මේ දවස්වල පිස්සුවෙන් වගේ බඩු ගන්න “Temu” Amazon සහ Shein පරදවන ආකාරය

වසරක් වගේ කෙටි කාලෙකින් Temu ඇමරිකාවෙ මිලියන 51ක මාසික සක්‍රීය පරිශීලකයින් ලබා ගත්තා. ඒක Amazonලගේ මිලියන 67ට කිට්ටු ගාණක්. Amazon සමාගමට ඒ ගාණට එන්න දශක ගණනක්

Temu, Amazon and Shein

මේ දවස්වල පිස්සුවෙන් වගේ බඩු ගන්න “Temu” Amazon සහ Shein පරදවන ආකාරය

වසරක් වගේ කෙටි කාලෙකින් Temu ඇමරිකාවෙ මිලියන 51ක මාසික සක්‍රීය පරිශීලකයින් ලබා ගත්තා. ඒක Amazonලගේ මිලියන 67ට කිට්ටු ගාණක්. Amazon සමාගමට ඒ ගාණට එන්න දශක ගණනක් ගියා. මාස හයක් වගේ කාලෙකින් Temu, Shein අවුරුදු අටකින් ගත්තට වඩා පරිශීලකයින් ගත්තා. ඒක එතනින් ඉවරයක් නෑ. Temu දැන් ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳපොළේ ප්‍රධාන බලවේගයක් වෙන්නයි හදන්නේ. ඇත්තටම Amazon […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    වසරක් වගේ කෙටි කාලෙකින් Temu ඇමරිකාවෙ මිලියන 51ක මාසික සක්‍රීය පරිශීලකයින් ලබා ගත්තා. ඒක Amazonලගේ මිලියන 67ට කිට්ටු ගාණක්. Amazon සමාගමට ඒ ගාණට එන්න දශක ගණනක් ගියා. මාස හයක් වගේ කාලෙකින් Temu, Shein අවුරුදු අටකින් ගත්තට වඩා පරිශීලකයින් ගත්තා.

    ඒක එතනින් ඉවරයක් නෑ. Temu දැන් ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳපොළේ ප්‍රධාන බලවේගයක් වෙන්නයි හදන්නේ. ඇත්තටම Amazon නොවන ඕනෑම කෙනෙක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද Temu ලාබෙට බඩු චීනෙන් එවන එකනේ මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ.

    ඒත් කොහොමද මේ අලුත් නම මාස කීපයකින් බිලියන ගණන් වටිනා brand එකක් වුණේ? කවුරුත් දන්නේ නැතිව හිටපු Temu වාර්තාගත කාලයකින් ලෝකේ පුරා මිලියන 161ක් පරිශීලකයින් ගත්තේ කොහොමද?

    Temu ආරම්භය

    Temu කතාව පටන් ගන්නේ ඇප් එකෙන් නෙවෙයි. ඒකේ මව් සමාගම තමයි Pinduoduo. මේක චීනයේ සාර්ථක විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවක්. කොලින් හුවාං විසින් 2015දී ආරම්භ කරපු Pinduoduo, ඉක්මනට චීනයේ ස්ථාපිත විද්‍යුත් වාණිජ්‍ය දැවැන්තයින් අතරට ආවා. ඒ Alibaba, JD.com වගේ අයත් එක්ක තරඟ කරමින්.

    Pinduoduoගේ විශේෂ ව්‍යාපාර ආකෘතිය එයාව අනිත් අයගෙන් වෙන් කරලා පෙන්නුවා. එයාලා අවධානය යොමු කළේ සමාජ වාණිජ්‍යයට. ඒ කියන්නේ පරිශීලකයින් කණ්ඩායම් විදියට බඩු ගන්න එක දිරිමත් කළා හොඳ වට්ටම් ගන්න. මේක මිල ගැන සංවේදී චීන පාරිභෝගිකයින්ට ආකර්ෂණය වුණා විතරක් නෙවෙයි, viral සාප්පු සවාරි අත්දැකීමකුත් නිර්මාණය කළා. 2021 වෙනකොට Pinduoduo චීනයේ ඉහළම විද්‍යුත් වාණිජ්‍ය වේදිකා තුන අතරට ආවා. මිලියන 700කට වඩා පරිශීලකයින් හිටියා.

    චීනයේ තරඟකාරී විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳපොළ තුල ලැබූ සාර්ථකත්වයත් එක්ක, Piduoduo සමාගමේ නායකත්වය ජාත්‍යන්තර ව්‍යාප්තිය ගැන හිතන්න පටන් ගත්තා. Amazon වගේ ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවල සාර්ථකත්වය දැකලා, එයාලට අවස්ථාවක් පෙනුණා එයාලගේ ආකෘතිය විදේශවලට, විශේෂයෙන් US වලට ගෙනියන්න. මොකද US පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් දැරිය හැකි විකල්ප හොයනවා Amazon වගේ විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවලට.

