...

නවතම ලිපි

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ හැටි" අසාර්ථක වූයේ ඇයිදැයි දැනගන්න.

රාජපක්ෂලා සහ මහාචාර්‍යතුමා අතින් විනාශ වූ ගොළු හදවත 2: බඹා කෙටූ හැටි

මේ කතාවේදී ප්‍රේමය අහිමිවීමත් එක්ක දුක් විදින සුගත්ගේ මනෝභාවය ගැන තමයි විස්තර කෙරෙන්නේ . මම ඔක්කොම කතාව කියන්න ගියොත් ස්ටෝරි එක ස්පොයිල් වෙන නිසා කතාව කියන්නේ නෑ.

ඔහුගේ මේ ගොළු හදවත කතාව මුල් කරගෙන 1969 අවුරුද්දේදී ලෙස්ටර් ජේමිස් පීරිස් අතින් “ගොළු හදවත” චිත්‍රපටිය නිර්මණය වෙනවා. මේ චිත්‍රපටිය අතිශයින් සාර්ථක එකක් වෙනවා සේම මූල්‍යමය අතින් අස්ථාවරව සිටි ලෙස්ටර් මහත්තයාව ගොඩදාලා දෙන්නේත් මේ “ගොළු හදවත” චිත්‍රපටිය තමයි.

චිත්‍රපටිය තුල දම්මීගේ චරිතය ජීවමාන කරේ අනුලා කරුණාතිලක වන අතර, මිනිස්සුන්ගේ හිත්මානයට ඇගේ රුව දම්මී ලෙස රෙජිස්ටර් වෙන්නත් මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම බලපෑවා.

කොහොම නමුත් ඉන් වසර කීපයකට පස්සේ කරුණාසේන ජයලත් අතින් ලියවුන ගොළු හදවත නවකතාවේ දෙවන පරිච්ඡේදය වූ බඹා කෙටූ හැටි නවකතාවත් චිත්‍රපටියකට නැගෙනවා.

1981 වසරේ තිරගතවීම ඇරඹි මේ චිත්‍රපටිය අධ්‍යකෂණය කරන්නේ සම්මානිත මහාචාර්‍ය සුනිල් ආරියරත්න විසින්. මෙය නිෂ්පාද‍ය කරනු ලබන්නේ එවකට සිටි දේශපාලනඥයකු වූ ඩී.එම්. රාජපක්ෂගේ පුතෙකු වන ජෝර්ජ් රාජපක්ෂගේ බිරිද වන ලලිතා පද්මිනී රාජපක්ෂ වන අතර නිෂ්පාදකවරිය සහ සිනමාහල් හිමියන් අතර වූ ආරවුලක් හේතුවෙන් මේ චිත්‍රපටියට තිරගත වීමටත් පෙර අර්බුදයකට ලක්වී තිබුණා.

ගොළු හදවත චිත්‍රපටියේ දෙවන කොටස ලෙස මෙහි ප්‍රචාරන කටයුතු සිදු කරත්, මුල් චිත්‍රපටයේ සිටි නළු නිළියන් අතරින් කිසිවෙක් මේ චිත්‍රපටිය සඳහා සම්බන්ද වී සිටියේ නෑ. ඒ අනුව ධම්මි ලෙස අනුලා කරුණාතිලක රඟපෑ චරිතය මෙහි රඟපෑවේ මාලිනී ෆොන්සේකා විසින් , සුගත් ලෙස වික්‍රම බෝගොඩ රඟපෑ චරිතය මෙහි රඟපෑවේ ධර්මසිරි බංඩාරනායක විසින්.

ඒ වගේම නිෂ්පාදකවරියගේ දියණිය වූ පසුකාලීනව දේශපාලනයට පිවිසි නිරූපමා රාජපක්ෂත් මේ චිත්‍රපටියේ චරිතයක් නිරූපනය කලා. රවින්ද්‍ර රන්දෙණිය, රුක්මනී දේවි, මැනික් කුලකුලසූරිය, ජෙනීටා සමරවීර, සමන්ති ලැනරෝල් සෙසු චරිත නිරූපනය කරා.

මාලිනීට කෙතරම් තරු ගුණය තිබුනත්, දම්මි ලෙස අනුලා කරුණාතිලකගේ ආකර්ශනයට මාලිණීට ලගාවීමටවත් නොහැකිවූ අතර, ඒ වගේම අසාර්ථක තිර රචනය සහ අතාත්වික රංගනයන් නිසා මේ චිත්‍රපටියට අසාර්තක චිත්‍රපටියක් ලෙසයි ලාංකීය සිනමා ඉතිහාසයට එක්වන්නේ.

පළවෙනි ෆිල්ම් එක සුපර් හිට් එකක් වෙද්දී දෙවෙනි ෆිල්ම් එක ෆ්ලොප් එකක් වෙන්නේ ඔන්න ඔහොමයි.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.