සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 13 වන දා සිට 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
මේෂ ලග්නය
මේෂ ලග්නයට මේ සතිය ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න වෙන සතියක්. ඔබ වෙනදාට වඩා කාර්යබහුල වුණත්, වැඩ කීපයක් සාර්ථක කරගන්න පුළුවන්.
ආර්ථික අපහසුතා ඇති වුණත් ඒවා ජය ගන්න අවස්ථා ලැබෙනවා. මේ සතියේදී ඥාතීන්ගෙන් සහ හිතවතුන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා.
විවාහ බලාපොරොත්තු සහිත අයට නොසිතූ බාධක ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් වෙනුවෙන් ටිකක් වැඩිපුර කාලය වැය කරන්න සිදුවෙයි.
රැකියා කටයුතු වල සැලසුම් කීපයක් වෙනස් කරන්න වෙන බවක් පෙනෙනවා. ඒ වගේම රැකියාවට අමතර ආදායම් මාර්ගයක් ගැනත් හිත යොමු වෙයි.
කලා සහ සෞන්දර්ය අංශවලින් හොඳ දක්ෂතා පෙන්නන්න පුළුවන්. අධ්‍යාපනයට තිබුණු බාධා ඉවත්වී යනවා.
සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනකොට, ශරීරයට මහන්සියක් දැනෙන්න පුළුවන්. රුධිරගත සීනි මට්ටම වගේම පපුව, පෙනහළු ආශ්රිත ආබාධ ගැනත් සැලකිලිමත් වෙන්න.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ට මේ සතියේ හිතේ සැනසිල්ල ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි උත්සාහයෙන් වැඩ කරන සතියක් නිසා ගෙදර දොරේ වැඩ කටයුතු හොඳින් කරගන්න පුළුවන්.
මේ සතියේ විශේෂ කෙනෙක්ගේ ඇසුරක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. නෑදෑයෙකුගෙන් උදව් උපකාර හිමි වෙනවා. තීරණ ගන්නකොට ටිකක් දුරදිග බලලා වැඩ කරන එක වැදගත්.
රැකියාවේදී වෙහෙසකාරී බව නිසා සැලසුම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් පරක්කු වෙමින් තිබුණු රැකියා බලාපොරොත්තුවක් නම් ඉෂ්ට වෙන්න ඉඩ තියෙනවා.
ගණිත සහ තාක්ෂණික අංශවලින් හොඳට දක්ෂතා පෙන්වන්න පුළුවන්. උසස් අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධව සුභ ආරංචියක් අහන්න ලැබෙයි.
සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කළොත්, සෙම් රෝග සහ උගුර ආශ්රිත ආබාධ ඇති වෙන්න ඉඩ තියෙනවා. හිසේ අමාරු සහ අජීර්ණ තත්ත්වයන් ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි.
මිථුන ලග්නය
මිථුන ලග්නයට මේ සතියේ මුදල් ගනුදෙනු වලදී ටිකක් කල්පනාකාරී වෙන එක වැදගත්.
සිතේ තිබුණු අවිවේකී බව නැතිවෙලා යන නිසා අලුත් යහළුවන් හඳුනාගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම සහෝදර සහෝදරියන්ගෙන් උදව් ලැබෙයි.
දරුවෙකු පිළිබඳ සතුටුදායක ආරංචියක් අහන්න ලැබෙයි. විශේෂයෙන්ම, කාන්තාවකගෙන් බලාපොරොත්තු වුණ දෙයක් ලැබෙන්න තියෙනවා.
රැකියාවේ වගකීම් වැඩි වුණත්, උනන්දුවෙන් වැඩ කරන සතියක්. රැකියා අපේක්ෂාවෙන් ඉන්න අයට මේ සතිය සුබයි. අතමිට සරු කරගන්න පුළුවන් ස්වයං රැකියාවක් ගැනත් හිත යොමු වෙයි.
නව දැනුම සොයා කටයුතු කරන නිසා විදෙස් අධ්‍යාපනයට වගේම අලුත් භාෂාවක් ඉගෙන ගන්නත් මේ සතිය හොඳයි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, පාද ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. සම ආශ්රිත බිබිලි, කැසීම් වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. ඌෂ්ණාධික ආහාර ගන්නකොටත් ප්‍රවේශම් වෙන්න.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ට මේ සතියේ වියදම් සම්බන්ධයෙන් ටිකක් කල්පනාකාරී වෙන එක හොඳයි. පැරණි සම්බන්ධකමක් නැවත අලුත් වෙන්න පුළුවන් වගේම, අලුත් හිතවත්කම් ඇති කරගන්නත් ඉඩ ලැබේවි.
