...

ඔන්ලයින් ෂොපින් අවුල: AliExpress, Temu වලින් බඩු ගන්නම බැරි වෙයිද?

කාලෙක ඉඳන් අපි හැමෝම ඔන්ලයින් ෂොපින් කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මේක දැන් පට්ට ජනප්‍රියයිනේ. විශේෂයෙන්ම AliExpress, Temu, Alibaba, eBay, Daraz වගේ සයිට් වලින් ඔබත්

ඔන්ලයින් ෂොපින් අවුල

ඔන්ලයින් ෂොපින් අවුල: AliExpress, Temu වලින් බඩු ගන්නම බැරි වෙයිද?

කාලෙක ඉඳන් අපි හැමෝම ඔන්ලයින් ෂොපින් කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මේක දැන් පට්ට ජනප්‍රියයිනේ. විශේෂයෙන්ම AliExpress, Temu, Alibaba, eBay, Daraz වගේ සයිට් වලින් ඔබත් බඩු ඕඩර් කරලා ඇති. සමහරවිට තාම ඒවා එනකල් බලන් ඇති, නැත්නම් ඉස්සරහට ඕඩර් කරන්න හිතන් ඇති. පහුගිය කාලේ නම් කිසි අවුලක් නැතුව අපේ ගෙදරටම බඩු ආවා. ෂිපින් ගාස්තුත් එච්චර […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    කාලෙක ඉඳන් අපි හැමෝම ඔන්ලයින් ෂොපින් කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මේක දැන් පට්ට ජනප්‍රියයිනේ. විශේෂයෙන්ම AliExpress, Temu, Alibaba, eBay, Daraz වගේ සයිට් වලින් ඔබත් බඩු ඕඩර් කරලා ඇති. සමහරවිට තාම ඒවා එනකල් බලන් ඇති, නැත්නම් ඉස්සරහට ඕඩර් කරන්න හිතන් ඇති.

    පහුගිය කාලේ නම් කිසි අවුලක් නැතුව අපේ ගෙදරටම බඩු ආවා. ෂිපින් ගාස්තුත් එච්චර තිබ්බේ නැහැ. මේ එක්කම ලංකාවේ ගොඩක් අය බිස්නස් පටන් ගත්තා. ලංකාවට බඩු ගෙන්නලා විකුණන එක සාමාන්‍ය දෙයක් වුණා. ලංකාවේ හොයාගන්න අමාරු පවර් ඇඩැප්ටර් (power adapters), බැටරි, සර්කිට් කෑලි වගේ ඒවා පවා AliExpress වගේ තැන් වලින් ගෙන්න ගන්න පුළුවන් වුණා.

    දැන් තියෙන අවුල මොකක්ද?

    කොහොම වුණත්, දැන් ඔබට ආරංචි වෙන්න ඇතිනේ, ලංකාවේ ඉන්න අපිට AliExpress එකෙන් කලින් වගේ බඩු ගෙන්න ගන්න බැහැ කියලා. මේ ලිපිය හදන්නේ 2025 ජූලි 4 වෙනිදා. ඉතින් මේ වෙලාවේ තියෙන තත්ත්වය තමයි මෙතන කතා කරන්නේ. ඉස්සරහට මේ තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්.

    එහෙනම්, අපිට පිටරට සයිට් වලින් බඩු ගෙන්න ගන්න බැරි ඇයි? මේ පිටිපස්සේ තියෙන කතාව මොකක්ද? ඔබ දැනටමත් ඕඩර් කරලා තියෙන බඩුවලට මොකද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔබට දැන් ඇති වෙලා ඇති. මේ ලිපියෙන් ඒවට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.

    අවුලේ මුල

    සරලවම කිව්වොත්, ටික කාලෙකට කලින් ලංකාවේ රේගුවේ ගොඩගැහිලා තිබ්බ පාර්සල් ගොඩ ගැන කතාබහක් ඇති වුණා. ඒ කියන්නේ, AliExpress, Temu වගේ සයිට් වලින් ඕඩර් කරපු පාර්සල් ගැන. මේ පාර්සල් ගොඩ දැකපු සමහර පාර්ශව, මේක රජයට සල්ලි හොයාගන්න පුළුවන් පාරක් විදියට දැක්කා. ඒ නිසා TAX එකක් දාන්න ඕනේ කියන තීරණය ටිකෙන් ටික ඉස්මතු වුණා.

    ඒත් මෙතන ප්‍රශ්න කීපයක් මතු වෙනවා. මේ පාර්සල් ඇතුළේ තියෙන්නේ මොනවද කියලා පාර්සලය ඕපන් නොකර බලන්න බැහැනේ. declaration label තිබ්බත්, ඒක හැම වෙලාවෙම හරියටම සඳහන් කරන්නේ නැහැ. සමහර වෙලාවට රුපියල් 10,000ක් වගේ වටිනා බඩුවක් ඩොලරයක් කියලා දාන්නේ TAX වලින් බේරෙන්නනේ. ඒ වගේම, නොපැහැදිලි description සඳහන් වෙනවා. සමහර වෙලාවට gifts නැත්නම් commercial samples කියලා දාලා එනවා. මේ නිසා ලේබලය බලලා ඇතුළේ තියෙන දේ හරියටම අඳුරගන්න විදියක් නැහැ.

