...
ඇර සොයිසා

නවතම ලිපි

ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.

සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

කාන්තිට කිරිදෙන කෑල්ල ආවට තන් දෙක තියෙන්නේ පිටට ඇලිලලු, මූණ බාගෙට තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේලු, පුක ලෑල්ලලු, නැමිච්ච ඇල්පෙනිත්තක් වගේලු, නාකි හූනියෙක් වගේළු. ඔන්න ඕවා තමා මේ කතාවට අදාලව කාන්තිගේ රුව වර්ණනාව දිගහැරෙන්නේ.

ඒත් කාන්තිට හදවතින්ම ලව් කරන්න දෙන්නෙක් ඉන්නවා, ඒ තමා ගෙදර බෝර්ඩින් කාරයෝ දෙන්නෙක් උන සල්ලි නැතත් ආදරයෙන් හදවත පොහොසත් කොට ඩෑල් එකක් උන සොයිසා (ෆ්‍රෙඩී) සහ උස මහත හයේ හතරේ සල්ලි කාර මුදලාලි කෙනෙක් උන වඩිගපටුන (පියදාස විජේකෝන්) මුන් දෙන්නාගෙන් කාන්තිගේ අම්මා කැමති අලිමහත වඩිගයට දුව දෙන්න ඒත් කාන්තිගේ කැමැත්ත කොට සොයිසට.

ඕං ඕක තමා තුන් කොන් ආදර කතාව.

චිත්‍රපටිය තමා 1984 අවුරුද්දේ බොක්ස්ඔෆිස් වාර්තා බිඳහෙලූ හර්බට් රංජිත් පීරිස් මහත්තයාගේ “ඇර සොයිසා” චිත්‍රපටිය.

චිත්‍රපටියේ ප්‍රධාන නිළිය කාන්තී කිරිදෙනට රඟපාන්නේ ලංකාවේ හිටිය දක්ෂ විකට නළුවෙක් උන රාජු කුමාරසිංහ , රාජු මේ චිත්‍රපටියේ ම චිත්‍රපටියේ මගදී එකතුවෙන “ටාසන් ” කියන චරිතෙත් රඟපානවා. ඔහුගේ දක්ෂ රංගනය නිසාම චරිත දෙක කරන්නේ එක්කෙනෙක් කියලානම් අපිට හොයාගන්න අමාරුයි. රාජු ගැන වර්තමානයේ නම් තොරතුරු හොයාගන්නටත් අමාරුයි.

චිත්‍රපටිය කාන්ති සහ ශාන්තිගේ අම්මා නොහොත් චිංචිමානවිකාව වෙන්නේ ලිලියන් එදිරිසිංහ , තාත්තා විදිහට බී.එස්.පෙරේරා රඟපානවා. සොයිසාගේ යාළුවෝ විදිහට විමල් කුමාරද කොස්තා “කොස්තා” විදිහටත්, දොන් සිරිසේන “දොන්” විදිහටත් රඟපානවා.

ඉතින් චිත්‍රපටිය අවසානයේ කාන්ති කිරිදෙන හිමිවෙන්නේ සොයිසටද වඩිගයටද කියලා දැන ගන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

දැන් හැදෙනෙ බලෙන් කුචුකවාගෙන හිනාවෙන්න ඕන චිත්‍රපටි වගේනම් නෙවේ ඉතින් මේවා. ආයේ ඉතින් වචනාර්තයෙන්ම පට්ටම කොමඩි.

හැබැයි චිත්‍රපටියේ සමහර දෙබස් කුණුහරප ගෑවී නොගෑවී යන නිසා පොඩි අය එක්ක බලනවානම් පරිස්සමින්

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.