    Temu දිනන්නේ ඇයි?

    2022දී Piduoduo නිල වශයෙන් දියත් කළා Temu වට්ටම් ඇප් එකක් විදියට. ඒක නිර්මාණය කරලා තිබුණේ අඩු වියදම් නිෂ්පාදන, ගොඩක් දුරට චීනෙන් ලබාගත්ත ඒවා US වෙළෙඳපොළට ගේන්න. “Temu” කියන නම එන්නේ “tìmù” (提目) කියන චීන වචනයෙන්. ඒකේ දළ වශයෙන් ඉංග්‍රීසි තේරුම “ඉදිරිපත් කරනවා” හෝ “මාතෘකාවක් මතු කරනවා” වගේ දෙයක්. Temu කරන්නෙ පාරිභෝගිකයින්ව කෙලින්ම නිෂ්පාදකයින් එක්ක සම්බන්ධ කරනවා, අතරමැදියන් ඉවත් කරලා.

    ඒත් පටන් ගත්ත දවසේ ඉඳන්ම Temu උත්සහ කලේ අන්තර්ක්‍රියාකාරී සාප්පු සවාරි අත්දැකීමක් නිර්මාණය කරන්න. පරිශීලකයින්ට රෝදයක් කරකවලා තෑගි දිනාගන්න පුළුවන්, කණ්ඩායම් මිලදී ගැනීම්වලට සහභාගි වෙන්න පුළුවන්. ඒක සාම්ප්‍රදායික විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවල නැති විනෝදජනක සාප්පු සවාරි අත්දැකීමක් වුනා.

    Temu හට, Pinduoduoගේ අත්දැකීම් සහ යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගන්නත් පුළුවන් වුණා. ඒ කියන්නේ එයාලගේ විශාල සැපයුම් දාමයයි චීන නිෂ්පාදකයින් එක්ක තිබ්බ සම්බන්ධකම් පාවිච්චි කළා. මේකයි කෙලින්ම පාරිභෝගිකයාට නැව්ගත කිරීමයි නිසා Temuට තරඟකරුවන්ට වඩා අඩු වියදමකට නිෂ්පාදන ඉදිරිපත් කරන්න පුළුවන් වුණා.

    Temuගේ වර්ධන උපක්‍රම

    US වෙළෙඳපොළට අලුත් වුණත්, Temuගේ අලෙවිකරණ උපාය මාර්ගය ආක්‍රමණශීලී වුණා පටන් ගත්ත දවසේ ඉඳන්ම. Temu මිලියන ගණන් වියදම් කළා වෙළෙඳ දැන්වීම් වලට. 2023 සුපර් බෝල් එකේ පවා එක දිගට දැන්වීම් දැම්මා. සාමාන්‍යයෙන් ඒ උපාය මාර්ගය වෙන් කරන්නේ ස්ථාපිත වෙළෙඳ නාම වලටනේ.

    Temu ඇප් එක ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් වල, නිෂ්පාදන සමාලෝචන, පරිශීලක‍යන් විසින් කරන ලද content වලින් පිරී ගියා. පාරිභෝගිකයින් එයාලගේ “Temu එකතුව” බෙදාගත්තා. ඒ කියන්නේ එයාලා ලාබෙට හොයාගත්ත බඩු පෙන්නුවා. ඒක viral වුනා වගේම වචනෙන් වචනෙට යන අලෙවිකරණයටත් ඉවහල් වුණා.

    ඇත්තටම Temuගේ අලෙවිකරණ අයවැය 2023ට ඩොලර් බිලියන 1.7ක් වුණා. ඒක 2024දී ඩොලර් බිලියන 3කට වඩා වැඩි වෙයි කියලත් පුරෝකථනය කරනවා. 2023 අන්තිම වෙනකොට Temu ඩොලර් බිලියන 17ක බඩු විකුණලා තියෙනවා. ඒක Pinduoduo වෙළෙඳපොළ වටිනාකම 74%කින් ඉහළ යන්නත් සැලකිය යුතු දායකත්වයක් දුන්නා.

    Temu සහ Amazon

    ජෙෆ් බෙසෝස්ලාටයි එයාලගේ කණ්ඩායමටයි Temu පෙන්නුවා පාරිභෝගිකයින්  බඩු ඇත්තටම ලාබ නම් ඉවසීමෙන් ගන්නවා කියල. Temu කියන විදියට සාමාන්‍ය නැව්ගත කිරීම දවස් 6-22ක් යනවාලු. අධිවේගී නැව්ගත කිරීම නම් දවස් 4-11ක් යනවාලු. Amazon තාමත් US වල ප්‍රමුඛ වුණත්, Temu එක්ක තරඟ කරන්න එයාලත් වෙනස්කම් නිවේදනය කළා. 2023 අගභාගයේදී Amazon නිවේදනය කළා එයාලා විකුණුම්කරුවන්ගෙන් අය කරන ගාස්තු ඩොලර් 20ට අඩු ඇඳුම් වලට අඩු කරනවා කියලා. මේකෙන් පේනවා Amazon සැලකිලිමත් වෙනවා පාරිභෝගිකයින් සහ සැපයුම්කරුවන් වෙනත් වේදිකාවලට යන එක ගැන.

