බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි ශ්‍රී ලාංකික ජැකලින් ෆර්නැන්ඩෝට වැනලන්ටයින් දිනයේදී විශේෂ තෑග්ගක් ලැබී තිබෙනවා. බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රශේඛර් විසින් වැලන්ටයින් දිනයේ ඇයට විශේෂිත ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානයක් තෑග්ගක් ලෙස ලබාදීමට ක්‍රියාකර තියෙනවා.
සුකේෂ්, සිරගෙදර සිටිමින්, ජැකලින්ට ආදර පණිවුඩයක් ද යවා ඇති බවද වාර්තා වේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ, “This Valentine’s is also extremely special because it’s just one step away from spending rest of our Valentine Days of our lives together. Baby before I say further I wanna take a moment to say, Jackie I really really love you, you are the best Valentine in the world, love you like crazy.”
තවද ඔහු සඳහන් කර ඇත්තේ, “Baby you know, how special Valentine’s Day is for us, our relationship started on the day of Valentine’s, the day where we forgave and accepted each other the way we are, this will always remain the most special day of our lives. Its Valentine how can I not surprise you baby, your Valentine’s Day present is a specially made Gulfstream Jet, with your initials JF customized on the exterior and interior. And paying the relevant gift taxes for the same, hereby making it fully legal and not any alleged proceeds of crime.”
මෙම ජෙට් යානයේ “ඣ්ෆ්” යනුවෙන් ජැකලින්ගේ නම සදහන් කර තිබෙන බවටයි ආරංචි වන්නෙ. එසේම මෙය ජැකලින් වෙනුවෙන්ම සකසන ලද පුද්ගලික ජෙට් යානයක් බවයි සදහන් වන්නේ.
සුකේෂ් 2015 සිට සිරගතව සිටින්නේ කෝටි ගණනක මුදල් වංචාවක් සිදුකළේ යැයි චෝදනා ලැබීම නිසාවෙනි. ජැකලින් හා ඔහු අතර සබඳතාවයක් තිබූ බව ඔහු පවසන අතර, ජැකලින් එය ප්‍රතික්ශේප කර සිටිනවා.