...

නවතම ලිපි

ලෝකයේ වයස්ගතම මෘදුකාංග නිර්මාණ කරන ජපන් මසාකෝගේ කතාව

මසාකෝ වකාමියා යනු ජපානයෙ ජීවත් වන 81 හැවිරිදි කාන්තාවක්, ඇය කිසිදු දෙයකට වයස බාධකයක් නොවන බව ඔප්පු කරලා තියෙනව. ඇය ඇගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඇබැකස් (abacus) නම් සරල ගණන් කිරීමේ මෙවලමක් භාවිතා කරමිනි. එහෙත් ඇය සැමවිටම නව දේවල් ඉගෙන ගැනීමට ආසාවක් දක්වා තියෙනවා.

වැඩිහිටි බොහෝ දෙනෙකුට තාක්ශනය කියන එක භාවිතය අපහසු බව දැකගත් මසාකෝ ඔවුන්ට උදව් කිරීමට තීරණය කළා. ඇය පරිගණක ප්‍රෝග්‍රෑමින් (programming) ඉගෙන ගැනීමට පටන් ගත්තා, එය ඇයට අලුත් දෙයක් වුවත්. එය ලේසි නොවූවත්, ඇය කැපවී වැඩ කළා සහ කිසි විටෙකත් අත්හැරියේ නෑ.

පරිගණක ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගැනීමෙන් පසු, ඇය ඇගේ පළමු ඇප් එක නිර්මාණය කළේ 81 වියේදීය. එම ඇප් එකේ නම “Hinadan” යන්නයි. එය ජපානයේ සම්ප්‍රදායික “Hina Matsuri” උත්සවයට සම්බන්ධ ක්‍රීඩාවකි. මෙම ඇප් එක වැඩිහිටි අයට සරලව තාක්ෂණය භාවිතා කරන ආකාරය ඉගැන්වීමට උපකාරී වේ.

මසාකෝගේ කතාව මිලියන ගණනක් අයව ආශ්වාසයට පත් කර ඇත. ඇය පෙන්වා දෙන්නේ ඉගෙන ගැනීමට වයස කිසිදු සීමාවක් නැති බවයි. ඇගේ ඉලක්කය වන්නේ වැඩිහිටි අයට තාක්ෂණය සමඟ විශ්වාසයෙන් ඉදිරියට යාමට උපකාර කිරීමයි. ඇය සැම දෙනාවම උනන්දුවෙන් නව දේවල් උත්සාහ කරන ලෙස දිරිමත් කරයි.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.