    මේකට කරන්න පුලුවන් එකම දේ තමයි package එක ඕපන් කරලා, ඇතුළේ තියෙන්නේ මොනවද බලලා, ඒකේ මිල හොයාගෙන, shipping ගාස්තුත් එක්ක බලලා, අය කරන්න ඕනේ duties අය කරන එක. කොහොම වුණත්, මේක කරන්න බැහැ. දහස් ගණන් තියෙන පාර්සල් මේ විදියට ඕපන් කරලා බලන එක හරි නැහැනේ.

    අනිත් ඔප්ෂන් එක තමයි Volume එකට නැත්නම් Weight එකට TAX එකක් දාන එක. මේකත් කරන්න බැහැ. මොකද සමහර වෙලාවට ලොකු volume එකක් හරි weight එකක් හරි තිබ්බත්, බඩුවේ මිල අඩු වෙන්න පුළුවන්. එතකොට බඩුවේ මිලට වඩා වැඩි TAX එකක් පාරිභෝගිකයාට ගෙවන්න වෙනවා.

    දැන් තත්ත්වය සහ විසඳුම්

    මේ තත්ත්වය නිසා පාර්සල් රේගුවේ හිරවෙලා, බඩු බෙදාහැරීම පරක්කු වෙනවා. ඔබ කලින් ඕඩර් කරපු සමහර බඩු තාම නොලැබෙන්න මේක තමයි ප්‍රධාන හේතුව. සමහර විට ඔබ දැනටමත් සල්ලි ආපහු ඉල්ලලා ඇති. Tracking වල මේක “Customs Delay” කියලා පෙනෙයි.

    මේ එක්කමයි මේ ප්‍රශ්න පටන් ගන්නේ. සාමාන්‍ය regular shipping methods පාවිච්චි කරලා ලංකාවට බඩු ගෙන්න ගන්න බැරි වුණා. මොකද රේගුව ඒවා හිර කරන නිසයි. AliExpress එකේ බැලුවොත්, දැන් ගොඩක් තැන්වල regular shipping options පෙන්වන්නේ නැහැ. Free shipping නැත්නම් අඩු ගාණට තිබ්බ shipping options වලින් දැන් ලංකාවට බඩු එවන්නේ නැහැ.

    ඒ වෙනුවට දැන් තියෙන්නේ premium shipping options විතරයි. ඒ කියන්නේ DHL වගේ සර්විස් හරහායි. මේවයින් ගෙන්න ගත්තොත්, TAX ක්ලියර් වෙලා ගෙදරටම බඩු එනවා. ඒත් මේවට shipping ගාස්තු ගෙවන්න වෙනවා. රුපියල් 400-500ක් වගේ වටිනා බඩුවකට රුපියල් 10,000, 20,000, 30,000 වගේ ලොකු shipping ගාස්තු ගෙවන්න වෙනවා. ඒ නිසා පොඩි කෑලි පවා දැන් ගෙන්න ගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙනවා.

    පෞද්ගලිකව නම් මේක හොඳ තත්ත්වයක් විදියට දකින්නේ නැහැ. මොකද, මේ එක්කම ගොඩක් අයගේ බිස්නස් කඩා වැටිලා තියෙන නිසයි. ඒ වගේම, ලංකාවේ හොයාගන්න අමාරු, ටෙක්නොලොජි වලට අදාළ කෑලි, සර්කිට්, ඉලෙක්ට්‍රොනික් කොටස් වගේ ඒවා ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. මේ බඩු වලින් ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගත්තා, හැදුවා. ඒ හැම අවස්ථාවක්ම ඉස්සරහට නැති වෙලා යන්න පුළුවන්.

    මේ කාරණා අපේ කන්ට්‍රෝල් එකෙන් එළියේ තියෙන්නේ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. මේ වෙලාවේ තියෙන තත්ත්වය ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබිලා ඇති කියලා විශ්වාස කරනවා.

    යාළුවො එක්ක share කරගන්න

    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්.
    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්. ඒකට හේතුව සහ නරඹන ආකාරය ගැන තොරතුරු දැනගන්න.
    අද රෑ, ඒ කියන්නේ සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා අලුයම දක්වා, අහසේ අපූරු දසුනක් දැකගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ අපූරු සංසිද්ධිය තමයි “රක්ත චන්ද්‍රයා” (Blood Moon). මේක ඇත්තටම පූර්ණ චන්ද්‍රග්‍රහණයක්.

    රෑ අහස බලන්න! පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: දුර්ලභ “Blood Moon” ශ්‍රී ලංකාවටත් පැහැදිලිව පෙනේ

    Blood Moon

    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන
    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන සියලු තොරතුරු මෙතැනින් කියවන්න.
    ඇමෙරිකානු හමුදාව කියන්නේ හැමදාම ලෝකයේ අවධානය දිනාගන්න සමත් කණ්ඩායමක්. ඒ අතරින් Operation Midnight Hammer කියන මෙහෙයුම යුද ඉතිහාසයේ ඉතාම දක්ෂ මෙහෙයුමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

    ඇමෙරිකාවේ B-2 Spirit බෝම්බකරුවන් ඉරානයට පහර දුන් අයුරු – Operation Midnight Hammer

    Operation Midnight Hammer

    අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.

    ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, දක්ෂතාවය සහ අභිමානය ලොවට විදහා දක්වමින්, අංජානා හීනටිගල, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.