නළු නිළියන් යම් චරිතයකට පණ පෙවීමෙන් පසු ප්‍රේක්ෂක හදවත් තුළ සදාකාලිකව රැඳී සිටින්නේ, එම චරිතය ප්‍රධාන හෝ උප චරිතයක් ද යන්න මත නොව, ප්‍රේක්ෂකයන්ගේ හදවතට එය දැනෙන ආකාරය මතයි.
පුංචි තිරයේ සිටින තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වන චතූ රාජපක්ෂ, “ද ලේක්” (The Lake) ටෙලිනාට්‍යයේ ඇයගේ චරිතය පිළිබඳව මේ අදහස් පළ කළා.
Q: “ද ලේක්” ටෙලිනාට්‍යය සාම්ප්‍රදායික ටෙලිනාට්‍යවලින් වෙනස් වන්නේ කෙසේද?
A: “ද ලේක්” කියන්නේ සාම්ප්‍රදායික රූපවාහිනී නාට්‍ය රැල්ලෙන් ඔබ්බට ගිය කතාවක්. එහිදී මට ප්‍රථම වතාවට චමත්කා ලක්මිණි සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා.
චමත්කා කොහොමත් අභියෝගාත්මක චරිත රඟපාන නිළියක්. ඒ නිසා මටත් ඇයත් එක්ක රඟපානකොට ඒ අභියෝගය දැනුණා.
Q: ප්‍රේක්ෂකයන් චරිතය වැරදියට තේරුම් ගත්තේ ඇයි කියලා ඔබ හිතනවාද?
A: මම චමත්කා එක්ක අත්වැල් පටලවාගෙන බොහෝම සමීපව රඟපාන දර්ශන දැකපු ප්‍රේක්ෂකයෝ ඒක සමලිංගික ඇසුරක් විදිහට වරදවා වටහාගෙන තිබෙනවා.
අපි රඟපානකොට, අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ රඟපාන චරිතය ගැනත් බොහෝම කල්පනාවෙන් ඉන්නවා. ඒ නිසා වෙන්න ඇති මේ චරිතය වැරදියට තේරුම් ගත්තේ. ඇත්තටම අපි දෙන්නා අතර කතාවේ තියෙන්නේ බොහෝම ළෙන්ගතු බැඳීමක් පමණයි.
Q: “ද ලේක්” හි රඟපෑම ඔබට මොන වගේ අත්දැකීමක් වුණාද?
A: කොහොම වුණත් මේ නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීම මට ලොකු අවස්ථාවක් කියලයි හිතෙන්නේ. ඉතාමත් කැමැත්තෙන් හා ආශාවෙන් රංගනයට දායක වුණ නිසා මේ චරිතයට මම හුඟාක් සමීප වුණා. දර්ශනයෙන් දර්ශනයට තිබෙන කුතුහලය නිසාම මේ නාට්‍යයේ රඟපාන එක ලොකු උත්තේජනයක් වුණා.
Q: ප්‍රේක්ෂකයන් චරිතය වැරදියට වටහා ගැනීම ඔබට බලපෑවාද?
A: මෙතනදී පුංචි හරි හිත් වේදනාවක් දැනුණේ සමලිංගික පෙම්වතියක් කියලා ප්‍රේක්ෂකයෝ වැරදියට තේරුම් ගත්ත එක විතරයි.
මගේ ප්‍රතිරූපයට හානි වෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට හා රංගන වෘත්තියේ ගෞරවය රැකෙන විදිහට, සීමාවක් දාගෙන තමයි නිතරම රංගන කාර්යයේ යෙදෙන්නේ.
මේ නිසා “ද ලේක්” කියන්නෙත් ඒ සීමාව ඇතුළේ ඉඳගෙන කරපු රඟපෑමක් පමණයි. කවදාවත් මා හදාගත්තු ඒ සීමාව බිඳින්නේ නැහැ.
Q: ඔබ මුලින්ම ක්ෂේත්රයට පැමිණියේ කෙසේද? ඔබේ වෘත්තීය ජීවිතයේ ඉදිරි සැලසුම් මොනවාද?
A: මුලින්ම මම මේ ක්ෂේත්රයට ආවේ ප්රවෘත්ති නිවේදිකාවක් හැටියටයි. ඒ කාර්යය මම හරිම කැමැත්තෙන් කළත්, රංගනය කියන්නේ මම අත තිබ්බ වෙනස්ම භූමිකාවක්. ඒ භූමිකාව තමයි මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියේ. එම නිසා ඒ භූමිකාවටත් මම හරිම ආදරෙයි.
නමුත් නිළිය කියන භූමිකාව තමා ප්රේක්ෂයන්ට මාව වඩාත් සමීප කළේ. මා සතුව තිබූ රංගන හැකියාව ප්‍රේක්ෂකයා ඉදිරියේ ඔප්පු කිරීම තුළ ඔවුන් මාව නිළියක් ලෙස ආදරයෙන් පිළිගත්තා. මේ නිසා ඉදිරියටත් මගේ වැඩි කැමැත්ත රංගනය තුළින් ඉදිරියට යන්නයි. රංගනය නිසා ජීවිතේට බොහෝ දේවල් ලැබුණා කියලා මම විශ්වාස කරනවා.