මේ mission එකට උදව් කරන්න NASA එකෙන් ස්වේච්ඡා සේවකයන් ගෙන්වනවා. ඔයාට අවශ්‍ය equipment තියෙනවා නම්, මේ ගමන යන අභ්‍යවකාශ යානය track කරන්න උදව් කරන්න පුළුවන්.
පහුගිය සතියේ NASA එක කිව්වා, Orion spacecraft එකේ radio signals track කරන්න පුළුවන් ground stations තියෙන ස්වේච්ඡා සේවකයන්ව එයාලා හොයනවා කියලා.
මේකට S-band radio signals (deep space radio broadcast) capture කරලා, Doppler data පාවිච්චි කරලා අභ්‍යවකාශ යානය යන දිශාවයි, වේගයයි track කරන්න පුළුවන් වෙන්න ඕනේ.
දවස් හතරක්, ස්වේච්ඡා සේවකයන්ට Orion spacecraft එක චන්ද්‍රයාට ගිහින් ආපහු එනකොට, ඒකේ S-band signals record කරලා, ඒ විස්තර NASA එකට දෙන්න පුළුවන්.
මේ mission එකට යන crew එකේ ඉන්නේ ඇමරිකානු astronauts ලා වන Reid Wiseman, Victor Glover, සහ Christina Hammock Koch, ඒ වගේම Canadian astronaut කෙනෙක් වන Jeremy Hansen.
NASA එකේ Space Communication and Navigation අංශයේ deputy associate administrator වන Kevin Coggins, මේ අවස්ථාව ගැන මෙහෙම කිව්වා.
“මේ අවස්ථාව aerospace community එකට ලබා දීමෙන්, අපිට රජයෙන් පිට තියෙන tracking පහසුකම් මොනවද කියලා identify කරගන්න පුළුවන්.”
NASA එක SpaceX වගේ private companies එක්ක වැඩියෙන් වැඩ කරන නිසා, private tools පාවිච්චි කරලා බලන්න එයාලට අවශ්‍යයි. ස්වේච්ඡා සේවකයන් track කරන හැම radio signal එකක්ම, අනාගත mission වලදීත් මේ සියල්ල හරියට වැඩ කරනවාද කියලා බලාගන්න උදව් වෙනවා.
මේක අලුත් අදහසක් නෙවෙයි. 2022 අග භාගයේදී මිනිස්සු නැතුව ගිය Artemis I mission එකේදී ස්වේච්ඡා සේවකයන් 18 දෙනෙක් දවස් 25ක්ම spacecraft එක track කළා. ඒක සාර්ථක වුණ නිසා, මිනිස්සු යන මේ mission එකටත් ඒකම කරන්න NASA එක තීරණය කළා.
NASA වෙබ්සයිට් එක හරහා ඕනෑම කෙනෙකුට apply කරන්න පුළුවන් වුණත්, ඔයාට මේ technical equipment manage කරන්න අවශ්‍ය සුදුසුකම් තියෙන්න ඕනේ.
ඒ වගේම one-way tracking වලත් experience තියෙන්න ඕනේ. ඒ නිසා මේ volunteer list එකට private organizations, space agencies, සහ universities වැඩිපුර එකතු වෙයි කියලා තමයි කියන්නේ.