    Temu විද්‍යුත් වාණිජ්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ ආර්ථික විද්‍යාව වෙනස් කරත් සමහර විශ්ලේෂකයින් කියනවා සමාගමේ මේ වේගය තිරසාර නෑ කියලා. ඒත් සමාගමට වියදම් කරන්න මුදල් නම් තියෙනවා. ගෝල්ඩ්මන් සැක්ස් ඇස්තමේන්තු කරන විදියට Temu එක ඇණවුමකට ඩොලර් 7ක් පාඩු වෙනවාලු. සමාගම ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. එයාලා කියන්නේ එයාලගේ අඩු මිල ගණන් එන්නේ කාර්යක්ෂම මෙහෙයුම් සහ නිෂ්පාදකයින් එක්ක තියෙන හවුල්කාරිත්වයන් නිසා කියලා. ඒත් සාර්ථකත්වය වැඩි වෙනකොට විමර්ශනයත් වැඩි වෙනවානේ. 2023 වාර්තාවකින් Temu ගැන දත්ත අවදානම්, වෙළෙඳ හිඩැස් සූරාකෑම සහ බලහත්කාර ශ්‍රමය භාවිතය ගැන ගැටලු මතු කරලා තිබුණා. සමාගම කියනවා වෙළෙඳ හිඩැස් ගැන එයාලා විවෘතයි සහ සහයෝගය දෙනවා ඕනෑම ප්‍රතිපත්ති ගැලපීමකට ව්‍යවස්ථාදායකයින් පාරිභෝගික අවශ්‍යතාවලට එකඟ වෙනවා නම්. එයාලා එකතු කළා පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව ප්‍රධාන කාර්යයන් කියලා වේදිකාවේ. ඒ වගේම සදාචාරාත්මක ශ්‍රම පිළිවෙත් වලට කැපවෙලා ඉන්නවා කියලා.

    Temuට ඒ වේගවත් වර්ධනය පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද, දිගුකාලීන පාරිභෝගික විශ්වාසවන්තභාවය ගොඩනගන්න පුළුවන් වෙයිද කියන එක තාමත් අවිනිශ්චිතයි. ඒත් එක දෙයක් නම් නිසැකය, Temu අභියෝග කරලා තියෙනවා ලොකුම විද්‍යුත් වාණිජ්‍ය දැවැන්තයින්ට. ඒකත් ඉක්මනට නතර කරන්න අදහසක් නෑ වගේ.

    යාළුවො එක්ක share කරගන්න

    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth
    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth II සහ Elvis Presley ගේ Car Brand එක Top Player කෙනෙක් වුණේ මෙහෙමයි.
    වරක් එලිසබෙත් රැජින සහ Rock and Roll රජු වූ Elvis Presley වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් සඳහා කාර් නිෂ්පාදනය කළ Longbridge හි MG ෆැක්ටරිය 2005 වෙනකොට නිහඬ වෙලා තිබුණා.

    MG: බ්‍රිතාන්‍ය පුරාවෘත්තයක චීන පුනරාගමනය – සාර්ථකත්වයේ EV රහස!

    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය,
    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය, Corruption සහ National Interest ගැන සම්පූර්ණ කතාව.
    ඔයා උදේට ඇහැරිලා පාවිච්චි කරන Toothbrush එකේ ඉඳන් ගෙදර තියෙන Smart TV එක දක්වා හැමදේම Samsung වෙලා, ඔයා Stock Market එක බලන්නෙත් Samsung Phone එකෙන් Samsung Stocks නම් කොහොමට තියේද?

    Samsung හදපු තාත්තා, ලෝකෙට ගිය පුතා, සහ සිරගෙට ගිය මුණුපුරා

    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය,
    Samsung
    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය, Corruption සහ National Interest ගැන සම්පූර්ණ කතාව.
    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක්
    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක් වුණේ business ගැන ඉගෙන ගත්ත සරලම පාඩමකින්!
    මේ ලෝකයේම විශාලතම සුඛෝපභෝගී brand එක නිර්මාණය කළ දුප්පත් කොලු ගැටයාගේ කතාව තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.

    Gucci නිර්මාතෘ Guccio ගේ කතාව: අතේ සතේ නැතුව ලෝක ප්‍රසිද්ධ Brand එකක් හැදූ හැටි

    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක්
    Guccio