...
ජස්ටින් බීබර්ගේ අලුත් ඇල්බම් එක

නවතම ලිපි

ජස්ටින් බීබර් අවුරුදු 4කට පසු ඔහුගේ අලුත්ම ඇල්බම් එක රිලීස් කරයි. පියෙක් සහ සැමියෙක් ලෙස ඔහුගේ අත්දැකීම් ගැන කියවෙන මේ ගීත එකතුව ගැන සියල්ල දැනගන්න.

ජස්ටින් බීබර්ගේ අලුත් ඇල්බම් එක “Swag” එළිදකියි

පහුගිය සිකුරාදා කවුරුත් හිතුවේ නැති වෙලාවක ජස්ටින් බීබර් එයාගේ හත්වෙනි ඇල්බම් එක වන “Swag” සර්ප්‍රයිස් විදියට රිලීස් කරලා තියෙනවා.

මේ ඇල්බම් එකේ සිංදු 21ක් තියෙනවා. අවුරුදු 31ක් වයසැති මේ ගායකයා සැමියෙක් විදියට සහ තාත්තෙක් විදියට එයාගේ අලුත් ජීවිතේ අත්දැකීම් ගැන මේ ඇල්බම් එකෙන් කතා කරනවාලු.

ඇල්බම් එක රිලීස් කරන්න කලින් ජස්ටින් එයාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ ටීසර්ස් දාන්න පටන් අරන් තිබුණා වගේම, ලෝකේ පුරාම නොයෙක් තැන්වල අද්භූත බිල්බෝඩ් පවා දාලා තිබුණා.

මේ ඇල්බම් එක ජස්ටින්ගේ “පෞද්ගලික සංගීත නිර්මාණ” අතරින් එකක් කියලා තමයි කියන්නේ.

ජස්ටින්ගේ බිරිඳ වන හේලී බීබර්, ගිය අවුරුද්දේ අගෝස්තු මාසේදී එයාලගේ පුතා ජැක් බ්ලූස් බීබර්ව බිහි කළා.

ඒ දවස්වල මාස ගණනක් පුරාම අන්තර්ජාලයේ පැතිරුණු කටකතා නිසා එයා මානසිකව හුඟක් අමාරු වුණා කියලත්, පැය 18ක දරු ප්‍රසූතියක් විඳලා දරුවෙක් හදන එක එයාගේ ජීවිතේ කරපු අමාරුම දේවලින් එකක් කියලත් හේලී Vogue සඟරාවට පහුගිය මැයි මාසයේදී කියලා තිබුණා.

“Swag” ඇල්බම් එකේ තියෙන සිංදු කීපයක නම් තමයි “Therapy Session”, “Dadz Love”, සහ “Devotion”.

මේ අලුත් ඇල්බම් එක ජස්ටින් 2021දී රිලීස් කරපු “Justice” ඇල්බම් එකට පස්සේ එන පළමු ඇල්බම් එක.

“Justice” ඇල්බම් එකේ “Hold On”, “Peaches” සහ “Anyone” වගේ යූකේ වල ටොප් 10 සිංගල්ස් තිබුණා.

මේ ඇල්බම් එක රිලීස් කරන්නේ Def Jam Recordings ලේබලය යටතේ.

තමන්ගේ යෞවන වයසේදීම ගායන ජීවිතේ පටන් ගත්ත මේ කැනේඩියානු ගායකයාගේ සිංදු 7ක් සහ ඇල්බම් 2ක් (Believe සහ Changes) UK වල Number 1 වෙලා තියෙනවා. ඒ වගේම එයාගේ “Baby”, “What Do You Mean” සහ “Sorry” වගේ සිංදු හුඟක් ජනප්‍රියයි.

ග්‍රැමී සම්මාන 23කට නිර්දේශ වෙලා සම්මාන දෙකක් දිනා ගන්නත් ජස්ටින්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ “Dan + Shay” එක්ක කරපු “10,000 Hours” සිංදුවට හොඳම country duo/group performance සම්මානය සහ DJලා වන Skrillex හා Diplo එක්ක එකතු වෙලා කරපු Jack Ü project එකේ “Where Are U Now” සිංදුවට හොඳම dance recording සම්මානය.

මේ අතරේ ජස්ටින් එයාගේම ඇඳුම් සහ ලයිෆ්ස්ටයිල් බ්‍රෑන්ඩ් එකක් වන SKYLRK එකත් මේ ළඟදි පටන් ගත්තා.

 

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.