ගෙදර දොරේ වැඩ කටයුතු වැඩි වෙන සතියක්. ඒ වගේම පවුලේ වගකීමක් දරන්නත් සිදුවෙයි.
හදිසියේ ගන්නා තීරණ නිසා පාඩු වෙන්න ඉඩ තියෙන නිසා ඉවසීමෙන් සහ දුරදිග බලා කටයුතු කරන එක වැදගත්. නොසිතූ ගමනක් යෙදෙන්නත් පුළුවන්.
රැකියාවේ තිබුණ කාර්යබහුලත්වය සහ වෙහෙසකාරී බව තරමක් අඩු වෙන බවක් පෙනෙනවා. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ සතිය සුබයි.
ආරක්ෂක අංශයේ රැකියා මාර්ගවලට යොමු වෙන්නත් කටයුතු සැලසෙයි. රැකියාවට අමතරව ආදායම් මාර්ගයක් ගැනත් ඔබ හිත යොමු කරයි.
අධ්‍යාපන කටයුතු වල වෙනදාට වඩා උනන්දුවක් දැකිය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, කොන්ද, තුණ්ඩිය හෝ උරහිස් ආශ්රිත ආබාධ ඇතිවිය හැකියි. සෙම් රෝග උත්සන්න වෙන්න පුළුවන්. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් නිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ට මේ සතියේ පවුලේ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසෙන්න සිදුවෙයි. ඔබ විශ්වාසය තබා සිටි කෙනෙකුගෙන් බලාපොරොත්තු කඩවීමක් නිසා සිතේ කණගාටුවක් ඇති වෙන්න පුළුවන්.
අලුත් පුද්ගලයෙක් හමුවීමටත් ඉඩ තියෙනවා. නිතර යන එන ගමන් වලදී වගේම ගෙදර දොරේ අලුත්වැඩියා කටයුතු වලදීත් සැලකිලිමත් වීම වැදගත්.
සති අගදී සැලසුම් කරගෙන තිබූ වැඩක් අතපසු වෙන්න ඉඩ තියෙනවා.
රැකියාවේ තිබුණ වෙහෙසකාරී සහ බාධාවන් මඟ හැරිලා යන සතියක්. රැකියාවේ වගකීම්වල වෙනසක් වෙන්න පුළුවන් නිසා කල්පනාකාරී වෙන්න.
නව ව්‍යාපාර අරඹන්නත් මේ සතිය සුබයි. අතේ මහන්සියෙන් කරන රැකියා කරන අයට හොඳ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි, අලුත් රැකියා බලාපොරොත්තු නම් ටිකක් පරක්කු වෙන්න පුළුවන්.
අලුත් දේ ඉගෙන ගන්න ආසාවක් ඇති වෙයි. උසස් අධ්‍යාපනයට තිබුණ බාධා නැතිවෙලා යනවා.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශාරීරික මහන්සියක් දැනෙන්න පුළුවන්. ආමාශය, පාද ආශ්රිත රෝග සහ ඌෂ්ණ රෝග ගැනත් සැලකිලිමත් වෙන්න.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ට මේ සතියේ මුදල් සම්බන්ධයෙන් තිබුණ ගැටළුවක් විසඳිලා යනවා. වියදම් නම් ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. හදිසි ලැබීම් කිහිපයක් පවා සිදුවිය හැකියි.
ඔබගේ සතුරු කරදර යටපත් වෙනවා වගේම, අන් අය අතර ජනප්‍රිය වෙන්නත් ඔබට අවස්ථාව ලැබෙයි. ප්‍රමාද වුණ වැඩ කීපයක් සාර්ථක කරගන්න මේ සතිය සුබයි.
පවුලේ තිබුණ මත ගැටුම් විසඳී යන බවක් පෙනෙන අතර, මංගල යෝජනා හෝ ආදර සබඳතා ඇතිවෙන්නත් ඉඩ තියෙනවා.
