධානම දෙය වන්නේ ඔබේ සහකරු සමඟ සන්නිවේදනය විවෘතව තබා ගැනීම සහ ඔබට ගැලපෙන දෙයක් සොයා ගැනීමයි.