...

නවතම ලිපි

මාස 15ක් ඩෙනිම හෝදන්නේ නැතිව ඇඳලා සිදු කළ පරීක්ෂණය

2011 වසරේදී කැනේඩියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන ජොෂ් ලූ, ඔහුගේ ඩෙනිම් කලිසම මාස 15 ක් අඛණ්ඩව සෝදා සෝදන්නේ නැතිව සිටීමෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා.

2009 සැප්තැම්බර් සිට 2010 දෙසැම්බර් දක්වා කාලය තුළ ඔහු ඩෙනිම 330 වතාවක් සේදීමකින් තොරව ඇඳගෙන සිටි බව වාර්තා පවසනවා.

ඔහුගේ මානව පරිසර විද්‍යා මහාචාර්යවරයා එම ඩෙනිම් කලිසම 200 වතාවකට වඩා පරීක්ෂා කිරීමෙන් පසු සොයාගත්තේ අනපේක්ෂිත අපූරු දෙයකි. එනම් මූලික වශයෙන් සේදීමෙන් පසු එම කලිසමේ බැක්ටීරියා මට්ටම් දින 13 ක් ඇඳි ඕනෑම කලිසමක පවතින බැක්ටීරියාවලට සමාන බවයි.

සිත් ඇදගන්නා සුළු කරුණ වූයේ ඒ සියල්ල සාමාන්‍ය සමේ පවතින බැක්ටීරියා වීමයි. භයානක කිසිවක් හමුවී තිබුණේ නැහැ.

මෙහිදී මහාචාර්යවරයාගේ නිගමනය වූයේ යට ඇඳුම් ඇඳීම බැක්ටීරියා පැතිරීම පාලනය කිරීමට උපකාරී වී ඇති බවයි.

සුවඳ පාලනය කර ගැනීමට ජොෂ් ඉඳහිට ඔහුගේ ඩෙනිම ශීතකරණය තුළට විසි කර දැමීමට අමතක කර නැහැ.

මේ ඩෙනිම් හෝදන්නේ නැතිව අඳින කොල්ලා සමාජ සංවාදයකට හේතු වුණා වගේම ඔහු යූ ටියුබ් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ පරීක්ෂණයෙන් සොයාගත් දේ අනාවරණය කිරීමට ද කටයුතු කළා. කෙසේ වෙතත් මෙය අත්හදා බැලීමක් පමණයි. ඩෙනිම් හෝ කිසිම ඇඳුමක් හෝදන්නේ නැතුව අඳින්න කියලා කිසිවකු නිර්දේශ කර නම් නැහැ.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.