රැකියාවේ තිබුණ බාධා මඟ හැරිලා යන සතියක්. ඔබ රැකියා ස්ථානයේ කැපී පෙනෙන බවක් පෙනේ. රැකියාවක් වෙනුවෙන් වෙනත් පළාතකට යන්නත් සිදුවෙන්න පුළුවන්.
ඉගෙනීමට තිබුණ කම්මැලි ගතිය නැතිවෙලා යනවා. සංගීත, කලා අංශවලට වැඩි කැමැත්තක් දක්වයි. දැනුම දියුණු කරගන්න අවස්ථාත් ලැබෙයි.
සෞඛ්‍ය පැත්තෙන් උගුර, පාද සහ සෙම් රෝග උත්සන්න වෙන්න පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ට මේ සතියේ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලීම ඉතා වැදගත්.
නිතර ඔබ සොයා එන අයෙක් නිසා කරදරකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වගේම, සහෝදරයෙකුගේ කටයුත්තක් නිසා සිතේ නොසන්සුන්කමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත්, ඔබේ වැඩ කටයුතු ඉක්මනින් කර ගැනීමට අවශ්‍ය උදව් උපකාර ලැබෙයි.
දරුවෙකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් කටයුතු කරන අතර, අසරණ කෙනෙකුට පිහිට වෙන්නත් අවස්ථාව ලැබෙයි.
රැකියාවේදී වෙනදාට වඩා උනන්දුවෙන් වැඩ කරන බවක් පෙනෙනවා. රැකියාවක් හේතුවෙන් දුර පළාතකට යන්න සිදුවෙයි.
ජලය ආශ්රිත රැකියා බලාපොරොත්තු වන අයට සහ විදේශ රැකියා බලාපොරොත්තු වූවට සුබ ආරංචි අසන්නට ලැබෙයි.
අධ්‍යාපන කටයුතු වල උනන්දුව තරමක් අඩු විය හැකි වුවත්, කණ්ඩායම් වැඩසටහන් වලට සම්බන්ධ වීමට ඉඩ ලැබේ.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, සෙම් රෝග උත්සන්න වෙන්න පුළුවන්. උරහිස සහ කොන්ද ආශ්රිත ආබාධ ඇතිවිය හැකි අතර, රුධිරගත සීනි මට්ටම සහ අධි රුධිර පීඩනය ගැන සැලකිලිමත් වීම වැදගත්.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ට මේ සතියේ නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වීම වැදගත්. පවුලේ අය අතර හොඳ හිත දිනා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
පරම්පරාගත දේපළ ප්‍රශ්නයක් නිරවුල් කරගන්න අවස්ථාව ලැබෙන අතර, ප්‍රමාද වූ පොරොන්දු ගිවිසුමක් සාර්ථක වෙයි.
දරුවන්ගේ දියුණුව දැක සතුටට පත් වන කරුණු යෙදෙනවා. අලුත් රැකියා බලාපොරොත්තු ඇති අයට මේ සතිය සුබයි.
රැකියාවේදී දුරදිග සිතා බලා කටයුතු කිරීම වැදගත්. ඔබ කරන වැඩ නිසා ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වෙයි. පිරිස් පාලන ක්ෂේත්රයේ රැකියා මාර්ග වලට යොමු වෙන්න අවස්ථා සැලසේ.
අධ්‍යාපන කටයුත්තක් නිසා නිවසින් බැහැරව සිටින්නට සිදුවිය හැකි අතර, උසස් අධ්‍යාපනය ගැන තීරණ ගැනීමේදී සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, ශාරීරික වෙහෙස මහන්සියක් දැනෙන්න පුළුවන්. ඌෂ්ණාධික රෝග සහ මුත්‍රා ආශ්රිත ආබාධ ගැනත් සැලකිලිමත් වීම වැදගත්.
ධනු ලග්නය
ධනු ලග්න හිමියන්ට මේ සතියේ සමාජ සේවා කටයුතු වලදී ඉතා කල්පනාකාරී විය යුතුයි. ඔබ යන එන තැන කැපී පෙනෙන ආකාරයේ කටයුතු කිහිපයක් යෙදෙනවා.
පැවති වගකීමකින් නිදහසක් ලැබෙන අතර, නෑදෑයෙකුගෙන් උදව් උපකාර හිමි වෙයි. පවුලෙන් දුරස්ව සිටි අයෙකු නැවත සමීප වීමේ ඉඩක්ද පවතිනවා.
ඔබගේ උගත්කමට සරිලන රැකියා බලාපොරොත්තු ඉටුවන බවක් පෙනේ. රැකියාවේ රාජකාරී පැහැරහැරීම් සිදුවිය හැකි නිසා සතිය මැදදී විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථාන මාරුවක් සිදුවෙන්නත් පුළුවන්.
ආර්ථික අතින් දියුණුවක් ගෙන දෙන ස්වයං රැකියා සඳහා යොමුවන බවක්ද පෙනෙනවා.
ඉගෙනීම් කටයුතු වලට සුළු බාධා තිබුණත් උනන්දුවෙන් වැඩ කරයි.
සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත්, ගන්නා ආහාර පාන ගැනත්, රුධිරගත සීනි මට්ටම ගැනත් සැලකිලිමත් වීම වැදගත්.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ට මේ සතියේ අමනාප වී සිටි අයෙක් නැවත සුහද වෙයි. නව හිතවත්කම් ඇති කර ගැනීමටත්, සමාජ සේවා කටයුතු සඳහා එක්වීමටත් අවස්ථාව ලැබෙයි.
පවුලේ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරන අතර, බාල සහෝදරයන්ගෙන් උදව් උපකාර හිමි වේ. ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැකි අතර, විදෙස් හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවීමේ ඉඩක්ද පවතිනවා.
රැකියාවේ ලිපි ලේඛන සම්බන්ධව ගැටළු ඇතිවිය හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී වීම වැදගත්. ඔබේ උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදෙන අතර, සෞන්දර්යාත්මක රැකියාවලට සහ විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ට මේ සතිය සුබයි.
අධ්‍යාපනයට තිබුණු ගැටළුකාරී තත්ත්වයන් මඟහැරී යනවා.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, සෙම් රෝග උත්සන්න විය හැකියි. ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතු අතර, හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වීම වැදගත්.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ට කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉටු කර ගැනීමට මේ සතියේදී අවස්ථාව ලැබෙනවා.
නව මිතුරු සබඳතා ඇතිවන අතර, පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. ලියකියවිලි සම්බන්ධ කටයුතු වලදී ගැටළු ඇතිවිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී වන්න.
රැකියාවේ කටයුතු උනන්දුවෙන් කරන අතර, උසස් වීම් බලාපොරොත්තු වූ අයට සුබ ආරංචි ලැබෙන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග වලට යොමුවීමටත් හේතු යෙදේ.
උගත් දෙයින් ප්‍රයෝජන ගැනීමට ලැබෙන කාලයක්. ගණිත, තාක්ෂණික අංශ වලින් ජයග්‍රහණ අත් කර ගන්නා බවක් පෙනේ.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශාරීරික වෙහෙස මහන්සිය මඟහැරී යන බවක් පෙනුණත්, උණ රෝග සහ කරකැවිලි ගති ඇතිවිය හැකියි. හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න.
මීන ලග්නය
මීන ලග්න හිමියන්ට මේ සතියේ සිතේ ප්‍රබෝධයෙන් කටයුතු කළ හැකියි. විශේෂ අයෙකුගේ හමුවීමක් සිදුවිය හැකි අතර, පවුලේ වගකීමක් තමා වෙත පැවරීමේ ඉඩක් පවතිනවා. පවුලේ සතුට වෙනුවෙන් කැප වන අතර, අලුත් දෑ මිලදී ගන්නටත් ඉඩ ලැබෙයි.
රැකියා කටයුතු වලදී දුරදිග බලා කටයුතු කිරීම වැදගත්. ඔබ කරන වැඩ නිසා අන් අයගේ ප්‍රශංසාවට ලක්වෙන්නත් ඉඩ තිබෙනවා.
උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරන අතර, කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගැනීමටත් අවස්ථාව ලැබෙයි. උසස් අධ්‍යාපනය වෙනුවෙන් දුර පළාතකට යන්නත් සිදුවිය හැකියි.
සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලුවොත්, නින්දට බාධා ඇතිවිය හැකි අතර, උදරය හෝ බෙල්ල ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැකියි. සෙම් රෝග උත්සන්න වන බවක් පෙනෙනවා. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකි නිසා පරිස්සමෙන් සිටින්න.